ශවේන්ද්‍ර නිව්යෝර්ක්‌වලදී චැනල් - 4
මෙහෙයුම බිඳ දමයි


ජනරාල් ශවේන්ද්‍ර සිල්වා චැනල් 4 වීඩියෝපටය සාවද්‍ය බවට විදෙස්‌ තානාපතිවරු හමුවේ සනාථ කරමින් සිටි අයුරු. ඡායාරූපයේ ඉදිරියෙන් සිටින පස්‌දෙනා අතර එකී වීඩියෝ පටය නිර්මාණ්‍ය කළ අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේද වේ.

* චැනල් - 4 රූපවාහිනියට සාවද්‍ය වීඩියෝ දර්ශන සැපයූ

"ඡේ. ඩී. එස්‌." ෙද්‍රdaහියාට ජර්මනිය දේශපාලන රැකවරණ දේ

* එන්. ජී. ඕ. සම්බන්ධවූ තොරතුරු දැනගැනීමේ පණත්
කෙටුම්පත පරාජයවේ.

* අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේට කටඋත්තර නැතිවේ.

* කිලිං ෆීල්ඩ් වීඩියෝපටය නිව්යෝර්ක්‌ වෙත
ගෙන ආවේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ නඩුවක්‌
ගොනු කිරීමේ අරමුණින් යෑයි හෙලිවේ.

* චැනල් 4 වෙනුවෙන් අපට ආධාර කරන්න යෑයි
ශ්‍රී ලංකා කැම්පේන් සංවිධානය

* කළු කොටි බෝම්බකාරියන් ගැන චිත්‍රපට නිර්මාණය
කළ අද බියටේ ඇන්ස්‌ටඩ් මානව හිමිකම් ගැන හඬනගයි

* වන්නි හමුදා ප්‍රධානීන් අතර ගැටුම් ඇතිකිරීමේ
මෙහෙයුමක්‌ ලන්ඩන් මඩ වෙබ් අඩවි මෙහෙයුම්කරු
දියත් කරයි.

"දෑත් බැඳ ඇස්‌ වසනු ලැබූ මිනිසුන් හා ස්‌ත්‍රින් ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කරන අයුරු දැක්‌වෙන වීඩියෝ චිත්‍රපටයක්‌ අපට ලැබුණා. අපි එය චැනල් 4 රූපවාහිනියට යෑව්වා. රි4ටර්ස්‌ විතවුට්‌ බෝඩර්ස්‌ සංවිධානය අපට මූල්‍ය ආධාර ලබාදීමට තීරණය කළා. ඒ අනුව වෙබ් අඩවියක්‌ ඇරඹීමට ඡේ. ඩී. එස්‌. සංවිධානයට යුරෝ 3820 ක්‌ ලැබුණා -

ජර්මනියේ බර්ලින් නුවර ඡේ. ඩී. එස්‌. හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ නමින් අටවාගෙන සිටින කොටි හිතවාදී සංවිධානයේ ප්‍රකාශකයා

"We reccieved a video showing SL Troops
executing men and women who blind folded
and whose hands were tied. we sent it to
channel - 4 R.S.Pdecided to Provide with
Fiíncial support J.D.S. was given Euro 3820
to help it turn its blog in to a website -PRO
L.T.T.E. J.D.S Spoksman

දිනය ජුනි 21
වේලාව දහවල් 11.00

ස්‌ථානය නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මුලස්‌ථානයට යාමද චර්ච් සෙන්ටර් මධ්‍යස්‌ථානය

මෙහෙයුම - ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් බවට සනාථ කිරීම. සහ ඇමරිකාව තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව නඩුවක්‌ පැවරීමට කටයුතු කිරීම.

