බිම් බෝම්බ ඉවත් කරමින් සිටියදී
බෝම්බයක්‌ පුපුරා මියගිය මොමෝගේ ගුණ සැමරේ



දිනසේන රතුගමගේ

උතුරේ ජනතාවගේ ජීවිත සුරක්‍ෂිතභාවය වෙනුවෙන් බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී බෝම්බයක්‌ පිපිරීමෙන් ප්‍රංශ ජාතික ඩොමිනික්‌ වොරින් හෙවත් "මොමෝ" මියගියේ 2010 මැයි මස 10 වැනිදා මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ කාකයන්කුලම ගම්මානයේදීය. ඔහු සිහිකිරීම් උත්සවයක්‌ පසුගියදා පැවැත්විණි.

රටවල් ගණනාවක බිම්බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයකු ලෙස නම් දරා ඇති ඩොමිනික්‌ වොරීන් ශ්‍රී ලංකාවේදී මියගියේ ඉතා අවාසනාවන්ත ආකාරයට බව ඔහු සේවය කළ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර සංධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත නොයේජෙල් රොබින්සන් ප්‍රකාශ කරයි.

"මොමෝ" සිහිපත් කිරීම සඳහා ඔහු මියගිය මන්නාරමේ කාකයන්කුලම ගම්මානයේ සොහොන් කොතක්‌ ඉදිකොට "සාමකාමී හා සුරක්‍ෂිත ශ්‍රී ලංකාවක්‌ වෙනුවෙන් දිවිදුන් පුද්ගලයෙකු ලෙස "මොමෝ" ව හඳුන්වමින් මොමෝගේ සොහොන් කොතට මල්වඩම් තැන්පත් කළහ. මන්නාරමේ කාකයන්කුලම ගම්මානයේදී "මොමෝ" සිහිකිරීමේ අවස්‌ථාවට මන්නාරම දිසාපති රාසලිංගම් වේදනායගම්, 61 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් අජිත් කාරියකරවන යන මහත්වරුන් ඇතුළුව තවත් විශාල පිරිසක්‌ සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.