2011 මැයි 27 සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster


අධ්‍යාපන සේවකයන්ගේ සමුපකාර සමිතිය (ගුරු ගෙදර) සඳහා පාලක මණ්‌ඩලයක්‌ ක්‍රියාත්මක වෙද්දී රජය මගින් නීති විරෝධි ලෙසින් අතුරු පාලක මණ්‌ඩලයක්‌ පත්කිරීමට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය ඊයේ (26) විරෝධතා පෙළපාලියක්‌ හා උද්ඝෝෂණයක්‌ පවත්වන ලදී.  ඡායා-නිහාල් චන්ද්‍රකුමාර


පෙළපාලියට පොලිසිය බාධා කළ අයුරු.......... ඡායා නිහාල් චන්ද්‍රකුමාර


විදුහලේ ගසකට වැදුණු අකුණක කම්පනයෙන් සිසුන් 17 ක්‌ රෝහලට

ඊයේ උදේ වරුවේ ඇතිවූ අධික වර්ෂා වත් සමඟම මෙම අකුණ සර වැදී ඇත්තේ ඇලකාත විදුහල් භූමියේ පිහිටි විශාල ගසක ටය. එම ගස ආසන්නයේ තිබූ 6 - 7 - 8 පංති කීපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධික කම්පනයත් සමඟ ගිලන්වී ඇත.


සුදු කොඩි නඩුව
මා දේශපාලනයට පිවිසි අරමුණු ජයගැනීම වෙනු වෙන් සටන් කරනවා
හිටපු හමුදාපති
සරත් ෆොන්සේකා මහතා

දූෂිත රජයක්‌ යටතේ රට විනාශ වෙනවා බලාගෙන සිටීමට නොහැකි නිසා යුද්ධයෙන් බේරාගත් රට, අනාගත පරපුර වෙනුවෙන් නිවැරැදි මාර්ගයක අරගෙන යා යුතු යෑයි අරමුණ කරගෙන දෙවැනි මෙහෙයුම සඳහා මා දේශපාලනයට අවතීර්ණ වුණා. මව්බිම වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් ආරම්භ කළ මේ දෙවැනි මෙහෙයුම කෙසේ හෝ ජයගත හැකි බව මට විශ්වාසයි.


විශ්‍රාම වැටුප පිළිබඳ වැරැදි මත දුරලීමට වැඩපළ මට්‌ටමින් දැනුවත් කරන්න
- ජනාධිපති උපදෙස්‌ දෙයි

සේවක අර්ථසාධක අරමුදල එදා ක්‍රියාත්මක කරන අවස්‌ථාවේදීත් එල්ල වූ විරෝධතා නොතකා ක්‍රියාත්මක කිරීම නිසා එහි ප්‍රතිලාභ අද එම සේවකයන්ට භුක්‌ති විඳීමට හැකිව ඇති බවත්, මෙමගින්ද එවැනිම ප්‍රතිලාභයක්‌ පෞද්ගලික අංශ සේවකයන්ට අත්වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.


නැගෙනහිර පළාතේ නායකත්ව පුහුණු මධ්‍යස්‌ ථානයක සිසුවියන්ට දැඩි දුෂ්කරතා

සිසුවියන්ට නෑමට අවසර දී ඇත්තේ රාත්‍රි කාලයේ පමණි. ඉන්පසුව මේ සම්බන්ධයෙන් දෙමව්පියන් එම කඳවුරේ බ්‍රිගේඩියර්වරයාට පැමිණිලි කිරීමෙන් පසුව දහවල් කාලයේදී නෑමට අවසර දී ඇත.

කොළඹ නගර සීමාවේ ඩෙංගු පැතිරීමේ දැඩි අවදානමක්‌

ඩෙංගු වැළදීම නිසා පසුගිය සතියේ ආරක්‍ෂක අංශයේ දෙදෙනකු මිය ගොස්‌ ඇති අතර තවත් සියයකට අධික පිරිසක්‌ රෝගි වී ඇතැයිද අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇත.

උපවාස කළ රැඳවියන්ගේ කුටිවල කෑම අත්කරත්ත 25 ක්‌ ජංගම දුරකථන ඇතුළු උපකරණත් ඒ අතර

සොයාගත් ද්‍රව්‍ය අතර බිස්‌කට්‌ පැකට්‌, සමපෝෂ පැකට්‌ දහසකට වැඩි තොගයක්‌, ජංගම දුරකථන 06 ක්‌, චාජර්, සිම් කාඩ්, හීටර්, සීනි, තේ කොළ, හාල් කිරිපිටි ඇතුළු දෑ තිබී ඇත.

කොමසාරිස්‌ගේ පොරොන්දුව මත සිරකැර උපවාසය නවතී
ජනාධිපති පොදු සමාවන් ප්‍රදානය කිරීමේදී දඬුවම් සඳහා අභියාචනා කර සිටි මරණීය දණ්‌ඩනය හිමි වූ සිරකරුවන්ට ප්‍රථම අදියර යටතේ ජීවිත සමාවක්‌ දී පසුව එය විසි අවුරුදු සිරදඬුවමක්‌ දක්‌වා ප්‍රතිශෝධනය කරන බවද බන්ධනාගාර කොමසාරිස්‌වරයා ප්‍රකාශ කර ඇත.

