ශ්‍රී ලංකාව යුද අපරාධකරුවන් කිරීමේ
පවුම් මිලියන ගණනක කොටි කොන්ත්‍රාත්තුව
චැනල් ෆොa බාර ගෙන!

ශ්‍රී ලංකාවට තර්ජනය කළ බ්‍රිතාන්‍ය ඇමැති ඇලෙස්‌ටයාර් බර්ට්‌ සහ කිලිං ෆීල්ඩ් සාවද්‍ය වීඩියෝ චිත්‍රපටය නිර්මාණය කළ කැල්ලම් මැක්‌රේ


ශ්‍රී ලංකාවට එරෙහි පාර්ශ්වයන් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී -
නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා කරුණු සටහන් කර ගනිද්දී
කිරුබාහරන් කොටි ත්‍රස්‌තයා නිදි කිරමින් සිටි අයුරු.


කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාධිකාගේ කොටි සබඳතාවය

ශ්‍රී ලංකාව හා ඉන්දියාව දෙකඩ කිරීමට උත්සාහ කරන අරුන්දතී රෝයි

* ඇෆ්ගනිස්‌ථානයේදී යුද අපරාධ කළ බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක්‌

*
දරුණු කොටි ත්‍රස්‌තයන් මුදාහරින්න යෑයි සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්ය ආරක්‍ෂක ලේකම්ගෙන් ඉල්ලයි

*
චැනල් ෆොa සාවද්‍ය යුද අපරාධ චිත්‍රපට වැල නොකැඩී එළිදකී

*
විදෙස්‌ බුද්ධි සේවා දෙකකට සම්බන්ධ ඒජන්තවරයෙක්‌ ශ්‍රී ලංකාවේ

*
ඊළම ලබාගන්නා තුරු අපි සටන් කරනවා - මාවයි සේනාධිරාජා

*
ඉන්දීය ලේකා අරුන්දතී රෝයිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දෙකඩ කිරීමට ඕනෑලු

*
පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනයවීම ගැන ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් නිහඬයි

*
උතුරේ හමුදා කඳවුරු ස්‌ථානගතවීම ගැන හිටපු කැරලිකරුවෙක්‌ වැලපේ

"ශ්‍රී ලංකාව ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කළා" - ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි

(Sri Lanka commited genocide
of Tamils - Arundathi Roy)

"ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ බිහිසුණු සිංහල රජය ත්‍රස්‌තවාදයට එරෙහි ජාත්‍යන්තර යුද්ධයට මුවාවී ලෝකයේ රටවල් රැසක සහාය ලබමින් විශ්වාස කළේ ද්‍රවිඩ කොටින්ව සදහටම විනාශ කිරීමේ බලපත්‍රයක්‌ තමන්ට ඇති බවයි - කිලිං ෆීල්ඩ් නමැති චිත්‍රපටය සකස්‌ කළ කැල්ලුම් මැක්‌රේ
(The brutal
Sinhalese Govt of President
Mahinda Rajapaksha armed with
Rhe toric of the international war
on terror and the tacit support of
most of the world, believes it has a
licence to eradicate the Tamil Tiger
for ever - callum macrae)

දරුණු කොටින්ට නඩු පැවරීම වෙනුවට ඔවුන්ව
මුදාහරින ලෙස මා ආරක්‍ෂක ලේකම්ගෙන් ඉල්ලා සිටියා....
- ව්‍යාජ සිංගප්පූර් යුද මහාචාර්ය