මෙහෙයුමේ නාමය - ඔපරේෂන් කිලිං පීල්ඩ්

පැමිණිලිකරු - හියුමන් රයිට්‌ස්‌ වොච් - ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සහ ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෘප්

සාක්‌ක්‍ෂිකරුවන් - චැනල්-4 අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේ, මාටින් රසල් ලී

පසුගිය අඟහරුවාදා (21 දා) දහවල් නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේ ඩැග්හැමර්ෂල්ඩ්ජොල්ඩ් ශාලාවේදී චැනල් 4 සාවද්‍ය වීඩියෝ චිත්‍රපටය විකාශනය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණත් ඒ සඳහා එක්‌සත් ජාතීන්ගේ බලධාරීන්ගේ අවසරය නොලැබිණි. මේ නිසා කලබලයට පත් කොටි හිතවාදීන් හා ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානය එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයට යාබදව පිහිටි චර්ච් සෙන්ටර් නමැති මධ්‍යස්‌ථානයේදී දහවල් 11.00 ට එය තිරගත කෙරෙන බවට ප්‍රචාරය කෙරිණි. එක්‌සත් ජාතීන්ගේ තානාපතිවරු සහ ඇමරිකානු මාධ්‍ය හමුවේ චැනල් 4 චිත්‍රපටය තිරගත කෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයාට අවස්‌ථාව දී ඇති බවටත් දන්වන විද්යුත් ලිපි අමෙරිකානු කොටි ජාලය විසින් විගස විසුරුවා හරිනු ලැබීය.

මෙම අවස්‌ථාවට එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇරයුම් කර තිබුණේ නැත. එහෙත් චැනල් ෙµd අධ්‍යක්‍ෂක කැල්ලම් මැකරේට ලන්ඩනයේ සිට නිව්යෝර්ක්‌ වෙත ගෙන්වීමට ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානය ක්‍රියාකර තිබිණි.

මැක්‌රේ මෙන්ම ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමට දැඩි උත්සාහයක්‌ ගත් ඇමරිකානු ඉනර් සිටි ප්‍රෙස්‌ ආයතනයේ රසල් ලී සහ කොටි හිතවාදීන් ද විදෙස්‌ තානාපතිවරුද හමුවේ චැනල් 4 චිත්‍රපටය තිරගත වීමෙන් පසු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා දුෂ්කරතාවට පත් කිරීමේ අරමුණින් ප්‍රශ්න ඇසීමට සැලසුම් කර තිබිණි. ශ්‍රී ලංකා හමුදාව විසින් යුද අපරාධ කරන අයුරු දැක්‌වෙන දර්ශන තමාට ලැබුණ අයුරුත් ඒ සඳහා ක්‍රියාකළ අන්දමත් ශාලාවේ සිටි විදෙස්‌ තානාපතිවරු හමුවේ ප්‍රකාශ කිරීමටද මැක්‌නර් අදහස්‌ කර තිබූ බව පසුව අනාවරණය විය. නිව්යෝර්ක්‌හිදී දියත් කර තිබූ මෙම ඔපරේෂන් කිලිං පිල්ඩ් මෙහෙයුම සාර්ථක වී නම් නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවකු වනු ඇතැයි ජර්මනියේ ඡේ. ඩී. එස්‌. හෙවත් කොටි හිතවාදී මාධ්‍ය පාර්ශවය දැඩි ලෙස විශ්වාස කළේය. එය සනාථ වූයේ එකී ෙද්‍රdaහීන් පිරිස විසින් කර ඇති ප්‍රකාශයකිනි "තව තවත් දර්ශන විකාශනය කිරීමට අපි සෑම උත්සාහයක්‌ම දැරුවෙමු. යුද අපරාධ කෙරෙන දර්ශන අපි එක්‌සත් ජාතීන්ගේ නීති විරෝධී ඝාතන ගැන විමර්ශනය කෙරෙන විශේෂ නියෝජිතයා වෙතද යෑවීමට ක්‍රියා කළෙමු. මේ දර්ශන සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිය ගණනක්‌ මාධ්‍ය වෙතින් ඉල්ලීම් ඉදිරිපත් විය යයි ඡේ. ඩී. එස්‌. කණ්‌ඩායම කියා සිටියේය.

එහෙත් ඔපරේෂන් කිලිං පිල්ඩ් මෙහෙයුම පාරා වළල්ලක්‌ විය. කිලිං පිල්ඩ් චිත්‍රපටය තිරගත වීමෙන් පසු කොටි හිතවාදීන් පාලිත කොහොන වෙතින් ප්‍රශ්න අසද්දී එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු මවිතයට පත්කරමින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශාලාවට ඇතුළුවිය. එය දුටු කිලිං පිල්ඩ් අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේ කලබලයට පත්විය.

