චිත්‍ර කලාව, විප්ලවය හා යුද්ධය


ප්‍රංශ විප්ලවය සිදුවීමට කලකට පෙර පටන්ම ප්‍රංශයේ රාජ්‍ය බලය ඉසිලුවේ ලුවී රාජ වංශයයි. ජනතාවාදී පාලක පැලැන්තියක්‌ නොවූ ලුවීවරු රාජ්‍යය හෝ මහජනයා පිළිබඳව හෝ සිතුවේ, ඒවා තමාගේ පරිභෝජන ජීවිතය නඩත්තු කරන ආයතන ව්‍යqහයක්‌ ලෙසිනි. ඞෂඪ වැනි ලුවී රජුගේ අවධිය වනවිට මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් තිබිණි. එබැවින් ප්‍රංශයේ විප්ලවීය සමාජ තත්ත්වයන්ගේ මූල බීජ ඇතිවන්නේ මේ සමයේ යෑයි ඉතිහාසඥයෝ ප්‍රකාශ කරති.

කාර්යක්‌ෂම බලවත් රජකු වූ ඞෂඪ වැනි ලුවී රජු තමා සතු ශක්‌තිය භාවිත කළේ රාජ්‍යයේ යශෝරාවය හා කීර්තිය වඩාත් තහවුරු කිරීම සඳහා මිස සෞභාග්‍යමත් පුරවැසි සමාජයක්‌ බිහිකිරීම සඳහා නොවීය. ප්‍රංශයේ රයින් නදියේ සිට පීරනී කඳු දක්‌වා භූමියේ බලය තහවුරු කරගත් ඔහු ඒ ඇතුළත සුරපුරයක්‌ මැවීමට කල්පනා කළේය. අලංකාර වූ විශාල මාළිගා ඉදිකළේය. රාජ්‍යයේ ආරක්‍ෂාව වෙනුවෙන් විශාල හමුදාවක්‌ ගොඩනැඟුවේය. එහෙත් ඒ සුරපුරය ඉදිවූයේ රජුගේ පරපුරෙන් ලැබුණු මහා ධනස්‌කන්ධයකින් නොව පහළ පාන්තික ජනතාව රජයට ගෙවූ අධික බදු මුදල්වලිනි.

සමස්‌ත සමාජ චක්‍රයේ කේන්ද්‍රය තමා බවට පත්වීමේ අභිලාෂයෙන් කටයුතු කළ රදල සමාජය පොදු ජනතාවගේ මේ අසරණකම ඒ සඳහා අපූරුවට භාවිතයට ගත්හ. අසරණ මහජනතාව ඔවුන්ගේ යටහත් සේවාදායකයන් බවට පත්විය.

රාජාණ්‌ඩු පරිපාලනය හා ඉහළ පාන්තික රදල සමාජය මෙන් ම පූජක පැලැන්තිය ද පොදුජන ජීවිත සුරකිමින් ස්‌වකීය පැවැත්ම තව තවත් තහවුරු කරගැනීමට කටයුතු කිරීම පොදු ජනතාවගේ දැඩි කනස්‌සල්ලට හේතුවිය. එයම පාලක රාජාණ්‌ඩුවට විරුද්ධව ගොඩනැගෙන මහා විප්ලවයක මූලයක්‌ දක්‌වා වර්ධනය වනු දුටු සමාජයේ බොහෝ උගතුන්, කලාකරුවන්, සාහිත්‍යකරුවන් මෙන් ම දාර්ශනිකයෝ ද එය අනුමත කළහ. පොදුජන ජීවිතයෙන් හෝ සමාජයෙන් ව්‍යqක්‌තව සිටිය නොහැකි වූ සැබෑ කලාකරුවෝ මේ විප්ලවයේ පෙරමගට පැමිණියහ. ශාක්‌ ලුවී ඩේවිඩ් ද එලෙසින් පොදුජන සමාජය සමඟින් විප්ලවයේ පෙරමුණට පැමිණියේය. ඒ විප්ලවයේ මතවාදයන් චිත්‍රණය කරමින් සකල සමාජය දල්වන්නට තෙලිතුඩ අතට ගත් චිත්‍ර ශිල්පියකු ලෙසිනි.

