සැමදා නැවුම් නිෂ්පාදන වෙළෙඳපොළට
හඳුන්වාදෙන මන්චී වෙතින් කොතලහිඹුටු බිස්‌කට්‌ස්‌


ලක්‌මාල් බෝහගවත්ත

සිලෝන් බිස්‌කට්‌ස්‌ යනු මෙරට ආහාර නිෂ්පාදන ෙíaත්‍රයේ පුරෝගාමී සමාගමකි. නිර්මාණශීලී සහ නැවුම් ආහාරපාන වෙළෙඳ පොළට හඳුන්වාදීම සම්බන්ධයෙන් එම සමාගමට හිමිවනුයේ ප්‍රමුඛ ස්‌ථානයකි. සිsලෝන් බිස්‌කට්‌ස්‌ හි ප්‍රමුඛ නිෂ්පාදනයක්‌ වන මන්චී අද වන විට බිස්‌කට්‌ස්‌ වෙළෙඳ පොළ අංක එකේ නාමය බවට පත්ව ඇත. මන්චී විසින් හඳුන්වාදෙනු ලැබූ නවතම නිෂ්පාදනය මන්චී කොතලහිඹුටු බිස්‌කට්‌ස්‌ය. එය වෙළෙඳපොළට හඳුන්වාදීමේ මාධ්‍ය හමුවක්‌ පසුගියදා කොළඹදී පැවැත්විණි.

කොතලහිඹුටු බිස්‌කට්‌ස්‌ මන්චී වසර ගණනාවක කළ පර්යේෂණවල ප්‍රතිඵලයකි. සිලෝන්ස්‌ බිස්‌කට්‌ස්‌ සමාගම නිරන්තරයෙන් පාරිභෝගික අවශ්‍යතා සමීක්‌ෂණ මගින් හඳුනාගෙන එයට ගැළපෙන සේ බිස්‌කට්‌ස්‌ නිෂ්පාදනය කරන සමාගමකි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව නිජබිම කරගත් ආයුර්වේද සහ පාරම්පරික වෙදකමේ වටිනා ඖෂධය්ක්‌ වන කොතලහිඹුටු ආශ්‍රයෙන් බිස්‌කට්‌ වර්ගයක්‌ ලෝකයේ නිෂ්පාදනය කළ ප්‍රථම අවස්‌ථාව මෙය වේ.

මෙකී සුවිශේෂී බිස්‌කට්‌ස්‌ වර්ගය නිෂ්පාදනය කිරීම සඳහා සිලෝන් බිස්‌කට්‌ස්‌ සමාගම කර්මාන්ත තාක්‌ෂණ ආයතනය හෙවත් ෂඔෂ ආයතනය සමග අවබෝධතා ගිවිසුමක්‌ ඇති කරගත්තේ 2004 වසරේදීය. ඒ අනුව කොතලහිඹුටු යොදාගෙන බිස්‌කට්‌ස්‌ නිෂ්පාදනය කිරීමේ පර්යේෂණ ආරම්භ කරන ලදී. මෙම පර්යේෂණවල ප්‍රධාන විද්‍යාඥයා වූ ෂඔෂ ආයතනයේ ස්‌වභාවික නිෂ්පාදන අංශයේ ප්‍රධානී ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා කොතලහිඹූටු බිස්‌කට්‌ස්‌ නිෂ්පාදනය පිළිබඳ අදහස්‌ දක්‌වමින් "කොතලහිඹුටු යොදාගෙන බිස්‌කට්‌ස්‌ නිෂ්පාදනයේදී අපි අභියෝග රැසකට මුහුණ දුන්නා. අපගේ ප්‍රධාන අභියෝගය වුණේ රසවත් සහ ප්‍රියඋපදවන බිස්‌කට්‌ස්‌ වර්ගයක්‌ නිපදවීමයි. ඉතා සියුම් සහ දැඩි කැපවීමෙන් කළ පර්යේෂවලින් පසු අන් සියලු බිස්‌කට්‌ස්‌ මෙන් කටට රස උපදවන මන්චි කොතලහිඹුටු බිස්‌කට්‌ස්‌ නිෂ්පාදනය කිරීමට හැකිවුණා" යෑයි පැවැසීය.

මන්චී කොතලහිඹුටු බිස්‌කට්‌ස්‌වල ප්‍රමිතිය සහ ඖෂධීය ගුණය, වෛද්‍ය පර්යේෂණාගාර මට්‌ටමින් සහ ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ පුද්ගලයන් ආශ්‍රිතව සිදුකළ පර්යේෂණවලින් තහවුරු කර තිබේ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ මන්චී වෙළෙඳ නාමය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී තේජා පීරිස්‌ මහත්මිය, "දියවැඩියාව රෝගය ඇති පාරිභෝගික ජනතාව වෙනුවෙන් සුදුසු බිස්‌කට්‌ස්‌ වර්ගයක්‌ නිෂ්පාදනය කිරීම සිලෝන් බිස්‌කට්‌ස්‌ සමාගමේ සභාපති මිනේක වික්‍රමසිංහ මහතාට තිබූ සිහිනයක්‌. එය අද සැබෑ කරගැකීමට හැකිව තිබෙනවා. මන්චි සැමවිටම නැවුම් හා පෙරළිකාර නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දෙන සමාගමක්‌. අප මීට පෙර ඖෂධීය ගුණයෙන් පිරි කරපිංචා ක්‍රැකර්ස්‌ සහ කුරක්‌කන් ක්‍රැකර්ස්‌ බිස්‌කට්‌ස්‌ වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. රසයෙන් හා පෝෂණයෙන් උසස්‌ බිස්‌කට්‌ස්‌ වෙළෙඳපොළට හඳුන්වාදෙමින් මන්චි රස ලොව රජ කිරුළ සතුරකරගෙන සිටිනවා" යෑයි පැවැසුවාය.

සිලෝන් බිස්‌කට්‌ස්‌ සමාගමේ සමූහ අධ්‍යක්ෂ සහ වෙළෙඳ හා අළෙවි අංශ ප්‍රධානී නන්දන වික්‍රමගේ මහතා, මන්චි සැමවිටම රසකැවිලි නිෂ්පාදනයේ පෙරගමන්කරු. ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට ආදර්ශයක්‌ වෙමින් පෙරළිකාර නිෂ්පාදන අප නිරතුරුවම හඳුන්වාදුන්නා. සිලෝන් බිස්‌කට්‌ සමාගම මීට පෙර නිෂ්පාදනය කළ බිස්‌කට්‌ස්‌ සියල්ලටම වඩා වැඩි කාලයක්‌ මන්චි කොතලහිඹුටු නිෂ්පාදනය සඳහා වැය වුණා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් සිදුකළ පර්යේෂණවලදී මන්චී කොතලහිඹූටු බිස්‌කට්‌ පහළ ඨෂ දර්ශයක්‌ සහිත ආහාරයක්‌ ලෙස සනාථ වී තිබෙනවා යෑයි ද පැවැසීය.

මන්චී කොතලහිඹූටු බිස්‌කට්‌ස්‌වලට අමතරව මීට පෙර මන්චී වෙළඳ නාමය යටතේ තවත් පෙරළිකාර බිස්‌කට්‌ වර්ගයක්‌ද හඳුන්වාදෙනු ලැබීය. ඒ මන්චී චීස්‌ ක්‍රැකර්ය.

ඡායාරූපය - කමල් බෝගොඩ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.