මෙහිදී විදෙස්‌ තානාපතිවරුන් ඇතුළු සභාව ඇමතූ ජනරාල්වරයා චැනල් 4 දර්ශන එකින් එක විග්‍රහයට ලක්‌කරමින් එම දර්ශන සාවද්‍ය යෑයි පෙන්නුම් කළේය. "කිලිං පිල්ඩ්" දර්ශනයක ගුවන් හමුදාව කැලෑවකට බෝම්බ හෙලන බව දැක්‌වෙනවා. එහෙත් මියගිය අය වැතිර සිටින්නේ එලිමහනකයි. මේ දර්ශන එක්‌සත් ජාතීන්ගේ චන්ද්‍රිකා ඡායාරූපවලින් ලබාගත් බව පැවසුවත් තිරයේ එක්‌ තැනක දිස්‌වන්නේ එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දර්ශන ලෙසයි. ගුවන් හමුදාවේ ඡායාරූප (water mark) එක්‌සත් ජාතීන්ගේ චන්ද්‍රිකා ඡායාරූප වුණේ කෙසේද? ඒ වගේම ද්‍රවිඩ කාන්තාවන් අගලකට පනිමින් හැංගෙන දර්ශනයක්‌ දැක්‌වෙනවා. මෙතන සිටින විදේස්‌ තානාපතිවරු දෙමළ භාෂාව දන්නේ නැහැ. ඒ ද්‍රවිඩ කාන්තාව දෙමළ භාෂාවෙන් කියන්නේ වීඩියෝ කරන්න එපා කියලයි. මේ සාවද්‍ය චිත්‍රපටයේ ප්‍රධාන නිළිය දමිල්වානි ඥණකුමාර් ඇය කවුද කියා මා හෙලිකරන්නම් දමිල්වානි නම් තුනකින් පෙනී සිටියා. දමිල්වානි කුමාර්, වානි කුමාර්, දමිල්වානි ඥනකුමාර් යන නම් භාවිත කළ ඈ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි දික්‌කසාද වූ තැනැත්තියක්‌. ඈ අතුරුදන්වූ බව ඇගේ වැඩිමහල් සොහොයුරිය ප්‍රකාශ කළා මාස 6 කට වීසා බලපත්‍රයක්‌ ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණි දමිල්වානි නතර වුණේ කොටි කඳවුරකයි. ඇය කොටි සමග එක්‌ව කොටි රෝහලක සිටින වීඩියෝ දර්ශන තිබෙනවා. ඒ නිසා දමිල්වානි කොටි සංවිධානය සමග ක්‍රියාකළ බව තහවුරු වෙනවා. කිලිං පිල්ඩ් චිත්‍රපටයේ දැක්‌වෙන ද්‍රවිඩ වෛද්‍ය ශන්මුගරාජා රජයේ පාලන ප්‍රදේශයට පැමිණීමෙන් පසු කරන ලද ප්‍රකාශ අප සතුව තිබෙනවා. සිවිල් වැසියන් විශාල ලෙස මියගිය බවට පවසන්නැයි කොටි තමාට බලපෑම් කළ බව ඔහු පාපොච්චාරනය කරනු ලැබුවා. සදාචාර මාධ්‍ය ජාලයක්‌ රාජ්‍ය විරෝධීන්ගේ ක්‍රියාවලට ගොදුරුවිය යුතු දැයි යන්න මා චැනල් 4 රූපවාහිනියෙන් ප්‍රශ්න කරනවා යෑයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය.

මෙහිදී අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේ නැගී සිටිමින් ඔබ උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි නුදුන්නේ මන්දැයි විමසනු ලැබීය.

"ඔබේ නොදන්නාකම ගැන මට කණගාටුයි. මම දෙවරක්‌ම එම කොමිසම හමුවේ සාක්‌කි දුන්නා. අන්තර්ජාලයට ගොස්‌ එම ප්‍රකාශ ගැන බලන්න යෑයි ජනරාල්වරයා ඊට ප්‍රතිචාරය දැක්‌වීම නිසා මැක්‌රේට කට උත්තර නැතිවිය.

තවත් ප්‍රශ්න තිබෙනවා නම් අහන්න යෑයි ජනරාල්වරයා ඇසූ නමුත් කැල්ලම් මැක්‌රේ හෝ මාටින් රසල් ලී සිය අසුන්වලින් නැගිට්‌ටේ නැත.