1785 දී පැරිසියේදී ඔහු විසින් නිර්මාණය කළ "හොරේෂි ප්‍රතිඥව" (OATH OF THE HORATH-1785) විප්ලවය වෙනුවෙන් කැපවුණු ඩේවිඩ්ගේ කලාවේ ප්‍රථම නිෂ්පාදනය විය. එයින් නිරූපණය වූයේ ස්‌වකීය මව්බිම වෙනුවෙන් ජීවිත පූජාවෙන් රණබිම වැළඳගන්නට සිය පියාගෙන් ප්‍රතිඥව ලබන තරුණ පුතුන් තිදෙනෙකි. පියා දැතම ඔසවා පුතුන්ගේ ප්‍රතිඥවට ආශිර්වාද කරයි. විප්ලවය වෙනුවෙන් පෙළගැසෙන ප්‍රංශ පොදුජන සමාජයට ඩේවිඩ් විසින් මේ ලබාදෙන්නේ අපූරු උත්ප්‍රේරණයක්‌ නොවේද?.... සමස්‌ත පොදුජන සමාජයේම තරුණයන් ඒකායන සිතින් විප්ලවය වෙනුවෙන් යොමු කරවන්නට වැඩිහිටි සමාජයට කරන ජාතියේ ආයාචනය නොවේද...? විප්ලවය පෙනෙන මානයේ සිට කැන්වස්‌ තලයට ගෙනඑන අසහාය දාර්ශනයකු වූ "සොක්‍රටීස්‌ගේ මරණය" සිතුවම ඩේවිඩ් විසින් කරන ලද අසමසම ප්‍රකාශනයකි. සොක්‍රටීස්‌ යනු ග්‍රීසියේ මහා දාර්ශනිකයාය. එරික්‌ ඉලයප්ආරච්චි පවසන ආකාරයට "යහපතෙහි හා යුක්‌තියෙහි ස්‌වභාවය සෙවීමටත් ඒ වෙනුවෙන් කැපවුණු ජීවිතයේ වටිනාකම පැහැදිලි කිරීමටත්" සොක්‍රටීස්‌ තරම් ශ්‍රේෂ්ඨයකු තවත් නොවීය. එවන් යුක්‌තිවාදියකු කැන්වසය මතින් විප්ලවයේ එළිපත්තට ගෙන ඒමෙන් ඩේවිඩ් උත්සාහ ගත්තේ ප්‍රංශ විප්ලවයේ යුක්‌තිසහගත බව, සාධාරණ බව ප්‍රකාශ කිරීමටදැයි සිතේ. මරණය කැන්දන "හැම්ලොක්‌" විෂ බඳුන සත්‍යවාදය වෙනුවෙන් අමුර්තය මෙන් ගිලදමන සොක්‍රටීස්‌ගේ මේ නිරූපණය තුළින් සත්‍යවාදී විප්ලවය වෙනුවෙන් ජීවිතය වුව කැපකරන්නට ප්‍රංශ තරුණයන්ට ඩේවිඩ් ලබාදෙන ධෛර්යය සුළුපටු නොවේ.

සොක්‍රටීස්‌ තරම් මහා දාර්ශනිකයකු නොවුණත් ප්‍රංශ පූජක පන්තියේත් රදලවාදී සමාජයේත් අසාධාරණ සූරාකෑම් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් විප්ලවය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ සමකාලීන ප්‍රංශයේද සිටියහ. රූසෝ, මොන්ටෙස්‌ක්‍යq, වෝල්ටෙයාර් ආදී ඒ දාර්ශනිකයන්ගේ චින්තාවන් විප්ලවය උදෙසා සමාජය බලගැන්වීමට මහත් දායකත්වයක්‌ සැපයීය. පූජක පැලැන්තිය හා රදල සමාජය ප්‍රසිද්ධියේ විවේචනය කළ ඔවුන්ගේ මේ දාර්ශනික චින්තාවන් රාජාණ්‌ඩු ක්‍රමයේ සහ වැඩවසම් ධාරාවන්ගේ දෙදරායැමට හේතුවිය. සොක්‍රටීස්‌ගේ නිරූපණය තුළින් ඩේවිඩ් මේ උපහාර දක්‌වන්නේ තමා සමඟින් විප්ලවයේ පෙරමුණේ සිටි ඒ සහෝදර දාර්ශනිකයන්ටද?

