2011 මැයි 18 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
හදිසි නීතිය ඉවත් කරන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි
13 වැනි සංශෝධනයත්
ක්‍රියාත්මක කරන්නලු

හදිසි නීතිය හැකි ඉක්‌මනින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්‌ කොට ඇත. ඒ අතර යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉක්‌මන් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන ලෙසත්, මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන පරීක්‍ෂණ පවත්වන ලෙසත් යුද්ධය පැවැති ප්‍රදේශවල තත්ත්වය සාමාන්‍ය අතට හරවන ලෙසත් විශ්වාසදායක සංහිඳියාවක්‌ ඇති කරන ලෙසත් ඉන්දියාව ඉල්ලා ඇත.

 


බොදු බැතියෙන්
දිවයිනම පිබිදෙයි


දෙදහස්‌ හයසිය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්‌මරණය කරමින් ඊයේ (17 වැනිදා) මුළු මහත් ශ්‍රී ලාංකීsය බෞද්ධ සැදැහැවත්හු මහත් ශ්‍රද්ධාවෙන් යුක්‌තව වෙසක්‌ ශ්‍රී මහා මංගල්‍යය සැමැරූහ.


 

උතුම් වූ සම්බුදු මංගල්‍යය උදා වූ ඊයේ (17 දා) හිමිදිරියේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි සහ ශීල ව්‍යාපාරවලට සහභාගි වූ සැදැහැවතුන්ගේ සාදු නාදය මුළු මහමෙව්නා උයන පුරා පැතිර තිබිණි.2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්‌මරණය කරමින් අටමස්‌ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි බෝමළුව සහ අටමස්‌ථාන විහාරස්‌ථාන තුළ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවනට මුල්තැන දෙමින් ආගමික කටයුතු රැසක්‌ම සංවිධානය කර තිබිණි. සැදැහැවතුන් දහස්‌ ගණනින් එම කටයුතුවලට සහභාගි වී සිටින අයුරු ඡායාරූපයේ දැක්‌වේ. අනුරාධපුර - සිරිල් බස්‌නායක


  
 
  • අවුරුදු 60 ට වැඩි අය දිගටම සේවයේ
    උ/නැ අධ්‍යාපන පරිපාලනයේ සුදුස්‌සෝ කලකිරීමෙන්

    උතුරු හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සිටියදී වයස අවුරුදු හැට ඉක්‌මවූ නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළ තනතුරුවල තවදුරටත් රඳවා ගැනීම නිසා සුදුසුකම් ඇති නිලධාරීහු දැඩි කලකිරීමට පත්ව සිටිති.
     
  • රාජ්‍ය විරෝධී ලිපිද්‍රව්‍ය කන්ටේනරයක්‌
    කොළඹ වරායෙන් අල්ලයි


    රාජ්‍ය විරෝධී පුවත්පත් සඟරා ඇතුළු ලිපි ද්‍රව්‍ය සහිත කන්ටේනරයක්‌ පෙරේදා (16 වැනිදා) රාත්‍රි කොළඹ වරාය ආරක්‍ෂක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.ජාත්‍යන්තර දෙමළ ඩයස්‌පෝරාව මගින් මෙම එල්. ටී. ටී. ඊ. හිතවාදී සහ රාජ්‍ය විරෝධී පුවත්පත් සඟරා ඇතුළු ලිපි ද්‍රව්‍ය කන්ටේනරයට...

 
  • කඳුබොඩ වැව පාරේ නිවසක
    නාන කාමරයේ කසිප්පු ස්‌කාගාරයක්‌

    වෙසක්‌ සතියේ බියගම අවට බෙදන්න
    සූදානම් කර තිබූ කසිප්පු අත්අඩංගුවට

    වෙසක්‌ සතියේ බියගම හා අවට පෙදෙස්‌වලට කසිප්පු බෙදාහැරීමට කඳුබොඩ වැව පාර ප්‍රදේශයේ පිහිටි නිවාස යෝජනා ක්‍රමයක නිවෙසක්‌ තුළ ඉතාමත්ම රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්‌කාගාරයක්‌ මීගහවත්ත පොලිසිය මගින් වටලන ලදී.

 


 
  • මානව වංශ කථාවේ කාන්තාවට
    නිසි තැන හිමිකර දුන් මහා දාර්ශනිකයාණෝ

    ක්‍රි. පූර්ව හය වැනි සියවස මානව ඉතිහාසයේ සුවිශේෂ ඉතිහාසයකි. ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම දාර්ශනිකයින් වන බුදුන් වහන්සේ, මහා වීරයන්, චීනයේ කොන්ෆියුසියස්‌ හා ග්‍රීක දර්ශන ඉතිහාසයේ පියා බඳු වූ තේල්ස්‌ වැනි මහා පුරුෂයන් බිහි වූයේ මෙම සියවස තුළදීය.

  

  


 
  • හොඳම කණ්‌ඩායම හමුවේ වුවත්
    මගේ කණ්‌ඩායම පසුබැස යන්නේ නෑ

    ශ්‍රී ලංකා පුහුණුකරු ස්‌ටුවර්ට්‌ ලෝ

    ලොව හොඳම ටෙස්‌ට්‌ කණ්‌ඩායම් අතර එංගලන්ත කණ්‌ඩායම පෙරමුණේ පසු වුවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියේදී තම කණ්‌ඩායම කිසි විටෙකින් වත් පසුබැස නොයන කණ්‌ඩායමක්‌ බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ස්‌ටුවර්ට්‌ ලෝ පූර්ව පෙරනිමිති දක්‌වා ඇත.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.