සිදුවූයේ කුමක්‌ද යන්න සහ ජනරාල්වරයා ශාලාවට ඇතුල් වූයේ කෙසේද යන්න ගැන ඇමනෙස්‌ට්‌ ක්‍රියාකාරීන්ට හා කැල්ලම් මැක්‌රේට ද ප්‍රහේලිකාවක්‌ විය. ඇමනෙස්‌ට්‌ හියුමන් රයිට්‌ස්‌ වොච් හා ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා ගොනු කිරීමේ කණ්‌ඩායමට අලුතින්ම එක්‌වූ ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෘප් සහ එන්. ජී. ඒ. ක්‍රියාකාරීහු කාල්ලම් මැක්‌රේ නමැති තක්‌කඩියාව නිව්යෝර්ක්‌ නුවරට ගෙන්වූයේ කුමක්‌ සඳහාද? යන්න මින් සනාථ විය. ඒ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව සනාථ කරලීමට බව පැහැදිලිය.

කිලිං පිල්ඩ් සාවද්‍ය වීඩියෝ පටය නිව්යෝර්ක්‌ නුවරදී තිරගත කිරීමෙන් පසු ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානය පැමිණිලිකරු සාකච්ඡාකරු හා විනිසුරු ලෙස ක්‍රියාකරමින් යුද අපරාධ පිළිබඳ ඉන් සනාථ වන බවත් ශ්‍රී ලංකා හමුදාව මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවටත් පවසනු ලැබීය. හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය ද චැනල් 4 වීඩියෝ පටයෙන් යුද අපරාධ සිදුවී ඇතැයි කියා සිටියේය.

 

නම් තුනකින් පෙනී සිටි දමිල්වානි
ඥණකුමාර් නමැති කොටි ක්‍රියාකාරිණිය


මේ සාවද්‍ය වීඩියෝ පටයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීමට යොදාගත් දමිල්වානි ඥණකුමාර් නමැත්තිය කොටි ක්‍රියාකාරිණියක්‌ නොවේ යෑයි සනාථ කිරීමට අධ්‍යක්‍ෂක කාල්ලම් මැක්‌රේට නොහැකි විය. 58 වැනි සේනාංකාධිපතියා කිලිං පිල්ඩ් පෙන්වූ ශාලාවට එනු ඇතැයි මැක්‌රේ කිසිසේත් විශ්වාස කළේ නැත.

දමිල්වානිගේ පවුලේ අය ලන්ඩනයේ ගාඩියන් පුවත්පත වෙත කළ ප්‍රකාශයෙන් ඇය කොටි ක්‍රියාකාරිනියක්‌ බව සනාථ වෙනවා. යෑයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන අවස්‌ථාවේ කැල්ලම් මැක්‌රේ උඩ බැලුවේය.

මෙලෙස නිව්යෝර්ක්‌හිදී ඔපරේෂන් කිලිං පිල්ඩ් මෙහෙයුම අසාර්ථක වූ බව කිසිම ඇමරිකානු මාධ්‍යයක පළවූයේ නැත. මේ තත්ත්වය මත චැනල් 4 කුමන්ත්‍රණය දැන් අනාවරණය වී ඇත. බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය සිය වාර්තාවෙන් ශ්‍රී ලංකාවට ඇදහිය හැකි චෝදනා ඇතැයි දක්‌වා තිබිණි. (credible allegation against Sri Sri Lanka", එහෙත් චැනල් 4 එය ඇදහිය හැකි සාක්‍ෂි යනුවෙන් වෙන්කර එම සාවද්‍ය තේමාව යටතේ ක්‍රියාත්මකයි. (credible evidence of war crimes)

මේ පසුබිම මැද චැනල් 4 සාවද්‍ය වීඩියෝ පටය සම්බන්ධයෙන් හඬනගන්නන්ගේ අතීතය හෙළිවිය. නෝවීජියානු අධ්‍යක්‍ෂකවරියක්‌ වූ බියටේ ඇන්ස්‌ටඩ් ද ඊට සම්බන්ධ වී ඇත. ඇය සාමය සහ යුක්‌තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය නමැති එන්. ජී. ඕ. සංවිධානයක ක්‍රියාකාරිණියකි. Sri Lanka canpaign for peace and Justice සී - 4 හෙවත් අධිබල පුපුරණ ද්‍රව්‍ය යෙදූ බෝම්බ කබා ඇඳ සිවිල් වැසියන් හා දේශපාලනඥයන්ගේ සිරුරු කැබලි කළ කළු කොටි බෝම්බකාරියන් ඇගයීමට ලක්‌කරමින් "මයි ඩෝටර්" ටෙරරිස්‌ට්‌ චිත්‍රපටය නිර්මාණය කළේ ඇයයි.