විප්ලවයට පෙර ප්‍රංශ සමාජය වසාගෙන සිටි චිත්‍රකලා සම්ප්‍රදාය වූයේ රොකෝකො කලාවයි. (ROCOCO PAINTING) එහෙත් එය ප්‍රංශ රදලවාදී ධනේශ්වරයේ හෝ රාජාණ්‌ඩු පරිපාලනයේ ආනන්දය ළඟාකරදුන් සුකොමල ලීලාවේ කලාවක්‌ මිස විප්ලවවාදීන්ගේ සමාජ චින්තාවන් විශද කිරීමට තරම් සමත් වූ කලාවක්‌ නොවීය. පුරාතන සම්භාව්‍ය ලක්‍ෂණයන්ගෙන් පෝෂණය කරගත් සුචරිතවාදී නිශ්චිත කලාත්මක ප්‍රකාශන ශෛලියක්‌ වූ ඩේවිඩ්ගේ නව සම්භාව්‍යවාදී චිත්‍ර කලාව (NEO CLASSICISM) රොකෝකො කලාව අභිබවා ගිය මහා ගාම්භීර ගුණයෙන් යුක්‌ත එකක්‌ විය. විප්ලවය වැළඳගත් සමාජයත්, විප්ලවයට ආශිර්වාද කළ සෙසු බුද්ධිමත් පාර්ශ්වයත් විප්ලවයේ කලාව ලෙස නව සම්භාව්‍යවාදය හඳුනාගත්තේ එබැවිනි. විප්ලවය සඳහා වූ කලාවේ මේ සාම්ප්‍රදායික ගැළපීම ප්‍රායෝගික තලය තුළද මනා ගැළපීමම බව ප්‍රංශ විප්ලවාදියාට පෙන්වීමට ඩේවිඩ්ට හැකිවිය. එබැවින් ඉලයප්ආරච්චි පැවසූ පරිදිම එය "ගැඹුරු විප්ලවීය ලාලසාවන් ප්‍රකාශ කරන්නාවූ අති රමණීය කලාවක්‌ම" විය.

විප්ලවයෙන් තොර ජීවිතයක්‌ ඩේවිඩ්ට සැබැවින්ම නොවීය. එබැවින් කලාවට පරිබාහිර වූ ඩේවිඩ්ගේ දේශපාලන ජීවිතයද මෙන් ම පෞද්ගලික ජීවිතයද ගෙවීගියේ විප්ලවයේ අවශ්‍යතාව වෙනුවෙන්ය. විප්ලවය වෙනුවෙන් පෙනී සිටි ජැකොබියානු කණ්‌ඩායමේ සාමාජිකත්වය ඩේවිඩ් ලබාගත්තේ විප්ලවයේ ආරම්භක පියවරේදීමය. ඒ හරහා ප්‍රංශ ජාතික මන්ත්‍රී මණ්‌ඩලයටද පිවිසෙන ඔහු විප්ලවයේ ප්‍රතිවිරුද්ධ අන්තය නියෝජනය කළ ඪෂ ලුවී රජු එල්ලා මැරීම වෙනුවෙන් සිය ඡන්දය නොපැකිළිව භාවිත කළේය. විප්ලවය අරභයා මේ කලාත්මක භූමිකාව තුළින් පමණක්‌ ඩේවිඩ් පැසැසුවත් ඉන් පරිබාහිර ජීවිතය තුළද ඔහු ප්‍රංශ විප්ලවයේ සැබෑ හිතවාදියකුම විය.