කොටි ඝාතක සමාගමට යළි ජීවය දීමේ දැවැන්ත කුමන්ත්‍රණය දැන් ආරම්භ වී ඇත. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන රැසක්‌ හා සිංහල මාධ්‍ය එන්.ජී.ඕ. ෙද්‍රdaහින් පිරිසක්‌ ද සෘජුව සම්බන්ධ වී ඇත. මේ සඳහා ලන්ඩන් නුවර සිට ජිනීවා දක්‌වා යුරෝ සහ ස්‌ටර්ලිං පවුල් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක්‌ දියත් විය. එහෙත් සිංහල බහුතරය මේ සිදුවන්නේ කුමක්‌ද යන්න නොදනී. සිංහලයන්ට සතියක්‌ ගත වන විට සිංහල අමතක වන බව ප්‍රභාකරන් පැවසුවේ එබැවිනි. මේ තත්ත්වය මැද කොටි නායකත්වය විනාශ කළ වන්නි හමුදා මෙහෙයුමේ අණදෙන නිලධාරීන් යුද අපරාධකරුවන් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයේ යෙදෙන කණ්‌ඩායම මෙසේයි.

" ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි, බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ යෝලන්ඩා පෝස්‌ටර්, ඡේ. ඩී. එස්‌. හෙවත් ජර්මනියේ සිට විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ නමැති සංවිධානය හා බ්‍රිතාන්‍යයේ චැනල් ෆොa රූපවාහිනී සේවාව.

ප්‍රභාකරන් නමැති ඝාතකයා ඇමරිකානු නිෂ්පාදනයක්‌ වූ සී-4 නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය මගින් ශ්‍රී ලංකාවේ රජයත් හමුදාවත් දණ ගැස්‌සවීමට ගත් උත්සාහය අසාර්ථක විය.

දැන් සී-4 හෙවත් චැනල් ෆොa ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතක සමාගමේ එකී කාර්ය භාරගෙන ඇත. චැනල් ෆොa රූපවාහිනියේ කැල්ලුම් මැක්‌රේ නමැති අධ්‍යක්‍ෂවරයා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, ගෝලීය ද්‍රවිඩ සංසදයේ හා ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ලබාදුන් ස්‌ටර්ලින් පවුම් මිලියන ගණනක කොන්ත්‍රාත්තුව මත එකී කාර්යය දැන් දිගටම මෙහෙයවයි.

මේ කැල්ලම් මැක්‌රේ කළ ප්‍රකාශයයි. "මහින්ද රාජපක්‍ෂගේ බිහිසුණු සිංහල රජය ත්‍රස්‌තවාදයට එරෙහිව ජාත්‍යන්තර යුද්ධයට මුවාවී කොටි සංවිධානය සදහටම විනාශ කර දැමීමේ බලපත්‍රය තමන්ට ඇතැයි විශ්වාස කළා. ඊට එරෙහිවූ දේශීය මාධ්‍යවේදීන්ව පිටුවහල් කළා. අතුරුදන් කරනු ලැබුවා. මරා දැමුවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් ජෙට්‌ යානා අහසේ සැරිසරද්දී යුද හමුදාව කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කරද්දී බියට පත් ද්‍රවිඩ සිවිල් වැසියන් විගස නොගැඹුරු අගලකට යොමු වුණා. නමුත් එක්‌ අයෙක්‌ අත වීඩියෝ කැමරාවක්‌ තිබුණා. අගලේ සිටි කාන්තාවක්‌ තම දරුවා තුරුළු කරගෙන හඬමින් කෑගැසුවා. බංකරයට පැනගන්න, වීඩියෝ කරන්න එපා, වීඩියෝ කිරීමෙන් ඇති ඵලය කුමක්‌ද? ඔවුන් සියලු දෙනාම මරනවා කියා. අද අපට එම වීඩියෝ පටය ලැබී ඇත. ශ්‍රී ලංකාව කළ යුද අපරාධ ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අමතක නොකළ යුතුයි.

කැල්ලම් මැක්‌රේ නමැති මේ කොටි හිතවාදියා ශ්‍රී ලංකාවට එරෙහිව නිපදවූ කිලිං ෆීල්ඩ් වාර්තාමය චිත්‍රපටයේ තිරනාටකය ලියා ඇත්තේ සිද්ධිය ඇසින් දුටුවාක්‌ මෙනි. එසේම කොටි ඝාතක සමාගම විනාශ කිරීමට ශ්‍රී ලංකා රජයට ඇති හිමිකම ගැනද ඔහු ප්‍රශ්න කරයි. එහෙත් බරක්‌ ඔබාමාට අල්ඛයිඩා නායක බින් ලාඩන්ව විනාශ කිරීමට ඇති හිමිකම ගැන ඔහු ප්‍රශ්න කරන්නේ නැත.