ඇගේ එන්. ජී. ඕ. සංවිධානය ලබන ජුලි 21 වැනිදා රාත්‍රි 7.30 ට ලන්ඩනයේ ආර්කෝලා සිනමාහලේදී නාටකයක්‌ රඟදක්‌වයි අරමුදල් තරකර ගැනීම සඳහා පවත්වන මේ නාටකයේ ප්‍රවේශපත්‍රයක මිල පවුම් විසිපහකි.

එම සංවිධානය මෙලෙස ප්‍රකාශ කර ඇත.

"චැනල් 4 චිත්‍රපටය ඔබ නැරඹුවේ නම් අප මුහුණපා සිටින මානව හිමිකම් ප්‍රශ්න ගැන ඔබ අවබෝධ කරගනු ඇත. අපේ මේ සැඳෑවට සහභාගි වී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ අනිකුත් අය හිංසාවට ලක්‌කිරීමේ ක්‍රියාදාමයක්‌ හෙලිකරීමේ කාර්යට සහයවන්න"

මෙකී නාටකයෙන් පසු ශ්‍රී ලංකාවේ රසවත් කේක්‌ කැබැල්ලක්‌ හා වයින් වීදුරුවක්‌ද පිරිනැමෙන බව එකී සංවිධානය කියා සිටී. මෙලෙස නිව්යෝර්ක්‌ නුවර චැනල් 4 වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීමට දින දෙකකට පෙර එකී චිත්‍රපටයේ දැක්‌වෙන දර්ශන සත්‍ය යෑයි කියාපෑමට මෙරටින් ලන්ඩනයට පැනගිය පර්ල් තේවනායගම් නමැති කොටි හිතවාදිනියද ඉදිරිපත් විය. ඇය සම්බන්ධයෙන් වසර කීපයකට පෙර ජුලි 18 වැනිදා ප්‍රකාශයට පත්වූ රොයිටර් පුවත් වාර්තාවක මෙලෙස සඳහන් විය. කොටි පාලන ප්‍රදේශයට ගොස්‌ ආපසු එමින් සිටි වාර්තාකාරියක්‌ වූ පර්ල් තේවනායගම් කොටින්ට තොරතුරු ගෙනයැම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

"තමා ඉංගී්‍රසි ගුරුවරියක්‌ බවත් කිලිනොච්චියේ සිටින පවුලේ අය බැලීමට ගිය බව ඇය සොල්දාදුවන්ට පැවසුවත් ලිපිනයක්‌ ලබාදීමට ක්‍රියාකර නැත.

She Told soldiers she was an English
teacher who had been to see family members
in the North

මෙවන් පසුබිමක්‌ ඇති ඇය චැනල් 4 චිත්‍රපටය ගැන හඬ නැගීම ගැන පුදුම විය යුතුයි. ඇමනෙස්‌ට්‌ සංවිධානයත් කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ තිරුබාකරන් මෙන්ම නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියාත් ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී චැනල් 4 තිරගත කිරීමෙන් පසු රඟ දැක්‌වූ නාඩගම නිව්යෝර්ක්‌ නුවරදී ක්‍රියාත්මක වූයේ නැත. මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් බලාපොරොත්තු වූයේ තමන් නගන සාවද්‍ය චෝදනාවලට මුනිවත රකින ශ්‍රී ලංකා නිලධාරීන්ය. එහෙත් එම ක්‍රමවේදය අසාර්ථක විය මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ කට වැසීමට එන්. ජී. ඕ. කාරයන්ට නොහැකි විය. මෙරට තානාපති සේවාවේ මෙතෙක්‌ පැවැති තානාපති රටාව (Diplomacy) බිඳ දැමීමට ඔහු ක්‍රියාකළේය.

