2011 ජුනි 03 සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster
විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත අහෝසියි

පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අදාළ ඇමැතිවරයා මේ වන විට එය ඇමැති මණ්‌ඩලයෙන්ද ඉවත්කරගෙන ඇති නිසා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන්ද ඉවත්වනු ඇති බව ඊයේ (02 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා කියා සිටියේය.


රොෂෙන් ඝාතනයේ වගකීම ආණ්‌ඩුව බාරගත යුතුයි - ටිල්වින් සිල්වා

මියගිය රොෂෙන් ශානක වෙනුවෙන් ඔහුගේ පවුලේ අයට ආණ්‌ඩුව වහා වන්දි ගෙවිය යුතු බව ද පොලිස්‌ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සියලු සේවකයන්ටද ආණ්‌ඩුව සාධාරණ වන්දියක්‌ ගෙවිය යුතු බව ද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇඟලුම් සේවකයන් ගැටුමකට පෙළඹවූයේ ජනතා විමුක්‌ති පෙරමුණයි
- ඇමැති කෙහෙළිය
ඇඟලුම් ක්‍ෂේත්‍රය පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් ඉවත්කර ඇති බව ඇඟලුම් සේවකයන් දැන සිටියදීත් ඔවුන් ගල්මුල් ගසා පොලිසිය සමඟ ගැටුමකට පෙළඹවූයේ ජනතා විමුක්‌ති පෙරමුණ බවට ඉදිරියේදී සාක්‌ෂි සහිතව හෙළිදරව් කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

මරණය ගැන වැඩබිම් මට්‌ටමින් අද විරෝධතා
එම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව සියලු වැඩබිම්වල කළු කොඩි එසවීමටත්, අද දවස තුළ සියලු සේවකයන් කළු පටි පැළඳ විරෝධය දැක්‌වීමටත් කටයුතු යොදා ඇති බව ජාතික වෘත්තීය සමිති සඳහන් කරයි.

කටුනායක සිද්ධියේදී සීමාව ඉක්‌මවා කටයුතු කළ පොලිස්‌ නිලධාරීන් ගැන පරීක්‌ෂණයක්‌
- වැඩබලන පොලිස්‌පති
කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් ආරම්භ කළ උද්ඝෝෂණය විසුරුවා හැරීමට යැමේදී පොලිස්‌ නිලධාරීන් අතින් අඩුපාඩු සිදුවූ බවත් ඒ පිළිබඳව පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය යොදා පරීක්‍ෂණ පවත්වාගෙන යන බවත් වැඩබලන පොලිස්‌පතිවරයා පැවසීය.

බස්‌ ගාස්‌තු 15% කින්
ඉහළ දානවාමයි
පෞද්ගලික බස්‌ ගාස්‌තුව සියයට පහළවකින්ද (15%) අවම ගාස්‌තුව රුපියල් 2 කින්ද ලබන ජුලි මස 01 වැනිදා සිට අනිවාර්යයෙන් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ඊයේ (02 වැනිදා) පැවැසීය.

ජපුරේ නවක වධයට  ලක්‌වූ ශිෂ්‍යයෙක්‌ රෝහලේ
නේවාසිකාගාරයේ සිටින විට රාත්‍රී ක්‍රීඩා පිටියට පැමිණෙන ලෙසට ශිෂ්‍යයන් පිරිසක්‌ දැන් වූ බවත් ඒ අනුව තමා ක්‍රීඩා පිටියට ගිය බවත් එහි ශිෂ්‍යයන් හැට දෙනකු පමණ සිටි බවත් එහිදී තමාට උඩ පනින ලෙසටත්, දිවීමට සහ බඩගාන ලෙසටත් දන්වමින් වධදුන් බවත් එදින රාත්‍රී 1.00 සිට 4.00 දක්‌වා එසේ කිරීමට සිදු වූ බවත් එම ශිෂ්‍යයා විසින් හක්‌මණ පොලිසියට පැමිණිලි කොට ඇත.

පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටියදී පෙරේදා (01 දා) මියගිය රොෂෙන් ශානක තරුණයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් ඊයේ (02 දා) ඒකල හා වැලිගම්පිටිය ප්‍රදේශවල ඇඟලුම් කම්හල්වල සේවක, සේවිකාවන් පිරිසක්‌ උද්ඝෝෂණයක නිරත වූ අයුරු. ඡායාරූප - කමල් බෝගොඩ

රොෂෙන්ගේ මෘතදේහය නිවසට ගෙනා මොහොත.....
මගේ නියෝග ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළකරනවා
- හිටපු පොලිස්‌පති
උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා කිසිදු වෙඩි තැබීමක්‌ හෝ පහරදීමක්‌ නොකරන ලෙස නියෝග කර තිබියදී එම නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ දැඩි අප්‍රසාදය පළකරන බව හිටපු පොලිස්‌පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා ඊයේ "දිවයින" ට පැවසීය.