කොටින්ගේ කොන්ත්‍රාත්තුවක්‌ මත ක්‍රියාත්මක වන කැල්ලම් මැක්‌රේ කිසි දිනෙක මෙරටට පැමිණියේ නැත. එසේ නම් පසුබිමේ සිටින කණ්‌ඩායම කවුද? ඊට ප්‍රතිචාරය දක්‌වන්නේ නෝර්වේ කොටි නායක නෙදියවන් මෙහෙය වන කොටි නිල වෙබ් අඩවියයි. මෙරට බහුතර ජනතාවගේ දැන ගැනීම උදෙසා වන්නි හමුදා මෙහෙයුමේ ප්‍රධානීන් යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කරන රාජෙද්‍රdaහීන් පිරිස අපි මින් හෙළි කරන්නෙමු. "සිංහල මාධ්‍යවේදීන් සුළු පිරිසක්‌ චැනල් ෆොa මගින් විකාශනය කළ චිත්‍රපටය සඳහා දායක වී ඇත." (It is only a few Sinhala Journalist
who played the crucial role in
setting the trend now being carried
on by the Channel - 4)

මේ සිංහල මාධ්‍යවේදීන් සුළු පිරිස හෙවත් ෙද්‍රdaහීන් කණ්‌ඩායම කවුද? කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තේ මොවුන්ය. දේදුන්න නමැති කොටි පුවත්පත සිංහලෙන් පල කිරීමට සහය වූයේ ද මේ පිරිසය. කොටි සංවිධානය ජය ලබන බවත් එවිට රටින් පැන යැමට මා හට සිදුවන බවට පැවසුවේ ද මේ කණ්‌ඩායමේ එක්‌ අයෙකි. එහෙත් කොටි පරාජයවීමට පෙර ඒ අවාසනාවන්තයා මුලින්ම රටින් පැන ගත්තේය. ජර්මනියට ගිය මේ ෙද්‍රdaහිහු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ නමැති ව්‍යාජ සංවිධානය අටවා ගත්හ. ශ්‍රී ලංකාවට එරෙහි එකී ඡේ.ඩී.එස්‌. සංවිධානය ක්‍රියාත්මක වූයේ හිටපු කැරලිකරුවකු වන රංජිත් හෙන්නායක ලොහ්බිලර් හෙවත් බඩල්ගම බර්ටිගේ නිවසේ සිටය. උතුරේ හමුදා කඳවුරු තිබීම ගැන දැන් බඩල්ගම බර්ටි හඬා වැලපෙයි. උතුර හමුදාකරණයට ලක්‌වී ඇතැයි ඔහු කියා සිටී. මේ පසුබිම මැද ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ පර්යේෂිකාවක්‌ යෑයි පවසන යෝලන්ඩා පෝස්‌ටර් කොටි හිතවාදී බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ ත්‍රස්‌තයන් සමග එක්‌වී ශ්‍රී ලංකාවට එරෙහි කිලිං ෆීල්ඩ් නමැති චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලමින් පත්‍රිකා බෙදාහැරීමේ යෙදී සිටි බව වාර්තා විය. එසේම කිලිං ෆීල්ඩ් චිත්‍රපටය පිළිබඳ දැන්වීම් බ්‍රිතාන්‍ය මාධ්‍යවල ද පළ කර ඇත. සොලන්ඩා පෝස්‌ටර් ශ්‍රී ලංකාවට එරෙහිව බෙදූ පත්‍රිකාවල කොටි සංවිධානය සිදුකළ අපරාධ ගැන සඳහන් වී නැත. චැනල් ෆොa රූපවාහිනියට කිලිං ෆීල්ඩ් වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ කැල්ලම් මැක්‌රේ පවා කොටි ඝාතක සමාගම ගැන සිය තිරනාටකයේ සඳහන් කර නොමැත.