විප්ලවවාදී අදහස්‌වලින් පිරුණු "බෲටස්‌" නම් දේශප්‍රේමියකු විසින් අධිරාජ්‍යයට ෙද්‍රdaහී වෙමින් ඔහු කිණිස්‌සකින් ඇන මරණයට පත්කරයි. එයට දඬුවම් ලෙස රාජාණ්‌ඩුව විසින් ඔහුට ලබාදෙන්නේ ඝාතනය කරන ලද සිය දරුවන්ගේ මළසිරුරුය. රෝම අධිරාජ්‍යයා හා බැඳුණු මේ පුවත කේන්ද්‍රකරගෙන නිර්මාණය කළ "බෲටස්‌ හා මළදරුවන්" නමැති සිතුවම විප්ලවය එළිපත්තේ සිටි ප්‍රංශ විප්ලවාදීන් වෙනුවෙන් ඩේවිඩ් මැවූ අපූරු සිතුවමකි. විප්ලවය සඳහා කැපවූවන්ගේ මානසිකත්වය, ධෛර්යය කෙබඳු විය යුතුදැයි බෲටස්‌ හරහා ප්‍රංශ විප්ලවවාදියාට ප්‍රකාශ කිරීමටය, ඩේවිඩ් මේ කතාව සිතුවමට නගන්නේ. අධිකරණය විසින් මළදරුවන් රැගෙන එයි. බිරිඳ හා දියණිය වැළපෙයි. සියල්ල ඉදිරියේ මහමෙර සේ නොසැලී සිටින බෲටස්‌ වීරයකු මෙන් බලා සිටී.

සමාජය උදෙසා කලාකරුවාට කළහැකි කාර්යභාරය ඉතා ප්‍රබලය. වර්තමානය මෙන්ම අතීතයත් ඒ සඳහා කොතෙකුත් පූර්වාදර්ශ සපයා තිබේ. ශාක්‌ ලුවී ඩේවිඩ් නම් මේ අසහාය චිත්‍ර ශිල්පියා ද එවැන්නෙකි. ඒ ප්‍රංශ විප්ලවය උදෙසා චිත්‍ර ශිල්පියකු ලෙස ඔහු දැක්‌වූ දායකත්වය හෙයිනි. දශක තුනකට වඩා අතීතයකට දිවගිය යුද්ධයක අද්දැකීම් අපටද තිබේ. එය ප්‍රංශ විප්ලවය හෝ ඒ යුගයේ යුදමය තේමාවට හෝ විප්ලවයට හෝ වෙනස්‌ බිහිසුණු යුද්ධයක දිගුකාලීන අද්දැකීමකි. එය වූකලී මෑත යුගයේ රාජ්‍යයන් තුළ යුද්ධය දැල්වූ බිහිසුණු ගිනි පුපුර වූ ත්‍රස්‌තවාදයයි. පෙර අප හඳුනාගෙන තිබුණු ආකාරයට සමාජ, දේශපාලන පරිවර්තනයක්‌ අරභයා ඉස්‌මතු වුණු සැබෑ ජනතාවාදී විප්ලයක්‌ ලෙස හඳුනානොගත්තත් 30 අවුරුදු යුද්ධයක්‌ නිමාවෙමින් රටට සාමය උදාවීමටද අපට විප්ලවයක්‌ම විය.

ජාතික වශයෙන් සිදුවන මෙවන් ජයග්‍රහණයක දී රාජ්‍යයේ කුඩාම පුරවැසියාගේ පටන් මහා පුරවැසියා දක්‌වා සියලු දෙනාගේ අවංක කැපවීම හා දායකත්වය වචනයකින් හෝ ලැබීම ජයග්‍රහණයට කරන ආශිර්වාදයකි.

ලොව ඕනෑම රටක ඇතිවූ යුද්ධයකදී හෝ විප්ලවයකදී කලාකරුවා එහි ප්‍රබල කොටසක්‌ නියෝජනය කර තිබේ. සොල්දාදුවා සමඟින් සන්නද්ධ වෙමින් යුද පිටියට නොගියත් ඔහුගේ කාර්යභාරය යුද පිටියේ සොල්දාදුවා කරන කාර්යයට ප්‍රබල අත්වැලකි. එහි විශේෂතාව අප හඳුනාගන්නේ යුද පිටියේ සතුරන් සමඟ මුහුණට මුහුණලා කරන සටන මහජනයා ඉදිරියේ සාධාරණීකරණය කිරීම යුදබිමින් පරිබාහිරව සිට කලාකරුවා කරන සටනක්‌ ලෙසිනි. මෙය යුද්ධයටම පමණක්‌ නොව යුද්ධයෙන් විනිර්මුත වූ සමාජ විප්ලවයන්හිදීද කලාකරුවාගේ ජාතිමාමකත්වය ඉස්‌මතු වන ප්‍රබල අවස්‌ථාවකි. ලෝක ඉතිහාසයේ මෙවන් අවස්‌ථාවකදී කලාකරුවාගේ කාර්යභාරය ප්‍රබලව හදුනාගැනීමට ඒ අලලා ඔවුන් විසින් බිහිsකළ කෘති සාක්‌ෂි දරයි. කලාවේ නූතනය තුළ මහා පෙරලියක්‌ කරන සිනමාව මෙහිලා කර ඇති මෙන්ම වර්තමානයටත් කරමින් පවත්නා කාර්යභාරය ඉතා ප්‍රබලය. යුද්ධය හෝ විප්ලවය අලලා ලෝකප්‍රකට සිනමාපට, වාර්තා චිත්‍රපට දහස්‌ ගණන් බිහිවී තිබේ. ලිත සාහිත්‍යය හා බැඳුණු නවකතාවන්, කෙටිකතාවන් මේ අද්දැකීම ප්‍රබල ලෙස විශද කොට තිබේ.

