
කොටි ත්‍රස්‌තවාදියකුට බ්‍රිතාන්‍ය
රැජිනගෙන් සම්මානයක්
* වෙස් මුහුණු පැළඳගත් සතුරන්
දේශ මාමක පාර්ශවයන්ට සමීපවේ
* හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්
ශ්‍රී ලංකා රජයට හා හමුදාවට දඬුවම් කිරීමට උත්සාහ කරයි
* ද්‍රවිඩ සන්ධානය ඉල්මනයිට් මත්ස්‍ය සම්පත හා
වරායන්හි පාලනය ඉල්ලයි
* ලන්ඩන් කොටි අරමුදල් එකතු කරන්නාට
කොටි පිරිසක්‌ම පහර දේ
* ඉන්දීය සාම හමුදාව ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කළ බව
දැක්‌වෙන ග්‍රන්ථයක් නවදිල්ලියේදී එළිදකී
* සැබෑ යුද අපරාධකරු රුද්‍රකුමාරන්ට ඇමරිකානු රැකවරණය
"එක් රටෙක ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් තවත් රටකට
කටයුතු කළ නොහැකියි." - ඇමරිකානු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්
නීඩ්ලර්
(One nation have no
jurisdication to sit in Judgment of
another nations act - U.S Deputy
Solicitor Genaral Kneedler)
 |
ආරක්‍ෂක
ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා
සාක් පොලිස් සමුළුව අමතරමින් |

ශ්‍රී ලංකාවට එරෙහිව ස්‌විස් කොටි ක්‍රියාකාරිනියක් වූ
තර්ෂනී බර්න් නුවරදී රඟදැක්‌වූ නාටකය
කොටි ඝාතක සමාගම සමග සාකච්ඡා කරන්නැයි ශ්‍රී
ලංකා රජය වෙත කියා සිටියේ මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්
බ්ලේක්‌ය. එහෙත් ජනාධිපති හා ආරක්‍ෂක ලේකම්වරයා ඊට අවනත වූයේ
නැත. මේ නිසා රොබට් බ්ලේක් දැන් සූදානම් වී ඇත්තේ තමන්ගේ
ඉල්ලීමට අවනත නොවූ රජයටත් නීත්‍යනුකූල හමුදාවටත් දඬුවම්
කිරීමටය. රටේ ජනතාව ක්‍රිකට් උන්මාදයට ගොදුරුවී සිටියදී ශ්‍රී
ලංකාවට දඬුවම් කිරීමේ රහසිගත සැලසුම දියත් විය. ඒ වන විට බෑන්
කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව විමර්ශන
වාර්තාව සකස් කර තිබිණි. මේ විමර්ශන වාර්තාවේ ඇති දේ රොබට්
බ්ලේක් දන්නා බව පැහැදිලිය.
මෙයට සති කීපයකට පෙර රොබට් බ්ලේක් උතුරේ හමුදා කඳවුරු
ස්‌ථානගතවීම සම්බන්ධයෙන් දැඩි විරෝධය දක්‌වා තිබිණි. බ්ලේක්
මේ විරෝධතාවය දැක්‌වීමට පෙර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ
නිලධාරියකු වූ ග්ලේන් ඩේවිස් ඉංගී්‍රසි පුවත්පතක බලධාරීන්
හමුවී ශ්‍රී ලංකාවේ තත්ත්වය විමර්ශනය කළේය. එහෙත් ඔහුගේ
විමර්ශනය අසාර්ථක විය. මේ පසුබිම මැද වත්මන් ඇමරිකානු සහකාර
රාජ්‍ය ලේකම් ලෙස ක්‍රියා කරන රොබට් බ්ලේක් ඉදිරි සති
කීපයේදී මෙරටට පැමිණීමට නියමිත වූවත් එකී සංචාරය කල්දමා ඇත.
ඔහු මෙරටට පැමිණෙන්නේ ජනාධිපති විසින් පත් කළ උගත් පාඩම් හා
ප්‍රතිෂ්ඨාන පිළිබඳ ජනාධිපති කොමිසම කොටින්ව ඝාතනය කළ හමුදා
නිලධාරීන් වරදකරුවන් කර ඇද්ද හා එම පාර්ශ්වයන් කවුරුන්දැයි
නිරීක්‍ෂණය කිරීමටය.