ශ්‍රී ලංකාවට එරෙහි මේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමට ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි ද සම්බන්ධ වී ඇත. ලන්ඩනයේ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය සංවිධානය පසුගියදා ඇයව ලන්ඩනයට කැඳවීය. ඇයට ලබාදී තිබූ මාතෘකාව වූයේ ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කිරීමට යන්නයි. තමා ශ්‍රී ලංකාවට ගිය බවත් යුද්ධයේ බියකරු බව තමා දුටු බව ද ඇය පසුගිය සෙනසුරාදා ලන්ඩනයේ පැවැති සමුළුවකදී කියා සිටියාය. ශ්‍රී ලංකාවේදී මට දිවුරුම් ප්‍රකාශ දැන ගැනීමට ලැබුණා. බිහිසුණු ක්‍රියාදාමයක්‌ ගැන එහි සටහන් වී තිබුණා යෑයි අරුන්දතී රෝයි තවදුරටත් කළාය.

මේ ඉන්දීය ලේඛිකාව ශ්‍රී ලංකාව ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කළ බවට ප්‍රකාශ කර ඇත්තේ ඇය වන්නියට ගොස්‌ එකී සිදුවීම් ඇසින් දුටුවාක්‌ මෙනි. මේ අන්දමට 58 වැනි සේනාංකයේ ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ඇමරිකාවේදී එක්‌ කොටි හිතවාදී කාන්තාවක්‌ චෝදනාවක්‌ නඟමින් යටත් වූ කොටින් තිදෙනකු ඝාතනය කළ බව පැවසුවාය. මෙයට ප්‍රතිචාර දැක්‌වූ ජනරාල්වරයා තිදෙනකු ඝාතනය කරන බව දුටුවා නම් එතන සිටි සිව් වැනියා නුඹ විය යුතු බවත් නුඹ දිවි ගලවාගෙන ඇමරිකාවට පැන ඇවිත් ඇතැයි දැඩි ලෙස පැවසීම නිසා එම කොටි කාන්තාව නිහඬ විය.

මේ අතර ලන්ඩනයේදී අරුන්දතී රෝයි සමග එකී සමුළුවට බී.බී.සී. ද්‍රවිඩ සේවාවේ සේවය කළ කොටි හිතවාදිනියක්‌ වූ ආනන්ද සූරියප්‍රසාගම් ද සම්බන්ධ වී ඇත. මෙහිදී අරුන්දතී රෝයි ශ්‍රී ලංකාව පමණක්‌ නොව ඉන්දියාවේ කාශ්මීරය, මනිපූර් සහ නාගලන්ත යන ප්‍රාන්ත ද වෙනම රටවල් බවට පත් කිරීමේ උත්සාහයක ද නිරත වී ඇත. මෙලෙස ශ්‍රී ලංකාවේ රජයත් හමුදාවත් ලෝකයේ බිහිසුණුම යුද අපරාධකරු කිරීමට බටහිර බලවේග සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු උත්සාහ කරන අවස්‌ථාවේ සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන ව්‍යාජ යුද මහාචාර්යවරයකු හා ත්‍රස්‌ත විශේෂඥයකු ලෙස හඳුන්වා ගන්නා අයෙක්‌ ආරක්‍ෂක ලේකම් වෙතින් ඉල්ලීමක්‌ කරමින් දරුණු කොටින්ට නඩු පැවරීමට ගත් තීරණය යළි සලකා බලන ලෙසත් පුනරුත්ථාපනය කිරීමෙන් පසු ඔවුන්ව ද අනිත් කොටින් මෙන් මුදාහරින ලෙසත් පවසා ඇත. (He had requested the
defence secretary to Reconsider
prosecuting hard core LTTE cadres
and freeing them like other ex
combataants after rehabilitating
them)