යුද්ධය පිළිබඳ අපේ අද්දැකීමද සිනමාවට නැගී තිබේ. නවකතාවට ද කෙටිකතාවට ද නැගී තිබේ. එහෙත් ඒ සියල්ලටත් වඩා ලාංකීය යුද්ධය පිළිබඳ මෙරට වඩාත් සංවේදීම කලාකරුවා වූයේ කාව්‍ය රචකයාත් ගීත රචකයාත් දැයි සිතේ. එය යුද්ධය පවතිsත්දීත් යුද්ධය ජයග්‍රහණයෙන් පසුවත් මෙරට ප්‍රබුද්ධම ගීත රචකයන් මෙන්ම ජනප්‍රිය හා ආධුනික ශිල්පීන් ද පමණක්‌ නොව එකී විෂය තුළ පරිචයක්‌ නොලද හුදු මහජනයාද යුද්ධය පිළිබඳ ස්‌වකීය අද්දැකීම් ප්‍රකාශනයට කවිය හා ගීතය යොදාගැනීමෙන් පැහැදිලි වුණි. විදග්ධ ලේඛක, රසික සමාජයටත්, ජනප්‍රිය නාගරික ෆැන්ටසි සමාජයටත් ඔබ්බෙන් වූ ඈත ගම් ගොඩැලි තුළිsන්ද යුද්ධයේ කවියක්‌, ගීතයන් ඇසුණි.

එසේ වුවත් අප මෙහිදී ප්‍රමුඛත්වයේලා කතා කරන චිත්‍රය විෂයෙහිලා යුද්ධයේ අද්දැකීsම ප්‍රකාශනය වූයේ කොතරම් ප්‍රමාණයකින්ද යන්න විමසා බැලිය යුතුය.

ප්‍රබල සිනමාවටත් ගීතයටත් නවකතාවටත් එහා ගිය අතීතයක්‌ චිත්‍රයට තිබේ. ලෝක ඉතිහාසයේ එක්‌ යුගයකදී එය එක්‌ ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්‌ විය. වර්තමානයේ වුව ද චිත්‍රය බටහිර ලෝකයේ ප්‍රබල ප්‍රකාශනයකි. නමුත් ලංකාවේ කිසිදු කලෙකවත් සකල සමාජය ඇද බැඳගත් ප්‍රබල මාධ්‍යයක්‌ වීමට චිත්‍ර කලාවට හෝ චිත්‍ර ශිල්පියාට නොහැකි විය. මෙය වූ කලී අපේ සමාජය තුළ පවතින සමාජ ආර්ථික සංඝටනාවන් හරහා නාගරිකය හා ග්‍රාම්‍යත්වය යා කෙරෙද්දී සෙසු කලාවන් අතර චිත්‍ර කලාවට ලැබිය හැකි අනිවාර්යය උපරිමයද විය හැකිය. (එය වෙනමම කතාකළ යුතු මාතෘකාවකි.)