ඒ සඳහා රොබට් බ්ලේක්‌ට තොරතුරු සපයන විශ්වාසවන්ත ආරංචි මාර්ග
(ෙද්‍රdaහීන්) මෙරට සිටී. පසුගිය අප්‍රේල් 5 වැනිදා ඔහු
ඇමරිකාවේ විදේශ කටයුතු කමිටුව අමතමින් ශ්‍රී ලංකාවේ අනාගතය
සඳහා සහජීවනය සහ වගකීම අවශ්‍ය බවත් ඉදිරියේදී ඇමරිකාව සහ ශ්‍රී
ලංකාව අතර සහයෝගිතාව රදා පවතින්නේ මානව හිමිකම්වල තත්ත්වය
නඟාසිටුවීමේ ක්‍රමවේදය මත බවත් පවසා තිබේ. (Blake said that
future
cooperation with Sri Lanka depended
on improvements in its human rights
record)
එහෙත් ප්‍රභාකරන් වසර 30 ක් තිස්‌සේ මෙරට මානව හිමිකම්
උල්ලංඝනය කරද්දී බ්ලේක් නිහඬ විය.
එසේ වුවත් ලෝකයේ සැබෑ යුද අපරාධකරුවා වූ ඇමරිකාව අද සැලසුම් කර
ඇත්තේ බිහිසුණු ත්‍රස්‌තවාදී ඝාතකයන් කණ්‌ඩායමක් විනාශ කළ
ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධකරුවන් කිරීමටය.
මේ ඇමරිකානු රාජ්‍ය නිලධාරියා ශ්‍රී ලංකා රජයට සෘජුවම දැන්
කියා සිටින්නේ තම ඉල්ලීම් ඉටු කරන ලෙසයි. 1. උතුරෙන් සියලු
හමුදා කඳවුරු ඉවත් කර ද්‍රවිඩ සන්ධානයට හිතුමතේ ක්‍රියා කිරීමට
ඉඩදිය යුතුය, 2. දරුණු කොටි ඇතුළු සැකකරුවන් නිදහස් කළ
යුතුවේ, 3. රාජ්‍ය නොවන සංවිධානවලට හා විදෙස් මාධ්‍යවේදීන්ට
කිසිම බාධාවකින් තොරව උතුරට යැමට ඉඩදීම, 4. ද්‍රවිඩ සන්ධානයට
බලතල ලබාදිය යුතුය, 5. මෙරට ආරක්‍ෂාවට හානි කර ඕනෑම තොරතුරක්
විකාශනය කිරීමට ඉඩදිය යුතුය.
යුද අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු අය ගැන පියවර නොගන්නේ නම්
ජාත්‍යන්තර කොමිසමක් ආරම්භ කිරීමට බලපෑම් ඇතිවන බවද බ්ලේක්
මෙරටට අනතුරු අඟවා තිබේ. එහෙත් සැබෑ යුද අපරාධකරු කවුද? ඔහු
යාපනයේ හිටපු පුරපති මාර්ක් විශ්වනාදන්ගේ පුත්‍රයා වූ නාදන්
රුද්‍රකුමාරන්ය. 1985 සිටම කොටින්ගේ නීති උපදේශකයා ලෙස ක්‍රියා
කළ රුද්‍රකුමාරන් ප්‍රභාකරන්ගේ ඝාතන අනුමත කළේය. එසේනම්
රුද්‍රකුමාරන් ද යුද අපරාධවලට වගකිවයුතුවේ. කෙසේ වෙතත් රොබට්
බ්ලේක් ඊට ඉඩ දෙන්නේ නැත. රුද්‍රකුමාරන්ව යුද අපරාධ
චෝදනාවලින් බේරාගත් බ්ලේක් යුද අපරාධ චෝදනා නඟා ඇත්තේ ශ්‍රී
ලංකා යුද හමුදා ප්‍රධානීන්ටය.
අද රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ සංවිධානයේ
ප්‍රධානියා කොටි ඝාතන සමාගමේ උපදේශකයා වූ රුද්‍රකුමාරන්ය.
එසේනම් පොලිස් භටයන් 600 ක් ඝාතනය වීම සම්බන්ධයෙන්
රුද්‍රකුමාරන්ට යුද අපරාධ චෝදනා එල්ල කර දඬුවම් කළ යුතුය.
මේ අතර රුද්‍රකුමාරන්ගේ රටින් පිටත ඊළම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ
සංවිධානය නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් විද්වත් මණ්‌ඩලය
විසින් සිය වාර්තාව බැන් කී මූන්ට ඉදිරිපත් කරන බවත් එය
ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් දන්වා ඇත.
මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් විද්වත් මණ්‌ඩලය තම වාර්තාව සකස්
කර නිමා කර ඇති බව රුද්‍රකුමාරන් දන්නේ කෙසේද යන්නයි. එසේම
ශ්‍රී ලංකා හමුදාව බෝම්බ දමා 80000 ක් පමණ ද්‍රවිඩයන්ව මරා
දමා ඇති බවද එකී නිවේදනයෙන් දන්වා ඇත.
කොටි සංවිධානය සමග සබඳකම් පැවැත්වීම සම්බන්ධයෙන්
රුද්‍රකුමාරන්ට එරෙහි සාක්‍ෂි මෙසේය. 1985 - තිම්පු සාකච්ඡා,
16/09/2002 තායිලන්ත සාම සාකච්ඡා, 31/10/2002 තායිලන්තයේ රෝස්
ගාඩන් හෝටලයේ පැවැති සාකච්ඡාව, 02/12/2002 නෝර්වේ රැඩියන්
ප්ලාසා හෝටලය, 06/01/2003 තායිලන්ත සාකච්ඡාව, 07/02/2003
ජර්මනියේ පැවැති සාකච්ඡාව.
එහෙත් රොබට් බ්ලේක් විසින් රුද්‍රකුමාරන්ව ආරක්‍ෂා කරයි.
මෙලෙස කොටි හිතවාදීන්ගේ ඉල්ලීම් ඉටුකර ගැනීමට රොබට් බ්ලේක්
මෙරටට එන අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධානය රජයට යොමු කිරීමට නියමිත
ඉල්ලීම කොටි විසින් යොමු කළ යෝජනාවලියම යෑයි සනාථ වේ.
විදේශ ණය මුදල් සෘජුව දිස්‌ත්‍රික්‌කවලට ලබාගැනීමට පළාත්
පොලිස් සේවාවන් පිහිටුවීම, දිස්‌ත්‍රික්‌කවල ඇති සියලුම
සම්පත්වල කළමනාකරණය හා පාලනය එම දිස්‌ත්‍රික්‌කවල ජනතාවට
ලබාදීම ඇතුළු කරුණු 46 ක් ද්‍රවිඩ සන්ධානය විසින් සකස් කර
ඇතැයි අනාවරණය වී තිබේ.
මේ කරුණු අතර ගුවන්විදුලි සහ රූපවාහිනි සේවා පවත්වාගෙන යැම,
ධීවර හා ජලජ සම්පත්, වරායන්, ඛනිජ සම්පත් සඳහා බදු, වෙරළ
සංරක්‍ෂණ, සංචාරක, බලශක්‌ති, සුරාබදු යන අංශ ද වේ.
මෙකී කරුණු ස්‌වයංපාලනය ලබාගැනීමට ද්‍රවිඩ සන්ධානයට ඉඩ ලැබේ.
කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමල වරායන් ද මුල්මුඩේ ඉල්මනයිට් සහ
මන්නාරමේ තෙල් සම්පතට ද හිමිකම් කීම ද්‍රවිඩ සන්ධානයේ අරමුණ වී
ඇත.
එහෙත් කොටි බේරා ගැනීමට උත්සාහ කළ සම්පන්දන්ලාට සහ මාවයි
සේනාධිරාජලාට මෙවන් හිමිකම් දිය යුතුද? මේ සතියේ ආරක්‍ෂක කරළිය
පිළිබඳ විමර්ශනය කරද්දී ගුවන් හමුදාවේ බෝන් එගේන් ආගමික
කල්ලියේ නිලධාරියකු වවුනියාවට මාරුකර ගැනීමට දැරූ උත්සාහය
ව්‍යාර්ථවීමේ සිද්ධියක් අනාවරණය විය.
ගුවන් හමුදාවේ දේශීය සැපයුම් අංශයේ ක්‍රියා කළ මේ නිලධාරියා
සිය මාරුව හිටපු නිලධාරියකුගේ බිරිය ලවා අවලංගු කරගැනීමට
උත්සාහ කර තිබේ.
එහෙත් නව ගුවන්හමුදාපතිවරයා පත්වීමෙන් පසු එකී උත්සාහය ව්‍යර්ථ
විය. මේ මාරුව අවලංගු කරන ලෙස නව ගුවන්හමුදාපතිට ජනාධිපතිගේ
පුත්‍රයකුගෙන් යෑයි දක්‌වමින් ලත් තර්ජනාත්මක දුරකථන
පණිවුඩයක් ලැබීමෙන් පසු ඒ ගැන විමර්ශනය කිරීමේදී එය
අසත්‍යයක් යෑයි අනාවරණය විය.