විවිධ බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් කොටි ත්‍රස්‌තයන් 539 ක්‌ දැනට රැඳවුම් කඳවුරු තුනක සිටී. අපේ ප්‍රධාන කාර්යය නම් ශ්‍රී ලංකා රජය යටතේ අත්අඩංගුවේ සිටින කොටි සාමාජිකයන් මුදාගැනීම යෑයි රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ ප්‍රධාන රුද්‍රකුමාරන් වරක්‌ පවසා තිබිණි. මෙරට ඇමරිකානු තානාපතිව සිටි වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ද එකී අදහස දැරීය. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා ගෝලීය ද්‍රවිඩ සංසදය ද අත්අඩංගුවේ සිටින කොටි මුදාහැරීමට රජය ක්‍රියා කළ යුතු යෑයි ද සඳහන් කර ඇත.

මෙම පසුබිම මැද දරුණු කොටින්ව මුදාහැරිය යුතු යෑයි පවසන ව්‍යාජ යුද මහාචාර්යවරයා රාජ්‍ය නොවන සංවිධාන සහ බටහිර රටවල් සමග සබඳතා ස්‌ථාපිත කරගන්නා ලෙස ශ්‍රී ලංකා රජය වෙත උපදෙස්‌ දෙමින් දන්වා ඇත. මේ කේවට්‌ට උපදෙස්‌ රජය පිළිගත යුතුද? (Restore its
relations with N.G.O. s and west)

මේ නිසා මොහු මේ රජය ලවා ක්‍රියාත්මක කිරීමට යන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්‌ ද යන්න විමර්ශනයට ලක්‌ කළ යුතුව තිබේ. කොටි පැරදවිය නොහැකි බව පැවසුවේ ද මොහුයි.

මේ අතර විදේශ බුද්ධි සේවා දෙකක ඒජන්තවරයෙක්‌ ගැන තොරතුරු රැසක්‌ දැන් අනාවරණය වී ඇත. මේ ඒජන්තවරයාට ප්‍රධානතම කාර්යභාරයන් දෙකක්‌ පැවරී තිබේ. එම කාර්ය නම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත හා චීනය ඉතාමත් සමීපව ක්‍රියාත්මක වන්නේ ද යන්න හා ප්‍රභාකරන්ගේ අවසානය සිදුවූ අයුරු ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට තොරතුරු සැපයීමයි.

හිටපු හමුදා නිලධාරීන් හා වත්මන් හමුදා නිලධාරීන් කීප දෙනකු මේ ඒජන්ත  කවුදැයි මේ වන විට හඳුනාගෙන ඇත.

එහෙත් රජයේ ඉහළ පෙළේ බලධාරීන් මෙතෙක්‌ එකී ඒජන්ත හඳුනාගෙන නැත. තාරකී අංක 2 යෑයි හඳුන්වන මේ ඒජන්ත ගැන ඇතැම් හමුදා නිලධාරීහු දැන සිටියත් ඔහු ගැන කතා කිරීමට පවා බියක්‌ දක්‌වයි. එහෙත් අපි මොහු කවුද? කුමක්‌ කරන්නේද? හා කාටද සේවය කරන්නේ යෑයි විමර්ශනය කර ඇත.

මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී වසර ගණනකට පෙර නිරායුධ පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වීමේ සැමරුම පැවැත්විණි. එහෙත් ප්‍රභාකරන්ට එරෙහිව ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් හෝ මානව හිමිකම් සංවිධානවලින් යුද අපරාධ චෝදනා නැඟුණේ නැත. පොලිස්‌ භටයන් 600 ක්‌ තිරුක්‌කෝවිල් කැලෑවේදී මැරූ කොටි ඔවුන්ගේ සිරුරු පුළුස්‌සා දැමූහ. එවකට සිටි පොලිස්‌ අධිකාරිවරයකු වූ ටැසි සෙනවිරත්න විසින් පොලිස්‌ භටයන්ට අවි බිම තබා යටත්වන ලෙස නියෝග කළ පාර්ශ්වයන් ද අනාවරණය කෙරිණි. මේ අතර කැනඩාවේ ස්‌කැබරෝ ප්‍රදේශයේ මන්ත්‍රීවරියක්‌ බවට පත්වූ රාධිකා සීතාසබෙයිසන් කැනඩා පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකාව සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් කැනඩා පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකාව සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් ස්‌වාධීන විමර්ශනයක්‌ අවශ්‍ය බව කියා සිටියාය. ඇගේ මේ ප්‍රකාශයට ප්‍රතිචාරය දැක්‌වූ ද්‍රවිඩයකු වූ සන්දීපන් ඥණසිංහම් ඇය කොටි ගැන කිසිම වචනයක්‌ පවසා නැති බවත් දැන් කොටි රූඩකයක්‌ මෙන් ක්‍රියා කරන බවත් සඳහන් කර ඇත. (Rathika Sitasabaiesan has proven a
puppet and lobbyist for a terror
movement) මේ කොටි හිතවාදිනිය පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධ කොටින්ට ආයුධ සැපයීමට අරමුදල් ලබාදුන් කැනඩා ද්‍රවිඩ කොංග්‍රසය විසින් ඇගයීමකට ලක්‌කර උත්සාවයක්‌ ද පවත්වා ඇත. ඊට කැනඩාවේ කොටි හිතවාදියකු වූ ඩේවිඩ් පූපාලපිල්ලේ ද සහභාගි විය. මේ අන්දමේ තොරතුරු හෙළිවෙද්දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව යුද අපරාධකරුවන් බවට පත් කිරීමේ උත්සාහයක යෙදුන මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා සහ කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ වී. කිරුබාහරන්ගේ මෙහෙයුම මෙතෙක්‌ සාර්ථක වී නැත.

මානව හිමිකම් සමුළුවේ රාජ්‍ය නොවන සංවිධාන දිනයේදී නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා සාවද්‍ය කරුණු පෙන්නුම් කිරීම සඳහා ලිවීමේ යෙදෙද්දී කිරාබාහරන් නිදි කිරමින් සිටියේය.

මේ මානව හිමිකම් සමුළුවට ජිනීවා චන්ද්‍රන් මෙවර පැමිණ සිටියේ නැත. මේ අතර වන්නියට පා නොතැබූ තක්‌කඩින් ද දැන් ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට දක්‌වමින් සාවද්‍ය ලිපි ලියමින් සිටී. ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලයේ උපාධියක්‌ හිමි කරගෙන ඇති බව කියන පෝල් නිව්මන් එවැන්නෙකි. ඔහුට එම උපාධිය හිමිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධවය. ශ්‍රී ලංකාවට එරෙහි මහජන විනිශ්චය සභාව නමැති ව්‍යාජ අධිකරණයේ දේශකයකු වූයේ ද මේ තක්‌කඩියායි.