කෙසේ හෝ වේවා චිත්‍රය විෂය කරගනිමින් යුද්ධයක සලකුණු ඇරැඹි සමයේ හෝ යුද්ධයෙන් අපේ සමාජය බැට කෑ සමයෙහි හෝ පශ්චාත් යුදකාලීන සමාජයක කලාකරුවාට කළහැකි මහා කාර්යභාරයක්‌ ගැන කතා කරන මෙසමයෙහි හෝ අපේ චිත්‍ර ශිල්පීsන්ට එය ප්‍රබල අනුභූතියක්‌ වූයේද....

සෙසු කලාවන්ට සාපේක්‍ෂව චිත්‍රය, මූර්තිය ඇතුළු දෘශ්‍ය කලාව තුළිsන්ද යුද්ධයේ අද්දැකීම ප්‍රකාශනය නොවුණා යෑයි කිව නොහැකිය. ඇතැම් ශිල්පීන් යුද්ධය තේමාකරගෙන චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීය. එහෙත් එය බොහෝදුරට අගනුවරට සීමා විය. මෙරට වගකිවයුතු ජනමාධ්‍ය හරහාද එවැන්නක මතවාදයන් හෝ පොදුවේ චිත්‍රය විෂය අළලා සෙසු කලා විෂයයන්ට සාපේක්‍ෂව සැලකිය යුතු ඉඩක්‌ සැලසූ ආකාරයක්‌ද දැකිය නොහැකි විය. ඇතැම්විට මාධ්‍යයන් මගින් ප්‍රකාශනය වුණු හෝ මාධ්‍ය ආවරණයට හසු නොවූ ප්‍රාදේශීය මට්‌ටමෙන්, පාසල් මට්‌ටමින් හා ඇතැම් ආයතන මට්‌ටමින් ද යුද්ධය තේමා කරගත් චිත්‍ර ප්‍රදර්ශන සාමූහික හා කේවල වශයෙන්ද ප්‍රදර්ශනය විය. විවිධ ආයතන, සංවිධාන හරහා එවැනි චිත්‍ර ප්‍රදර්ශන හා තරග සංවිධාන වූ අවස්‌ථාද දක්‌නට ලැබිණි. එවැනි ප්‍රදර්ශනයකදී ඇතැම්විට යුද්ධය අනිවාර්ය තේමාව නොවුවද බොහෝ දෙනකුට යුද්ධය තේමා වූ බව පැහැදිලි විය. එසේ වුවත් මේ චිත්‍රය බිහිකළේ අපේ රටේ චිත්‍ර සම්ප්‍රදායයන් නියෝජනය කරන ප්‍රබල චිත්‍ර ශිල්පීන්ගෙන්, මූර්ති ශිල්පීsන්ගෙන් නොවේ. මෙරට දහස්‌ සංඛ්‍යාත, පාසල්, දහම් පාසල් ළදරු පාසල්, යොවුන් සේනාංක නියෝජනය කළ ළමා, ළදරු ශිෂ්‍ය පරම්පරාවන් විසිනි. යුද්ධය හෝ පශ්චාත් යුද සමය අළලා සංකීර්ණ ප්‍රබල ප්‍රකාශනයන් ඒ හරහා ඉස්‌මතු නොවුනත් එක දෙයක්‌ පැහැදිලි විය. එනම් යුද්ධය ලංකාවේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම ජාති භේදයකින් තොරව සෑම සමාජයකටම බිහිසුණු අමිහිරි අද්දැකීමක්‌ වූ බවය.

මේ ආධුනිකයන්ට සාපේක්‍ෂව මෙරට ප්‍රබල චිත්‍ර ශිල්පියෝ ස්‌වකීය විෂය හරහා මෙකී තත්කාලීන තේමාවන් වඩා ඉහළ තලයක ප්‍රකාශ කළ බවක්‌ හඳුනාගත හැකිද එක්‌ ශිල්පියකු වටා සංකේන්ද්‍රණය නොවුණත් බහුවිධ ශිල්පීන්ගේ දායකත්වයෙන් ආණ්‌ඩුවේද ප්‍රබල උවමනාවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙරට යුද්ධය අල්ලා පැවැත්වූ ඡායාරූප ප්‍රදර්ශන කිහිපයක්‌ම පසුගිය යුද සමයේ උච්චතම අවධියෙත්, ඉන් පසුවත් අප දුටුවෙමු. විෂයයක ප්‍රාගුණ්‍යයද කැටිකරගත් ප්‍රබල ශිල්පීය අනන්‍යතා ඉස්‌මතුවකින්ද තොර වුවත් අවස්‌ථානෝචිතව, තත්කාලීනව යුද්ධය අපේ පාර්ශ්වයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සාධාරණීකරණය කරන්නට හොඳ දායකත්වයක්‌ ඉන් ලැබුණු බව පෙනුණි. මීට අමතරව කොළඹ කේන්ද්‍රීයව තවත් දෘශ්‍ය කලාත්මක ප්‍රදර්ශන කිහිපයක්‌ද පැවැත්විණි.