මෙම ව්‍යාජ දුරකථන පණිවුඩය දී ඇත්තේ අම්පාර ප්‍රදේශයේ
පදිංචිකරුවකු යෑයි වැඩිදුර විමර්ශනවලදී හෙළි විය. මේ අතර
ස්‌විට්‌සර්ලන්තයේ සිටින ව්‍යාජ ශ්‍රී ලාංකික සරණාගතයන්ව ආපසු
ශ්‍රී ලංකාවට එවීමට ස්‌විස් රජය ගත් තීරණයට එරෙහිව ස්‌විස්
ඊළාම් සංවිධානය විසින් බර්න් නගරයේ විරෝධතාවයක් පවත්වා ඇත.
ස්‌විස් දේශපාලකයන් කීප දෙනකු ද මෙම විරෝධතාවට ගෙන්වාගත්
තර්ෂනී නමැති කොටි කාන්තාව ශ්‍රී ලංකා රජය යුද අපරාධ සම්බන්ධ
ජාත්‍යන්තර විමර්ශනයක් කිරීමට හා අත්අඩංගුවේ සිටින කොටි
සැකකරුවන් වෙත ජාත්‍යන්තර රතුකුරුස නියෝජිතයන්ට යැමට ඉඩදෙන්නේ
නම් සරණාගතයන්ව ශ්‍රී ලංකාවට යවන්නැයි ස්‌විස් බලධාරීන්
වෙතින් ඉල්ලා ඇත. ස්‌විස් රජය දක්‌වන අන්දමට 2010 වසර අවසානය
වන විට ශ්‍රී ලාංකිකයන් 2100 ක් දේශපාලන රැකවරණ පතා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට අවමන් වන අයුරින් නාටකයක්
ද රඟදැක්‌වීමට ඇය ක්‍රියා කර ඇත.
මේ අතර තමිල්නාඩුවේ චෙන්නායි නගරයේදී ඡන්ද ප්‍රචාරක රැලියක්
ඇමතූ ඉන්දීය කොන්ග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ද්‍රවිඩයන්ට සම
තත්ත්වය දීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට
සංශෝධන ඉදිරිපත් කරන මෙන් රජයට බලපෑම් කරන බව පවසා තිබේ.
සෝනියා ගාන්ධි මෙලෙස පවසද්දී කොටි හිතවාදී නාම් තමිලර් පක්‍ෂයේ
නායක සිමන් නමැති චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා ද මැතිවරණ රැලියක්
අමතමින් ප්‍රභාකරන් සහ කොටි හමුදා නායකයන් ඝාතනයවීම යුද
අපරාධයක් බවත් ඔවුන් ඝාතනය කළ පිරිසට එරෙහි පියවර ගතයුතු බවත්
දන්වා ඇත.
එහෙත් පසුගිය සිකුරාදා නවදිල්ලියේ ජවහර්ලාල් නේරු
විශ්වවිද්‍යාල පීඨයේදී ඉන්දීය සාම හමුදාව විසින් ද්‍රවිඩයන්ව
සමූල ඝාතනය කිරීම මැයෙන් ග්‍රන්ථයක් දොරට වැඩින.
මෙය සම්පාදනය කර තිබුණේ කොටින්ගේ නෙසෝර් නැමැති සංවිධානයයි.
1987 දී යාපනය රෝහල සහ වැල්වැටිතුරේ සමූල ඝාතනය ඇතුළු සමූල
ඝාතන 12 ක් ඉන්දීය හමුදාව විසින් සිදුකර ඇතැයි මේ ග්‍රන්ථයේ
සඳහන් විය.
මේ සම්බන්ධයෙන් කොටි වෙබ් අඩවියක් පැවැසුවේ ඉන්දීය සාම හමුදාව
විසින් යුද අපරාධ සිදු කර ඇති බව එම ග්‍රන්ථයෙන් හෙළිවන බවයි.
ඉන්දීය සාම හමුදාව ශ්‍රී ලංකාවට යවනු ලැබුවේ හිටපු ඉන්දීය
අගමැති රජිව් ගාන්ධිය.
ඒ නිසාම කොටි රජිව්ව බිහිසුණු ලෙස මරා දැමීය. එහෙත් රජිව්ගේ
බිරිය සෝනියා තම සැමියා ඝාතනය කළ වුන් සකස් කළ "කොටි
ග්‍රන්ථය" නවදිල්ලියේදී එළිදැක්‌වීමට ඉඩදී ඇත.
