2011 අප්‍රේල් 01  සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

අය වැය පරාද වුණොත් සභාපති-නගරාධිපති ඉවතට

මින් ඉදිරියට ප්‍රාදේශීය සභාවක හෝ නගර සභාවක අයවැයක්‌ පරාජයට පත්වුවහොත් එම ආයතනවල සභාපතිවරුන්ට සිය තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට සිදුවන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන රත්නසිරි වික්‍රමනායක මහතා පැවසීය.

ලෝක කුසලාන අවසන් මහ තරගය ඛෙත්තාරාමයේ දී

ඉන්දියාවේ මුම්බායි හා වත්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරගයට එල්ලවී ඇති ත්‍රස්‌තවාදී තර්ජන හේතුවෙන් අයිසීසීය මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව අද (01 වැනිදා) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් දෙරටේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට පැමිණේ.
Click to ZOOM
බස්‌රිය දුම්රියේ ගැටී 4 දෙනකුට බරපතල තුවාල
රාගම බටුවත්ත දුම්රිය හරස්‌ මාර්ගයේදී ඊයේ (31 වැනිදා) රජරට රැජින දුම්රියේ ගැටුණු පෞද්ගලික බස්‌ රථයක්‌ මීටර් 500 ක්‌ පමණ ඈතට ඇදී ගොස්‌ බස්‌රථය සම්පූර්ණයෙන් විනාශයට පත් විය. දොඹකර යන්ත්‍ර යොදාගෙන එම බස්‌ රථයේ සුන්බුන් ඉවත් කරන අයුරුත්, පසෙකින් රජරට රැජින දුම්රියත් දිස්‌වේ. සම්පූර්ණ විස්‌තරය 3 වැනි පිටුවේ සහ තවත් ඡායාරූප 12 වැනි පිටුවේ පළවේ.
ඡායාරූප - දිමුතු ප්‍රේමරත්න



  • ලංකා ඊ නිවුස්‌ ප්‍රවෘත්ති කර්තෘ අත්අඩංගුවට

    ලංකා ඊ නිවුස්‌ කාර්යාලයට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට සහ පවුලේ ඥතීන්ට බලපෑම් එල්ල කිරීම, තොරතුරු වසන් කිරීම යන චෝදනා මත ලංකා ඊ නිවුස්‌ හි ප්‍රවෘත්ති කර්තෘ බෙනට්‌ රූපසිංහ මහතා වැල්ලම්පිටිය පොලිසිය මගින් ඊයේ (31 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

  • කැලණිය ප්‍රා. සභාවේ ප්‍රතිපාදනවලින්
    ජවිපෙට තඹ දොයිතුවක්‌ දෙන්න එපා

    - ඇමැති මර්වින් කැලණි ප්‍රා. සභාවේ සභාපතිට කියයි

    ඒ උදවියගේ හිත කුහකයි. කැත හිත් තියාගෙන මේ උත්සවයට එන්න අමාරුයි. මම කියනවා ජනතා විමුක්‌ති පෙරමුණ වෙනුවෙන් තඹදොයිතුවක මුදලක්‌ ප්‍රතිපාදනවලින් දෙන්න එපා කියලා.

 
  • කරච්චල මැද්දෙන් ගිය නොරොච්චෝල ගමන!

    කතෝලික පල්ලියක හුදු විරෝධතාවකට මෙන්ම තවත් කාරණා මත මෙම බලාගාරය ඉදිකිරීම නතර කර දැමීම නිසා පසුගිය කාලයේ මේ රටේ ජනතාව අඳුරේ සිටියා පමණක්‌ නොව විදුලිබලය පැය අට, නවය දක්‌වා කාලයක්‌ කපා හැරීම නිසා රටට අතිවිශාල ආර්ථික පාඩුවක්‌ ද සිදුවිය.

  • වාස්‌ සහ රන්දිව් ශ්‍රී ලංකා කණ්‌ඩාමට එක්‌වෙති
    පළමු වටයේ නවසීලන්තය සමග පැවැති තරගයේදී මුරලිදරන්ගේ කලව ප්‍රදේශයේ ආබාධයක්‌ ඇති වූ අතර එය සම්පූර්ණ සුව වීමට පෙර ඔහු අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරගවලට ක්‍රීඩා කිරීම මත මෙම අවදානම් තත්ත්වය උද්ගතවී ඇත.


 

Kapruka Shopping |  News
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.