මේ නිසා ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාවට එරෙහිව මඩ වෙබ් අඩවියක්‌ මෙහෙයවන දීනයෙක්‌ හා ඔහුගේ කොළඹ ඒජන්තවරු දෙදෙනා ජනරාල්වරයා සහ වන්නි මෙහෙයුමේ අනිකුත් ප්‍රධානීන් මෙන්ම ආරක්‍ෂක ලේකම්වරයා අතරද ගැටුම් නිර්මාණය කිරීමේ ප්‍රලාප විකාශනය කරනු ලැබීය. හිටපු ජ්‍යෙස්‌ඨ නාවික නිලධාරියකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකරට එරෙහිව ද මේ දින වෙබ් අඩවිය ක්‍රියාත්මක වී ඇත. මේ අතර චැනල් 4 වීඩියෝ පටයේ දර්ශන අව්‍යාජ බවට සනාථ කිරීමට ඇමරිකානු මැරින් බලකායේ හිටපු යුද අපරාධකරුවකු වූ ටිම් කිං නමැත්තාද ඉදිරිපත් විය. මහින්ද රාජපක්‍ෂගේ රජය දසදහස්‌ ගණන් සිවිල් වැසියන් ඝාතනය කළ බවද ඔහු කියා සිටියේය. එහෙත් 2006/2007 වසරවල ඇµaගනිස්‌ථානයේ වාර්තාකරුවකු ලෙස ක්‍රියාකළ ටිම් කිං ඇමරිකානු සෙබළුන්ගේ යුද අපරාධ වසන් කිරීමට ක්‍රියාකරනු ලැබීය.

මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව විවිධාකාර පාර්ශව සාවද්‍ය චෝදනා නගද්දී විදෙස්‌ න්‍යාපත්‍ර මත ක්‍රියාකරන දේශීය සතුරන්ද ගිනි ඇවිලවීමේ යෙදී ඇත. රුසියාව කොටින්ව පෝෂණය කළා අපේ හමුදාවට ලබාදුන්නේ කසිකබල් ආයුධ යෑයි සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක එක්‌ දේශීය සතුරෙක්‌ සඳහන් කරනු ලැබීය. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී රුසියාව ශ්‍රී ලංකාවට සහය දැක්‌වීමට ඉදිරිපත් නොඉවසූ මේ දේශීය සතුරා ශ්‍රී ලංකාවේ ජනතාව තුළ රුසියාව කෙරේ ඇති පැහැදීම ඉවත් කිරීමේ අරමුණින් ඒ බව දක්‌වා තිබිණි.

මේ අතර ඇමරිකාවේ පිහිටුවාගෙන ඇති රටින් පිටත ඊළාම් රාජ්‍ය නමැති ව්‍යාජ සංවිධානය ප්‍රකාශයක්‌ කරමින් ද්‍රවිඩ ඊළම විසින් ජාත්‍යන්තර අධිකරණය පිළිගන්නා බව දක්‌වා ඇත. එසේ නම් කොටි ඝාතක සමාගමට ත්‍රස්‌තවාදය ව්‍යාපත කිරිමට සහය වූ එම සංවිධානයේ ප්‍රධානියා වූ රුද්රකුමාරන් යුද අපරාධකරුවකු නොවන්නේද?