මෑතකදී ඇමරිකානු හමුදාවට එරෙහිව ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්
කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව
එම ග්‍රන්ථය මුද්‍රණය කළ ආයතනයට ගොස් සියලුම ග්‍රන්ථ මිලයට
ගෙන ඒවා පුළුස්‌සා දමනු ලැබීය.
මේ අතර මුලතිව් මුහුදු ප්‍රදේශයේදී අතුරුදන්වූ නාවික සෙබළුන්
සිව් දෙනාට සිදුවූයේ කුමක්‌දැයි මෙතෙක් හෙළිවී නැත. එහෙත්
කොටි වෙබ් අඩවියක නැවිsයන්ගේ යෑයි සැකකරන මළ සිරුරු මුහුදේ
පාවෙමින් තිබූ බවට දැක්‌වූ පුවත නාවික බලධාරීහු ප්‍රතික්‍ෂ්ප
කළහ. මෙහිදී සෝයාගෙන ඇත්තේ තමිල්නාඩි ධීවරයකුගේ මළ සිරුරක්
පමණකි.
කොටි හිතවාදීන්ව තායිලන්තය හරහා කැනඩාවට යෑවීමේ ජාවාරම
සම්බන්ධයෙන් තායි රහස් පොලිසිය විසින් සන්ටානෝ පර්නැන්ඩස්
නමැත්තාව අත්අඩංගුවට ගනු ලැබීය. මොහු ත්‍රිකුණාමලයේ
පදිංචිකරුවෙකි. මෙම ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් රැගත් සන් සී
නමැති කොටි නැව තායිලන්ත නාවික හමුදාව ප්‍රමුඛ රටවල් කීපයක
බලධාරීන්ගේ නිරීක්‍ෂණයට යොමුවී ඇතත් එය අල්ලා ගැනීමට ක්‍රියා
කර නැත.
මේ කොටි නැව කැනඩාවට පැමිණීම කැනඩාවේ ද්‍රවිඩ කොන්ග්‍රසයේ නීති
උපදේශක ගැරි ආනන්දසංගරී විසින් පිළිගෙන ඇත. ඔහු ද්‍රවිඩ
එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීගේ පුත්‍රයායි.
ලන්ඩන් නුවර කොටි හිතවාදියකු වූ රූපට් සුසෙයිපිල්ලෙයි හෙවත්
ඥනම් නමැත්තාට ඇමරිකානු රුද්‍රකුමාරන්ගේ පාර්ශ්වයේ පිරිසක්
විසින් පහරදීම නිසා බරපතල තුවාල ලබා ඇතැයි වාර්තාවේ. වසර 21
ක් තිස්‌සේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා මේ කොටි හිතවාදියා
උත්සාහ කළේය. කොටි මහවිරු සමරු උත්සව ලන්ඩන් නුවර පැවැත්වීමට
ක්‍රියා කළ ඥනම්ට පහරදීම සම්බන්ධයෙන් නෝර්වේහි කොටි ඒජන්ත
නෙදියවන්ගේ කණ්‌ඩායම අපමණ කම්පාවට පත්වී ඇත. කොටින්ට අරමුදල්
එකතු කරමින් ක්‍රියා කළ "ඥනම්ට" ප්‍රහාරයක් එල්ලවීම ගැන
මෙතෙක් පියවර නොගැනීම ගැන ද නෝර්වේ කොටි කල්ලිය විසින්
බ්‍රිතාන්‍ය පොලිසියට චෝදනා කර ඇත.
මේ අතර රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති කොටි හිතවාදී ව්‍යාජ
සංවිධානයේ නවසීලන්ත නියෝජිත ආරුමුගම් තේවරාජන් නමැති
ත්‍රස්‌තවාදී ආධාරකරුට බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින විසින්
සේවා පදක්‌කම පිරිනමා තිබේ.
ඒ සඳහා ආරුමුගම්ගේ නම යෝජනා කර ඇත්තේ නවසීලන්ත රජය යෑයි හෙළි
විය. මොහු මෙරට පොලිසියේ හිටපු කොස්‌තාපල්වරයෙකි. ප්‍රභාකරන්ගේ
නිජබිම වූ වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මේ කොටි
හිතවාදියා 1977 දී නවසීලන්තයට ගොස් ඊළාම් ප්‍රචාරක කටයුතු
ආරම්භ කර ඇත. මෙරට ඉතිහාසය වෙනස් කිරීමට ද මොහු උත්සාහ කර
තිබේ.