රෙදි සොරකමේ ගිය කතට වැඩ වරදී
65 හැවිරිදි ඇය තිදරු මවකි. කලවා දෙක අතර සඟවා ගෙන සිටි ඇඳුම්වල වටිනාකම රුපියල් 4000 කට ආසන්න බැව් අනාවරණය විය. මෙවන් ඇඳුම් ප්‍රමාණයක්‌ සඟවා ගෙන ඇය ගමන් කළේ කෙසේ දැයි කාටත් ප්‍රශ්නයක්‌ විය.

විද්වත් මණ්‌ඩල වාර්තාවට එරෙහිව ඊශ්‍රායලය පූර්ණ සහාය දක්‌වයි
මේ බව ඊශ්‍රායල් තානාපති මාර්ක්‌ යොපර් විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත දැනුම් දී තිබේ.

රොෂෙන්ගේ මරණයට ජවිපෙ වගකිවයුතු යෑයි කියමින් උද්ඝෝෂණ
නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවකයන් හා පොලිසිය අතර කටුනායකදී ඇති වූ ගැටුමේදී එම වෙළෙඳ කලාපයේ සේවකයකු වන රොෂෙන් ශානක වෙඩි වැදී මියගියේ ජනතා විමුක්‌ති පෙරමුණ අනවශ්‍ය අයුරින් ඊට මැදිහත් වීම නිසායෑයි පවසමින්......

  • ආණ්‌ඩුවේ අණට කීකරු වූ පොලිසිය බිල්ලටදී
    රැකෙන්න උත්සාහ කරන පාලකයන්ට
    රොෂෙන් ඝාතනයේ වගකීමෙන් පලා යා නොහැකියි

    ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

    බංකොලොත් දේශපාලන පක්‍ෂයක්‌ මේ විශ්‍රාම වැටුප් පනත පිටුපස සිට ආණ්‌ඩුව පෙරළන්න හදනවා කියා ජවිපෙට චෝදනා කරනවා. ආණ්‌ඩුවක්‌ පෙරළීමට තරම් සේවකයන් සංවිධානය කළ හැකි නම් ඒ පක්‍ෂය කොහොමද බංකොලොත් වන්නේ. වෙළෙඳ කලාපේ උද්ඝෝෂණයට පිටින් පිරිස අරගෙන ආවාලු. එහෙමනම් මේ පිටින් ආ අයත් තුවාල වෙන්න ඕනෑ. රෝහල්ගතව සිටින සියල්ලෝම වෙළෙඳ කලාපේ අහිංසක සේවකයන්.

  • යළි පනතක්‌ ගෙන එනවා නම්
    ධවල පත්‍රිකාවක්‌ ලෙස ගෙනෙන්න

    - ලක්‍ෂ්මන් කිරිඇල්ල

    විශ්‍රාම වැටුප් ක්‍රමයේ රාමුව ධවල පත්‍රිකාවක්‌ ලෙස ඉදිරිපත් කිරීමෙන් පසුව එයට විවිධ පක්‍ෂවල වෘත්තීය සමිතිවල හා වෙනත් පාර්ශ්වයන්ගේ අදහස්‌ හා යෝජනා ලබාගෙන විශ්‍රාම වැටුප් පනතක්‌ වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව හෙතෙම කීය.

 
  • අරන්තලා භික්‍ෂු ඝාතනයට වසර 24 යි
    මීට වසර 24 කට පෙර හරියටම 1987 වසරේ ජුනි මස 02 වැනි දින අලුයම අරන්තලාවේ 29 කණුව අසල සිදුවූ කෲරතම සිදුවීමක්‌ වූ අරන්තලා භික්‍ෂු ඝාතනය මෙරට ජන මනසින් කිසිදා ඉවත්ව යා යෑයි නොසිතේ.

  • කොමඩි චරිත රඟන ශිල්පීන්ට
    සංයමයක්‌ අවශ්‍යයි

    'කිං හන්තර්' අධ්‍යක්‍ෂ ඡේ. සිවගුරුනාදන්

    හාස්‌යෝaත්පාදක චිත්‍රපටයක රඟපාද්දී නළු නිළියන්ට මනා සංයමයක්‌ තිබිය යුතුයි. නැතිනම් අපි රංගනයකින් දඟලන්න ගියාම විකාරයක්‌. කොමඩි කරද්දී මනා සංයමයක්‌ අවශ්‍යයි. සංයමයකින් යුත් චරිත තිර පිටපත ඔස්‌සේ හැසිරවීමෙන් තමයි කොමඩි මතුවෙන්නේ. "කිං හන්තර්" තුළින් මේ වෙනස දැකබලා ගන්න පුළුවන්.

  • ඉතිහාස ගතවන විශ්‍රාම වැටුප

    මහින්ද රාජපක්‍ෂ රජය යුද්ධය කළමනාකරණයේ දක්‍ෂයකු වුවද ආර්ථික කළමනාකරණයේදී අදක්‍ෂයකු බවය මෙයින් ධ්වනිත කරනුයේ. අනෙක්‌ අතට යුද ජයග්‍රහණයෙන් තමන් ලද දේශපාලන ස්‌ථාවරභාවය දශක තුනක්‌ පුරා පස්‌සට ගිය රට ඉදිරියට ගැනීමට තරම් දැක්‌මක්‌ තමන්ට නැතැයි රජය ඔප්පු කරමින් සිටිනු පෙනෙයි.

 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.