බොස්‌නියාවේ කාන්තාවන්ට සිදුවූදේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ කාන්තාවන්ටද සිදුවන බව ද විදේශ අරමුදල් මත යෑපෙන මේ විදේශීකයා පවසා ඇත. පසුගිය ජුනි 2 වැනිදා බැංගලෝරයේ පැවැති ශ්‍රී ලංකාවට එරෙහි සමුළුවේ දේශකයකු වූයේද මොහුයි. චැනල් ෆොa සාවද්‍ය යුද අපරාධ චිත්‍රපටය ද මේ සමුළුවේදී තිරගත විය. ද්‍රවිඩයන් රැකගනු නමින් අටවාගත් සංවිධානයක්‌ මෙහෙය වන මහාචාර්ය මානිවන්නන් ඇතුළු කොටි හිතවාදීන් සුළු පිරිසක්‌ සහභාගි වූ මේ සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි ආර්ථික සම්බාධක පනවා විද්වත් මණ්‌ඩල වාර්තාවට සහාය දක්‌වන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලීමේ යෝජනාවක්‌ ද සම්මත කෙරිණි. මේ තොරතුරුවලින් සනාථ වන්නේ කොටි ජාත්‍යන්තර ප්‍රචාරක ජාලයේ අරමුදල් මත මාධ්‍යවේදීන් මෙන් පෙනී සිටින පිරිස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන බවයි. කිලිං ෆීල්ඩ් චිත්‍රපටය නිර්මාණය කළ කැල්ලම් මැක්‌රේ ද එවැන්නෙකි. චැනල් ෆොa අංක 1, 2 සහ 3 යන යුද අපරාධ චිත්‍රපට මේ වන විට එළිදැක ඇත.

මේ පසුබිම මැද කොටි රූකඩය වූ ද්‍රවිඩ සන්ධානය උතුරට පොලිස්‌ සහ ඉඩම් බලතල ලබාගැනීමට ඉන්දියාව පෙළඹවීමේ දැඩි උත්සාහයක යෙදී සිටී. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා පසුගියදා යාපනයේ පැවැති සමුළුවක්‌ අමතා ඊළම ලබාගන්නා තුරු සටන ගෙන යන බව පවසා ඇත.

(Valikaman meeting Mavai Senathiraajah says: We will fight
till we get tamil eelam) රජය දැන්වත් ද්‍රවිඩ සන්ධානයේ යටි අරමුණ තේරුම්ගත යුතුය. සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ව්‍යාජ යුද මහාචාර්යවරයා දරුණු කොටි මුදාහරින්නැයි ඉල්ලන්නේ මාවයි සේනාධිරාජලාට ඊළම ලබාගැනීම සඳහා සහායවීමට දැයි විමසිය යුතුව තිබේ.

අග්නිදිග ආසියාව සඳහා වූ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයේ ඇමැතියකු වූ ඇලිස්‌ටෙයාර් බර්ට්‌ පසුගිය ජුනි 15 වැනිදා ශ්‍රී ලංකාවට තර්ජනයක්‌ කරමින් යුද අපරාධ ගැන ශ්‍රී ලංකා රජය විමර්ශනයක්‌ නොකරන්නේ නම් සියලුම ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව වෙත සහාය දැක්‌වීමට බ්‍රිතාන්‍යය ක්‍රියා කරන්නෙමු යෑයි පවසා ඇත. මේ තර්ජනාත්මක ප්‍රකාශයෙන් පැය 24 කට පසු රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති කොටි හිතවාදී සංවිධානයේ පිරිසක්‌ හා බ්‍රිතාන්‍ය මන්ත්‍රී කණඩායමක්‌ අතර රහස්‌ සාකච්ඡාවක්‌ එරට පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී ජනාධිපති, ආරක්‍ෂක ලේකම් හා හමුදා නායකයන්ව යුද අපරාධකරුවන් කරන්න යෑයි එම කොටි හිතවාදීහු බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට බලපෑම් කර ඇතැයි වාර්තා විය.

බ්‍රිතාන්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශයට සමගාමීව චැනල් ෆොa රූපවාහිනිය සිය කොටි කොන්ත්‍රාත්තුව අකුරටම ඉටුකර ඇත. සර්බියානු යුද්ධයේදී යුද අපරාධ සිදුවූ ආකාරයටම ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇතැයි චැනල් ෆොa සේවාව ද එදිනම දන්වා තිබේ. (Killing Fields Video evidence
builds case for war crimes -
Channel-04 news)

මේ පසුබිම යටතේ ටැමිල්ස්‌ ෆොa ඔබාමා සංවිධානය ඇමරිකානු ජනාධිපති ඔබාමා වෙත ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ සඳහා ජනමතවිචාරණයක්‌ පවත්වන්නැයි ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.