ශ්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩයන් සංහාරය කරන බවට මොහු විසින් එම
නවසීලන්ත මාධ්‍ය අමතමින් පවසා තිබිණි. කොටි ඝාතක සමාගමේ
හිතවතකු වූ ආරුමුගම් තේවරාජන්ට සම්මානයක් දෙනු ලැබුවේ ඔහු
ත්‍රස්‌තවාදය උදෙසා කළ සේවයටද?
ශ්‍රී ලංකාව වසරකට ඩොලර් මිලියන කීපයක කිරිපිටි නවසීලන්තයෙන්
මිලදී ගනිද්දී නවසීලන්ත රජය මේ කොටි ක්‍රියාකාරියාව සම්මානයකට
නිර්දේශ කළේ මන්දැයි යන්න රජය නවසීලන්ත විදේශ කටයුතු
බලධාරීන්ගෙන් විමසිය යුතුව ඇත.
ජර්මනියේ හැන් ජෝර්ජ් සහ කයිරාම්සම් නමැති පුරාවිද්‍යාඥයන්
දෙදෙනා ප්‍රමුඛ කණ්‌ඩායමක් මේ සතියේදී යාපනයට පැමිණ
කන්තරෝවායි සහ අත්නාකෝට්‌ටේ නමැති ස්‌ථාන විමර්ශනයට ලක්‌කර ඇත.
මෙම ජර්මානුවන් ඝාතනයට කැඳවා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලය
විසින් යෑයි හෙළි විය. මොවුන් යාපනයට ගෙන්වා ඇත්තේ ද්‍රවිඩ
නිජබිම් සංකල්පය සනාථ කිරීම සඳහා වූ පුරාවස්‌තු පිළිබඳ
විමර්ශනය කිරීමටද?
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ සතියේදී කොළඹදී ආරම්භ
වූ සාක් රටවල පොලිස් සමුළුව අමතමින් දශක තුනක් තිස්‌සේ
පැවැති ත්‍රස්‌තවාදය අවසන් කිරීමට හැකිවූයේ නිසි නායකත්වය සහ
මඟපෙන්වීම මත යෑයි පැවැසීය. ත්‍රස්‌තවාදයට හා සංවිධානාත්මක
අපරාධ මර්ධනය කිරීම සඳහා සාක් කලාපීය රටවල සහයෝගිතාව වර්ධනය
විය යුතු බවද හෙතෙම මෙහිදී සඳහන් කරනු ලැබීය.
කොටි පරාජය කළ නොහැකියි - සාකච්ඡාවට යනු යෑයි පැවසූ සිංගප්පූර්
"යුද" මහාචාර්යවරයා ද දැන් රජය වෙත තවත් "කේවට්‌ට" උපදෙසක්
දෙමින් වහාම විදේශ කටයුතු සහ ආරක්‍ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ කර
ආයතනයක් පිහිටුවිය යුතු බව පවසා ඇත.
යුද්ධය දිග්ගැස්‌සෙන බවට ව්‍යාජ අනාවැකි පළ කළ මේ ව්‍යාජ යුද
මහාචාර්යවරයා මේ උත්සාහ කරන්නේ රජය එකී කේවට්‌ට උපදෙස්
පිළිගෙන එවන් ආයතනයක් පිහිටුවනු ලැබුවොත් එය මුල් පුටුවට පැන
ගැනීමටය.
ද්‍රවිඩ සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයකු වන ඊළවනාදන් දැන්
කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකාවේ ඊළම් ද්‍රවිඩයන් බේරා ගැනීම
සඳහා ඉදිරිපත් වන ලෙසත් සුළු ආරවුල් ඇති කර නොගන්නා ලෙසත් ඔහු
විදේශ රටවල සිටින ඊළාම්වාදීන්ගෙන් ඉල්ලා ඇත.
මේ අතර වන්නි මෙහෙයුමට දායක වූ දේශමාමක පර්ශවයන් වෙත
වෙස්‌මුහුණු පැලදගත් සතුරන්ද සමීපවී ඇත. ගොඩකවෙලදී සිදුවූ කොටි
බෝම්බ පිරීමේ සිද්ධීයෙන් පසු ප්‍රකාශයක් කළ එවන් සතුරෙක්
කොටි රටේ සෑම තැනකම සිටින බවත් රජය සාකච්ඡාවලට යායුතු බවත්
පවසා තිබිණි.
කීර්ති වර්ණකුලසූරිය |