ස්‌වකීය ජාතිමාමකත්වයටද නැතිනම් අනෙක්‌ කරුණක්‌ ද යන්න වැදගත් නොවුවත් චිත්‍රයට පරිබාහිර වූ සිනමාව, ගීතය හා ලේඛන සාහිත්‍යය තුළ ශිල්පීහුද ස්‌වකීය විෂයයක දායකත්වයන්ද ඉක්‌මවා යමින් යුද්ධයේ මතවාදය වෙනුවෙන් ආණ්‌ඩුව සමඟ පෙළගැසෙනු දක්‌නට ලැබුණත් චිත්‍රය විෂයයක ප්‍රවීණයන්ගේ එවැනි ඉල්ලීමක්‌ද දක්‌නට නොතිබිණි. එයින් චිත්‍ර ශිල්පියාට පෞද්ගලිකව සිදුවූ, දෙයක්‌ නොවුවත් ඉන් සිදු වූයේ සෙසු කලා විෂයයන් අතරේ තත්කාලීනව සාකච්ඡාවට ලක්‌වීමට තිබූ චිත්‍ර කලාව නම් විෂය පථය ඉස්‌මතු නොවී යාමය. සෙසු සිනමාව හා ගීතය කවිය, නවකතාව ආදී ක්‌ෂේත්‍ර තුළින්, කෘතියේ සාර්ථකත්වය හෝ හෝ ප්‍රකාශනයේ ප්‍රබලතාව තුළින් යුද්ධය හා පසුබිම් වුණු නිර්මාණ රාශියක්‌ අතර අපූරු නිර්මාණද අතළොස්‌සක්‌ වුව බිහිව තිබීම ඉතා අගය කළ හැකි වුවත් එයටත් වඩා වැදගත් වන්නේ යම් තරමින් හෝ සාර්ථක වුණු, තත්කාලීන කාර්යභාරයට පෙළගැසුණු කෘතීන් හා ශිල්පීන් බිහිවීමයිs. එහෙත් යුද්ධයේ පසුබිම කලාවට යොදාගනිමින් එහි සාධාරණත්වයත්, ජයග්‍රහණය නම් සුන්දර අද්දැකීමත් වෙනුවෙන් පෙනීසිටිමින් සමස්‌ත ජන සමාජය තුළ ගෞරවයට පාත්‍ර වූ හෝ එකී තේමාව තුළ කලාව විෂය තුළ නව සම්ප්‍රදායන්ද ගොඩනගන්නට සමත් වූ මහා කලාකරුවෙක්‌ මේ එක ක්‌ෂේත්‍රයකින් හෝ බිහි නොවීය.

