කාල් මාක්‌ස්‌ට බලපෑ අංක විද්‍යාව

දෛව අංක විද්‍යාවට අනුව පලාඵල කථනයක යෙදෙන විට ජන්ම පත්‍රයක්‌ අතට ගත්තා සේම ප්‍රධාන කොට අවධානයට පාත්‍ර විය යුතු කරුණු 7 ක්‌ ඇත.

1. දෛව අංකය හා අනු දෛව අංකය. 2. නාමික අංකය 3. ගුප්ත අංකය 4. ත්‍රිත්ව බෙදීම 5. මුදුන් අංක උදාව 6. පංච මහා භූතාත්මක බලය 7. ඒ ඒ ග්‍රහ අංක

ඒ හැරුණු කොට විමසිය යුතු තවත් කරුණු ඇතිමුත් මෙම කාරණා කෙරෙහි ප්‍රධාන කොටම අවධානයට පාත්‍ර විය යුතුය. මේ අනුසාරයෙන් ලෝකයෙහි සමාජ, ආර්ථික, දේශපාලනික පෙරළියක්‌ කිරීමට තුඩුදුන් මාක්‌ස්‌ වාදයේ පීතෘවරයාය. සම්මානිත කාල් මාක්‌ස්‌ගේ චරිතය ගැන මඳක්‌ විමසා බලමු.

යුදෙව් ජාතිකයෙකු වශයෙන් ඔහු උපත ලැබුවේ ක්‍රි.ව. 1818.05.05 දිනදීය.

ඔහුගේ දෛව අංකය රවි හිමි අක 1 ය. අනු දෛව අංකය බුධ ග්‍රහයාට හිමි අංක 5 ය. ගුප්ත අංකය වන්නේද අංක 1 ය.

ත්‍රිත්ව බෙදීමට අනුව විමසා බලන විට

ආධ්‍යාත්මීය තත්ත්වය } ......

චිත්ත වේගීය තත්ත්වය } 8, 5, 5

ලෞකික තත්ත්වය } 1, 1, 1

ත්‍රිත්ව බෙදීමට අනුව ආධ්‍යාත්මික තත්ත්වයට කිසිදු වටිනාකමක්‌ ලැබී නැත. චිත්ත වේගික තත්ත්වයත්, ලෞකික තත්ත්වයත් බලවත් වී ඇත. මේ අනුව මාක්‌ස්‌ ආධ්‍යාත්මීය වශයෙන් විමුක්‌තිය සැප සම්පත් නොලැබෙන බවත් ලෞකික ක්‍රියාකාරීත්වය තුළම සියල්ල සපුරාගත හැකි බවත් විශ්වාස කළේය. විඥනවාදීව කිසිවක්‌ පිළිනොගත් මොහු භෞතික වාදී චින්තනයෙන් යුක්‌ත විය. ඒ නිසාම ඔහුගේ දර්ශනය තුළ ප්‍රසිද්ධ කියමනක්‌ ඇත.

"ආගම අබිංය" යන්න ප්‍රකාශ කරමින් ආගම ඉතාම සැහැල්ලුවක්‌ වග දක්‌වමි ඉතාම පහත් තත්ත්වයට ඇද දැමීය.

අංක 1 රාජ්‍ය බලය, තේජස, සම්පත්, නියෝජනය කරයි. අංක 5 බුද්ධිමත්කම, උගත්කම, අධ්‍යාපනය ආදී අංශයන් නියෝජනය කරයි. අංක 8 කම්කරුවන්, බර වැඩ, දුක්‌ කම් කටොලු, නියෝජනය කරයි. ආධ්‍යාත්මීය වශයෙන් බලපාන එකදු අංකයක්‌වත් ත්‍රිත්ව බෙදීම තුළ නැත. ඔහුගේ සිතුවිලි ගලා ඒම බුද්ධිමත්කම දැනුම ඔස්‌සේ අධි වේගීකව අංක අට (8) සමග ගලා ගියේය. ඔහුගේ ලෞකිකත්වයට අයත් අංක 1 ශක්‌තිය සම්පූර්ණයෙන්ම චිත්තවේගීය පැත්තට සහයවී ඇත. සියලුම ජීවිතවල සෞභාග්‍ය ලෞකිකව ලැබිය හැක්‌කක්‌ බව ඔහු විශ්වාස කරමින් ඔහුගේ දර්ශනය බිහි කළේය.

මෙහි අනිත් පැත්ත ප්‍රංශයේ ශේ්‍රෂ්ට කෙටිකතාකරු ගීද මෝප සාංට බලපාන ලද ආකාරය චමත්කාරය.

මෝපසාංගේ ආධ්‍යාත්මය } 9, 9

චිත්ත වේගික තත්ත්වය } 8, 5, 5

ලෞකික තත්ත්වය } ........