මෙලෙස ජාත්‍යන්තර කොටි ජාලය ඩොලර් සහ යූරෝ මිලියන ගණනක්‌ වැයකර ශ්‍රී ලංකාවත් ආරක්‍ෂක හමුදාවත් අවමානයට ලක්‌කරන අවස්‌ථාවේ කොටි සිදුකළ යුද අපරාධ සහ ඊට වගකිවයුත්තන්ට එරෙහි වසා දමා තිබූ රහස්‌ පොලිස්‌ ලිපිගොනු නැවත එළියට ගැනීමේ කාලය එළඹී ඇත. නිලවේලි බැංකු කොල්ලයට සම්බන්ධ සිංහරාසා පියනම දැන් සිටින්නේ කැනඩාවේයි. මේ හැර බක්‌කිඇල්ල ගම්මානයේ සිවිල් වැසියන් ළදරුවන් කපා කොටා ඝාතනය කළවුන් බ්‍රිතාන්‍යයේ සිටින බව හෙළිවී තිබේ. අපරාධකරුවන් රටේ නැත කියා වසා දැමූ රහස්‌ පොලිස්‌ ලිපිගොනු වලින් රටවල් රැසක සිටින කොටි යුද අපරාධකරුවන්ට චෝදනා එල්ල කළ හැකිවේ. කොටි හිතවාදියෙකු වූ එමානුවෙල් පියනම ද ඒ අතර වේ. එමානුවෙල් පියනම කොටි සමග එක්‌වී කටයුතු කිරීම ගැන තමා ඔහුව අත්අඩංගුවට ගැනීමට යද්දී ඉහළ පෙලේ පොලිස්‌ නිලධාරින් තමා කොටු කිරීමට උත්සාහ කලා බව රහස්‌ පොලිසියේ හිටපු නිලධාරියෙක්‌ වරක්‌ පවසනු ලැබීය.

මේ අතර චැනල් 4 වීඩියෝ පටය සම්බන්ධයෙන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැක්‌වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් ඉනර් සිටි ප්‍රෙස්‌ ආයතනයේ මැතිව් රසල් ලී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක නෙසර්කි හමුවී එම වීඩියෝ පටය නැරඹීමට මහලේකම් බෑන් කී මූන් මෙතෙක්‌ ක්‍රියානොකළේ මැන්දැයි විමසා ඇත. මෙයට ප්‍රතිචාර දැක්‌වූ නෙසර්කි චැනල් 4 වීඩියෝ පටයේ කරුණු නිවරැදි ලෙස පිළිබිඹු කර නැතැයි කියා සිටියේය.

මේ තොරතුරු මැද වාර්තා වූයේ චැනල් 4 වෙත සාවද්‍ය වීඩියෝ දර්ශන යෑවූ ජර්මනියේ ඡේ. ඩී. එස්‌. සංවිධානයේ ප්‍රකාශකයාට ජර්මනිය විවිධ දේශපාලන රැකවරණ ප්‍රදානය කළ බවයි. තමාට රිපෝටර්ස්‌ විතවුට්‌ බෝටර්ස්‌ ආයතනයේ සහයෙන් දේශපාලන රැකවරණ ලැබූ බව ඔහු ලෝක අනාථයන්ගේ දිනයේදී ප්‍රකාශයක්‌ කරමින් පල කළේය.

මොහු ඒ බව පැවසිය යුතුව තිබුණේ ලෝක ෙද්‍රdaහින්ගේ දිනයේයි. (World
Tratiors day)

මේ අතර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේ සිටින ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් ප්‍රධානි ජොසේ දියස්‌ චැනල් 4 වීඩියෝපටය සාවද්‍ය යෑයි සනාථ කිරීමට ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ක්‍රියාකළ බව පැවසුවේ නැත.

ඔහු පසුගිය බ්‍රහස්‌පතින්දා ප්‍රකාශයක්‌ කරමින් එම චිත්‍රපටයෙන් එක්‌සත් ජාතීන් කම්පනයට පත්වූ බව පවසා ඇත. රැවුල ගිනිගනිද්දී සුරුට්‌ටු පත්තු කිරීමට දැරීමේ උත්සාහයකට සමාන සිද්ධියට පසුගිය අඟහරුවාදා වාර්තාවිය. ඒ එන්. ජී. ඕ. කාරයන්ගේ අවශ්‍යතා මත තොරතුරු දැනගැනීමේ පණත නමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වූ යෝජනාවක්‌ රජය පරාජය කිරීමයි.

මේ පරාජයේ පසුබිමේ සිටින්නේ කවුද පැහැදිලිය. ට්‍රාන්ස්‌ පෙරන්සි ඉන්ටර්නැෂනල් නමැති රාජ්‍ය නොවන සංවිධානයද එය පසුබිමේ ක්‍රියාත්මක විය. නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය ද එක්‌ කොනක විය. මේ නිසා ඔව්හු දැඩි කම්පනයට පත්වී ඇතැයි වාර්තාවේ. මේ පණත පරාජය කිරීම ගැන රජයේ මන්ත්‍රීවරුන්ට ප්‍රණාමය හිමිවිය යුතුය.

කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.