සම්භාව්‍යවාදී ශාස්‌ත්‍රාලීය කලාවේ ප්‍රවීණතම ශිල්පීන් වූ ලියනාඩෝ ඩාවින්චි, මයිකල් ඇන්ජලෝ මෙන් ම රෆායෙල්ද කලාව උදෙසා මහා පර්යේෂණ කළේය. එමෙන් ම ෂෂ වැනි ජුලියිස්‌ පාප් වහන්සේගේ දැවැන්ත මාළිගා සිතුවමින් සැරසීමටද ඔවුන් දායක විය. ආගමිකත්වය හා ලෞකිකත්වය පදනම් කරගත් තවත් බොහෝ නිර්මාණද කළේය. නමුත් සම්භාව්‍යවාදී ශාස්‌ත්‍රලීය කලාවත් ග්‍රීක - රෝම කලාවේ ආභාසයනුත් ලබාගෙන ස්‌වකීය කලාව පෝෂණය කරගත් ශාක්‌ ලුවී ඩේවිඩ්ගේ චිත්‍ර කලාවේ භාවිතාවේ මෙවැනි පැතිකඩයන් හදුනාගත නොහැකිය. ඔහු සිය කලාව විෂය තුළ පර්යේෂණ සඳහා යොමුවූයේ නැත. ස්‌වකීය කලාව දැවැන්ත මාළිගා සිතුවමින් සනසන්නට යෙදෙව්වේද නැත. ලෞකික හෝ ආගමික වශයෙන් කළ සිතුවම්ද ඔහු සතු නොවීය. ඔහු සිය කලාවට කැපකළේ ඒ සමාජ පසුබිම තුළින් ඔහුට පැවැරූ අත්‍යවශ්‍ය වගකීමක්‌ ඉටුකිරීම වෙනුවෙන්ය. මේ කාර්යය වෙනුවෙන් ඩේවිඩ් සිය ප්‍රවීණත්වය උපරිමයෙන් යෙදවූයේය. ග්‍රීක - රෝම කලාවේ කලාත්මක නග්නත්වය ඔහු භාවිත කළේ විප්ලවයේ චින්තාවන් හා ගැළපුණු සොක්‍රටීස්‌ගේ ශ්‍රේෂ්ඨත්වය විනිවිද දැක්‌වීමටය. ගී්‍රක - රෝම කලාවේ ප්‍රතිමාරූපී ගාම්භීරත්වය ඔහු භාවිත කළේ විප්ලවවාදියාගේ දැඩි ඒකායන මනෝමූලයන් ප්‍රතිරූපණය කිරීමටය. මේ අර්ථයෙන් බලන කල ශාක්‌ ලුවී ඩේවිඩ් යනු ස්‌වකීය කලා භාවිතයෙන් තත්කාලීන සමාජය උපරිමයෙන් ආමන්ත්‍රණය කළ ජන හිතකාමී සැබෑ කලාකරුවෙකි. ඒ නිසාම ඔහු ස්‌වකීය භාවිතය තුළ ඇතැම්විට ඩාවින්චි, මයිකල් ඇන්ජලෝ හෝ රෆායෙල් වුව අභිබවා යයි.

ඩේවිඩ්ගේ අග්‍ර කෘතිය ලෙස සැලකෙන "මියගිය මරා" (1793- A MARAT) ප්‍රංශ විප්ලවය වෙනුවෙන් ඔහු තැනූ මහා සිsහිවටනයක්‌ මෙහි තාර්කිකත්වයෙන් පෝෂණය වී විප්ලවය වෙනුවෙන් සරල අල්පේච්ඡතාව වැළඳගත් දාර්ශනිකයකු බඳු වූ මරා, ප්‍රංශ විප්ලවය හද පතුලින් වැළඳගත් යුග පුරුෂයෙකි. ප්‍රතිවිරුද්ධ බලවේගයේ පිහිපහරින් මරාගේ ජීවිතය අකාලික අන්තයකට ගියත්, විප්ලවය වෙනුවෙන් ඔහුගේ හඬ නැගීම තුළ ඔහු අමරණීය විය.

මරා මියගියත් ඔහුගේ සරල විප්ලවවාදී ජීවිතය විප්ලවය අගය කළ හදවත් තුළ සදාකාලිකව දැල්වීමට ඩේවිඩ් සමත්විය.

කාලාන්තරයක්‌ වෙළාගෙන සිටි ජීවිත පීඩාව ස්‌වකීය ධෛර්යයේ දහදිය කඳුළු මැදින් හමාර කිරීමට ප්‍රංශ පොදු ජනතාවට හැකිsවිය. කෲර රාජාණ්‌ඩු පාලනය ඒ වටා රොක්‌වුණු පූජක හා රදළ පැලැන්තිsයේ හිංසනයන්ද නිමාවිය. විප්ලවය ජයග්‍රහණය කළේය. විප්ලවය වෙනුවෙන් කැපවුණු බොහෝ ජීවිත විප්ලවය විසින්ම අමරණීයත්වයට පත් කළේය. විප්ලවය උදෙසාම කැන්වසය වැළඳගත් ඩේවිඩ්ද අමරණීයත්වයට පත්විය.


සුසිල් කුලතුංග

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.