අරිසෙන් අහුබුදු දැයෙන් සමුගනී

භාෂා විශාරදයකු, ඉතිහාසඥයකු, සාහිත්‍යධරයකු වශයෙන් දැයට අනුපමය මෙහෙවරක්‌ ඉටුකළ එතුමා අභාවප්‍රාප්ත වන විට අනූ දෙවැනි වියෙහි පසුවිය.


ශ්‍රී ලංකාවේ නිල නාමය මුද්දර කාර්යාංශයට
"ශ්‍ර ලංකා" වෙයි

ශ්‍රී ලංකාවේ නිල නාමය වෙනස්‌ කොට බෞද්ධ මුද්දරයක්‌ එළිදැක්‌වීම තුළින් ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හා ජාත්‍යන්තර ප්‍රතිරූපයට මරු පහරක්‌ මුද්දර කාර්යාංශයේ නිලධාරීන් විසින් එල්ලකර ඇතැයි මුද්දර පිළිබඳ විශේෂඥයෝ රැසක්‌ම "දිවයින" ට පැවැසූහ.


හිසට වෙඩි තබාගෙන කොස්‌තාපල් මරු දකී

වසර කීපයක්‌ තිස්‌සේ පැවැති ප්‍රේම සම්බන්ධතාව බිඳී යැම නිසා මෙම නිලධාරියා දින කීපයක්‌ තිස්‌සේ දැඩි සිත්තැවුලකින් සිට ඇත.

උපේක්‍ෂා දික්‌කසාදයට අවශ්‍ය ලිපි ලේඛන බාරදෙයි

උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මියගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසය ඇයගේ අනුදැනුම නැතිව සැමියා විසින් කුලියට දී ඇති අතර පසුව මෙම නිවස ස්‌වර්ණ මාලි මහත්මිය මැදිහත් වී නිදහස්‌ කරගෙන ඇත.

සරසවි ආචාර්ය වරුන්ගේ වැටුප් වැඩිවීමක්‌ එක රැයකින් අයවැය ලේඛනයකින් කළ නොහැකියි
උසස්‌ අධ්‍යාපන ඇමැති
එස්‌. බී. දිසානායක
ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුට 25,124.34 යි ඉහළ තලයේ අයකුටත්, මහාචාර්යවරයකුට රුපියල් 19,053 කුත් වැටුප් වැඩි වුණා. කථිකාචාර්ය වරයකුට රුපියල් 12,725 ක වැඩිවීමක්‌, ආධුනික කථිකා චාර්යවරයකුට රුපියල් 12,425 ක්‌ වැටුප් වැඩි කළා. මේ අය බාහිර උපාධිය උගන්වලා පැයකට රුපියල් 1,000 ක්‌ ලබාගන්නවා. විභාග කටයුතුවල යෙදුනාම වසරකට රුපියල් ලක්‍ෂයක්‌ විතර උපයා ගන්නවා.

අවුරුදු පහ සම්පූර්ණ වූ දරුවන්ගෙන් 25% කට රක්‌ත හීනතාවය
නිරක්‌තිය නමැති රෝග තත්ත්වයෙන් පෙළෙන අතර පාසල් ළමුන්ගෙන් සියයට 40 ක්‌ නියමිත බරට වඩා අඩු බරකින් යුත් බව සමීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ (26 දා) පැවැසුවාය.

පොලිස්‌ ජ්‍යෙෂ්ඨයන් 67 දෙනාගේ තීරු බදු රහිත වාහන බලපත්‍රවලට තවමත් අනුමැතිය නෑ
ආරක්‌ෂක අමාත්‍යාංශයේ එක්‌තරා නිලධාරිනියක විසින් මෙම වාහන බලපත්‍ර ලබාදීම ප්‍රමාද කරන බව ද එම නිලධාරීහු කියා සිටිති.
 
  • මා උපන්නෙ ප්‍රේම ලොවේ ඔබ පතා ප්‍රියේ...
    සිසිර ඉන්ද්‍රානි සමග හෝරාවක්‌.....

    හඳපානේ මල් පිපුණා - කිරි මුහුදේ රැල් නැඟුණා
    අපි දෙන්නා ඒ වගේ
    බැඳුනෙ ආදරේ....... බැඳුනෙ ආදරේ.......

    අපි දෙන්නා කසාද බැන්දේ හැට දෙකේ මැයි 31 වැනිදා..... හතළිස්‌ නවයක්‌ ඉවරයි. ඉන්ද්‍රානි අතීතයට ගමන් කළා. "හැබැයි ඉතින් අපි දෙන්නම සිංදු කියන්න පටන් ගත්තේ ඊට කලින්. ඉන්ද්‍රානි මට වඩා කලා ක්‍ෂේත්‍රයේදී ජ්‍යෙෂ්ඨයි...." සිසිරත් එකතු වුණා.

  • උසස්‌ අධ්‍යාපනය දේශපාලනයෙන්
    භෞතීස්‌ම කිරීම

    මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය අනුව පැහැදිලි වනුයේ විශ්වවිද්‍යාල පාලක සභාව හෝ සනාතන සභාව මේ සඳහා තම දායකත්වය ලබා දීමක්‌ සිදු වී නැති බවය. එසේ නම් මෙය විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කිරීමේ අමූලික මැදිහත්වීමක්‌ ලෙසය අප දකින්නේ. මෙහි අවසාන ඵලය මේ රටේ නිදහස්‌ අධ්‍යාපනය පිළිබඳ බොහෝ තීන්දු තීරණ දෙන එකක්‌ විය හැක.

 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.