කාන්තා හිංසනයන්ට එරෙහිව දිල්ලියේ උද්ඝෝෂණයක්‌



ලොව පැරණිතම රැකියාවේ නිරතව සිටින කාන්තාවෝ ඊට පිළිගැනීමක්‌ හේ නීත්‍යානුකූල තත්ත්වයක්‌ ලබා ගැනීමට උත්සාහ කරති. බොහෝ රටවල එම ඉල්ලීම ජය ගැනීමට පවා ඔවුහු සමත්ව සිටිති. අසල්වැසි ඉන්දියාවේ පවා ඔවුන් සදහාම වෙන්වූ වීථි පවා ඇත. එය ඔවුන් සලකන්නේ කාන්තාවකගේ අයිතියක්‌ ලෙසය. එහෙත් එය ස්‌ත්‍රී දූෂණයට වඩා හාත්පසින්ම වෙනස්‌ය.

කෙසේ වෙතත් ඉන්දියානු කාන්තාවෝ පිරිසක්‌ දැන් වීථි බැසීමට තීරණය කර සිටිති. ඉන්දියාවේ ස්‌ත්‍රී දූෂණ අගනගරය ලෙස ප්‍රසිද්ධව ඇති නවදිල්ලි නුවරදී ඔවුන් මෙසේ උද්ඝෝෂණයක නිරතවනු ඇත. ඉන්දියාවේ අගනගරයෙහි සිදුවන කාන්තා හිංසන ඊට ප්‍රධානතම හේතුවය.

ඔවුන් පවසන්නේ කාන්තා හිංසනය මෙන්ම ශාරීරකව කෙරෙන වධ හිංසාද බලධාරීන් සලකන්නේ පිරිමියෙක්‌ කළ විහිළුවක්‌ ලෙසටය.

ඉන්දියානු කාන්තාවෝ මෙම පෙළපාලියෙහිදී තමන්ගේ අඟපසග පෙනෙන ආකාරයේ ඇඳුම්වලින් සැරසී ගමන් කරනු ඇත. ඔවුන් එසේ කිරීමට තීරණය කර ඇත්තේ ඒ හරහා ජනතා විරෝධයක්‌ ඇති කර තම ප්‍රශ්නයට අවධානය යොමුකර ගැනීමය.

දැනට එක්‌සත් ජාතීන් විසින් කර ඇති සමීක්‍ෂණයකට අනුව සෑම පැය 18 කට වරක්‌ නවදිල්ලි නගරයෙහි දූෂණයට භාජන වේ. මුම්බාහි එය පැය 14 වරකි.

දූෂණය කිරීමට අමතරව මෙම නගර දෙකෙහිම තරුණියන්ට හූ කීම හෝ අඟපසග බලහත්කාරයෙන් මිරිකීම වැනි අපචාරයන්ට ලක්‌වේ.

19 හැවිරිදි උමං සභාවල් නම් ශිෂ්‍යාව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ භයානකම නගරය නවදිල්ලිය බවය.

මෙහි කිසිම තැනක්‌ ආරක්‍ෂා සහිත නැහැ. සාමාන්‍යයෙන් ඉන්දියාවේ අනෙක්‌ නගරවල ස්‌ත්‍රී දූෂණ කෙරෙන්නේ රාත්‍රියේදී. ඒත් නව දිල්ලියට රෑ දවල් කියා වෙනසක්‌ නැහැ. සාමාන්‍ය කොට ගවුමකින් සැරසී සිටියහොත් හොද හූවකින් සංග්‍රහයක්‌ ලබන්න පුළුවන්. අපේ වැඩිමහල් ජනතාව සිතන්නේත් එය ඉල්ලාගෙන කෑමක්‌ ලෙසය.

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ ඉන්දියාවේ පමණක්‌ නොවේ. බොහෝ යුරෝපීය රටවල පවා ගණිකා වෘත්තියෙහි නොව වෙනත් විෂමාචාර ක්‍රියාවන්හි යෙදෙන බොහෝ කාන්තාවෝ සිටිති. මත්ද්‍රව්‍ය අලෙවිය, ප්‍රවාහනය, පික්‌පොකට්‌ ගැසීම, සාප්පු සංකීර්ණ වලින් භාණ්‌ඩ සොරා ගැනීම ඒ අතරවේ. එවනි කාන්තාවෝ අසුවූ විට විවිධ ගැහැටවලට මුහුණදීමට සිදුවේ. පොලිස්‌ ස්‌ථානයන් තුළ පවා දූෂණයට පාත්‍ර වේ. ඔවුන් ද දැන් ලෝකය පුරා මෙම හිංසනයන්ට එරෙහි උද්ඝෝෂණ කිරීමට සූදානම්ව සිටිති.

අප රටෙහි මෙතරම් දරුණු නොවුවද කාන්තා හිංසනය කාගේත් අවධානයට ලක්‌විය යුතු තරමට උග්‍ර වී ඇත. මෙහිදී ඉන්දියාවේ හෝ යුරෝපීය රටවල මෙන් තමන්ට වෙන හිංසන ගැන විවෘතව කතා කිරීමට හෝ විරෝධය පෑමට ඉදිරිපත් වන්නේ ඉතාමත් කලාතුරකිනි. බොහෝ විට ඊට හේතුව වන්නේ ඊට පසු සමාජයට මුහුණ දීමට ඇති නොහැකියාවය. ඔවුන් වෙනුවෙන් කතාකිරීමට අද ඉදිරිපත්ව සිටින්නේ කාන්තාවන් ඉතා සුළු පිරිසකි.

නැවත වරක්‌ ඉන්දියාව ගැන කතා කරන්නේ නම් හින්දුස්‌තාන් පුවත්පතෙහි පුවත්පත් කලාවේදිනියක්‌ වන සීමා ගොස්‌වාමි පවසන්නේ මෙම උද්ඝෝෂණය කිසිසේත්ම අවශ්‍ය වන්නක්‌ නොවන බවය. අපට හූ කියපු පලියට අපි අඩ නිරුවතින් පෙළපාලි යන්නේ ඇයි. මේවා සංවිධානය කරන අය යන්නේ කාර්වලින්.

මෙම හිංසනයන්ට පාත්‍ර වන්නේ වැඩ හමාර වී පයින් ගෙදර යන කාන්තාවන්. පිරිමියෙක්‌ නරක ලෙස හැසුරුණාට අපි මොකටද ඒ තත්ත්වයට වැටෙන්නේ."

එහෙත් ඇත්ත වශයෙන්ම ඔවුන් මේ කරන්නේ තමන්ගේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කර ගැනීමය. එහිදී එහි යම් සත්‍යතාවයක්‌ ඇතැයි කිව හැකිය. කලක්‌ පලස්‌තීන නායකයාව සිටි යසර් අර්පත් ගුවන්යානා පැහැර ගත්තේද පලස්‌තීන ප්‍රශ්නයට ලෝක ප්‍රජාවගේ අවධානය යොමුකර ගැනීමට නොවේද?

අසෝක වන්නිආරච්චි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.