මේ දෙදෙනාම නිර්ධනයෝ විය. ආධ්‍යාත්මීය හා චිත්තවේගීය තත්ත්වය බලවත් වීමෙන් මෝපසාං මානසික අවපාතයට පවා පත්විය. ආධ්‍යාත්මීය වශයෙන් කිසිදු විශ්වාසයක්‌ නොතබු මාක්‌ස්‌ රාජ්‍ය බලය හා ලෞකිකත්වය ගැනම කතාකර ඒ තුළින් සැප ලැබිය හැකිය විශ්වාසය තබා දැඩිව සිට අන්තිම නිර්ධනයෙකු ලෙසට ජීවිතය ගෙවා දැමීය. අංක විද්‍යාවට අනුව අපූරු චරිත දෙකකි. වයස අවුරුදු 30 දී "විද්‍යාත්මක සමාජවාදය" යන කෘතිය ලියා පළ කළේය. මෙහි විපාක වශයෙන් ඔහු රටින් පිටුවහල් කළේය. යුදෙව් ජාතික කාල්මාක්‌ස්‌ වසර 34 ක්‌ ලන්ඩන් නුවර දුගී ජීවිතයක්‌ ගතකර මිය පරලොව ගියේය. මුදුන් අංක උදාව අනුව ඔහුගේ ජීවිතය ගැන විමසා බලන විට

1836 දී දැඩි ලෙසට ආගම් විවේචනය කිරීම, උදාවී තිබුණ මුදුන් අංකය මෙකී කාලවකානුවේ අංක 9 වේ.

ඔහුට උදාව පැවැති සුබ කාලවකවානු හා ඔහුගේ දිවියේ සතුටුදායකම වර්ෂ තම දර්ශනය ප්‍රබල ලෙසට ගොඩනැඟීමට හැකිවූ කාලයන්.

1832-33-34-35-36 මෙම කාල සීමාවේ උදාව පැවැති මුදුන් අංකයෝ පිළිවෙලින් 1, 3, 5, 7, 9 වේ.

1841 පොතක්‌ ලියා පළ කිරීම මෙවිට මුදුන් අංකය 9 උදාවී පැවතුනි. 1847-1848 වර්ෂය තුළ උදාව පැවතියේ මුදුන් අංක 4 ය. මෙම කාල සීමාවේදී කොමියුනිස්‌ට්‌ ප්‍රකාශනය නිකුත් කිරීම, විප්ලවයක්‌ සිදුකිරීම මේ නිසා ඔහුට විරුද්ධව නඩු පැවරීම සිදුවිය.

1843 වර්ෂයේදී පුවත්පතක්‌ ආරම්භ කිරීමත් විවාහය සිදුවීමත් විය. උදාවී පැවැතියේ මුදුන් අංක 2 ය. මේ කාල සීමාව තුළ තමා බලාපොරොත්තු වූ කාරණා සපලත්වයට පත් වුණේ නැත.

තවදුරටත් අංක විද්‍යානුකූලව කාල්මාක්‌ස්‌ගේ චරිතය විමසා බැලුවොත් මුදුන් අංකයත් කාල්මාක්‌ස්‌ කෙරෙහි දැඩි බලපෑමක්‌ සිදුකර ඇති වග පෙනී යනවා ඇත.

මාක්‌ස්‌ගේ ගුප්ත අංකය සොයා ගැනීමට

මාසයට අදාළ අංක } 597719

දිනයට අදාළ අංක } 461973

මේ සියලුම අංක එකට එකතු කර 9 යෙන් බෙදා සිටි විට ලැබෙන උත්තරයත් ශේෂයත් එකතු කිරීමෙන් ගුප්ත අංකය ලැබේ.

අංකයන්ගේ සංබෙත වර්ණයෝ

අංක 1 තඹ වර්ණය නියෝජනය වේ. අංක 2 මුතු පාට නියෝජනය වේ. අංක 3 සුදු-රතු මිශ්‍ර වර්ණය

අංක 4 අලුපාට (මතයක්‌ පවතී තනි කොළ පාට යයි කියා) අංක 5 කොළ පාට (රත්‍රං පාටද මතයකි) අංක 6 විචිත්‍ර වර්ණ (මුතු පාටය මතයකි) අංක 7 පළාවන් පාට අංක 8 නිල් රතු මිශ්‍රිත වර්ණය අංක 9 ලා රතුපාට වර්ණය නියෝජනය වේ.

අංක විද්‍යාවේදී වර්ණ විභාගයද ඉතා වැදගත් වේ. ජය පරාජය කීම හා නොදුටු දේ දැන ගැනීමට වර්ණයන්ගෙන් අංකයන්ට ලැබෙන්නේ ප්‍රබල ශක්‌තියකි. වර්ණ විභාගය තවදුරටත් අංක විද්‍යාවේදී විමර්ශනයට පාත්‍ර විය යුත්තකි.

කිතුල්ගොල්ලේ අනුරුද්ධ මහා ස්‌ථවිර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.