2011 ජුනි 26 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

ආණ්‌ඩුවේම පක්‍ෂ රැසක්‌ සරසවි සටනට එක්‌වෙති

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කැඳවූ සාකච් ඡාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ජාතික නිදහස්‌ පෙරමුණ හැර සෙසු සියලුම දේශපා ලන පක්‍ෂ හා වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සහභාගි වී ඇති අතර ලබන සතියේ නිකුත් කෙරෙන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීමට එම සියලුම නියෝජිතයන් එකඟතාව පළ කර ඇත.

උසස්‌ අධ්‍යාපනයට පිටරට ගිය දහස්‌ ගණනක්‌ අතරමං

මේ වනවිට එංගලන්තය ඇතුළු බොහෝ රටවල පවතින වත්මන් තත්ත්වය තුළ එම රටවල ජීවත්වන පිරිස්‌වලට පවා සීමිත රැකියා සංඛ්‍යාවක්‌ පැවැතීම හේතුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ලෙස එරටට ගිය ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ බොහෝදෙනෙක්‌ රැකියා නොමැතිව විවිධ අපහසුතා වන්ට මුහුණදෙමින් ජීවත්වෙති.
මීට සති තුනකට ඉහතදී කැලණිය ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්‌වූ දෙහැවිරිදි දිළිණි නමැති දැරිය මෙතෙක්‌ දිනක්‌ වෙන්ව සිටි ඥති සොහොයුරියෝ යළි හමුවූ මොහොතේදී ඇතිවූ සතුට බෙදා ගත්තේ මෙලෙසිනි.
ඡායා -නිශාන් එස්‌. ප්‍රියන්ත

ජල සම්පාදන මණ්‌ඩල පව් පාරිභෝගිකයන්ගේ කරපිට
2005 වසරේ සිට ජල පාරිභෝගිකයා මෙසේ මණ්‌ඩලයේ වැරදි නිසා ජල ඒකකයකට පිළිවෙළින් රුපියල් 8.19, රුපියල් 9.27, රුපියල් 10.37, රුපියල් 11.37 බැගින් වසරින් වසර අතිරේක මුදලක්‌ ගෙවා ඇතැයිද විගණකාධිපතිවරයා පවසයි.

ලන්ඩන් සටහන්
සනත් ජයසූරිය නැවත කණ්‌ඩායමට ඇතුළත් කිරීම පිළිබඳ පුහුණුකරු ස්‌ටුවර්ට්‌ ලෝ, හිටපු නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර තම අසතුට පළ කළ බව වාර්තා වේ.

 
  • වතුකරයටත් පිහිටවෙන්න
    ප්‍රභාගනේෂන් ඉන්දීය අගමැතිගෙන් ඉල්ලයි

    ශ්‍රී ලංකාවේ ඇති වූ වාර්ගික හිංසනයන් හේතුවෙන් ද තවත් දහස්‌ ගණනකට රට හැර යැමට සිදු විය. මේ තත්ත්වය හේතුවෙන් බිඳී ගිය ඥති සබඳතා යථා පරිදි පවත්වා ගෙන යැමේ දැඩි අවශ්‍යතාවක්‌ ඉන්දීය සම්භවයක්‌ සහිත ජනතාවට ඇතත්, වීසා සඳහා පනවා ඇති සීමාවන් මේ ජනයා දැඩි පීඩාවකට හසු කිරීමට හේතු වී ඇති බවද හෙතෙම සිය ලිපිය මගින් සඳහන් කර ඇත.

  • කොටින්ට කෙළින්ම උදව් කළ රටවල්
    රැසක තොරතුරු තියෙනවා

    - මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

    ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා නගන පාර්ශ්වයන් වෙත තමා අනතුරු ඇඟවීම් කරන බවත් කස්‌ත්‍රොගේ බංකරයෙන් එකී පාර්ශ්වයන්ගේ සැබෑ ස්‌වරූපය හෙළිවූ බවත් හෙතෙම කියා සිටියේය.

  • තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මේක තමා!
    එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය

    මේ වනවිට ලෝකයේ රටවල් 85 ක්‌ දැනටමත් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කර තිබෙනවා. තවත් රටවල් 16 ක්‌ දැනට මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් සාක්‌a රටවල් අතරින් ඉන්දියාව, පාකිස්‌තානය, බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් මේ පනත අනුමත කර තිබෙනවා.

  • මේක ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමක්‌!
    ජවිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

    උදාහරණයට ගත්තොත් එක්‌තරා රූපවාහිනී මාධ්‍යයක ජනාධිපතිවරයාගේ නම පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. නම වෙනුවට ඇහෙන්නේ "බීප්" සද්දයක්‌ විතරයි. ඉතිං කොහෙද මාධ්‍ය නිදහසක්‌. එයින්ම පැහැදිලි වෙනවා ඉතාම බරපතල මාධ්‍ය වාරණයක්‌ තිබෙන බව.

  • ශවේන්ද්‍ර නිව්යෝර්ක්‌වලදී චැනල් - 4
    මෙහෙයුම බිඳ දමයි

    58 වැනි සේනාංකාධිපතියා කිලිං පිල්ඩ් පෙන්වූ ශාලාවට එනු ඇතැයි මැක්‌රේ කිසිසේත් විශ්වාස කළේ නැත. සාවද්‍ය වීඩියෝ පටයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීමට යොදාගත් දමිල්වානි ඥණකුමාර් නමැත්තිය කොටි ක්‍රියාකාරිණියක්‌ නොවේ යෑයි සනාථ කිරීමට අධ්‍යක්‍ෂක කාල්ලම් මැක්‌රේට නොහැකි විය.

       

 

  • ඒ ලොවින් බිඳක්‌ මෙහි ගෙන ආ පරතසාරථි

    භාරතීය තාල වාදන ශිල්පී පරතසාරථි මුඛර්ජි ශිල්පියා විසින් කරන ලද්දේ ප්‍රාතිහාර්යයකි. සිය තාල වාදනය වූ උත්තරභාරතීය සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායෙහි විශිෂ්ටතම භාණ්‌ඩය බවට පත්ව ඇති තබ්ලාව මගින් ඔහු මවා ලූ වාද්‍ය චමත්කාරය මෙරට රසිකයන් කලකින් අත්විඳි දුර්ලභ ආස්‌වාදයක්‌ ම විය.

  • ඒ ඡායාරූප ගැන මම සත්‍ය
    හෙළිකරලයි තියෙන්නේ

    ආන්දෝලනාත්මක ඡායාරූප පෙළ ගැන නදීෂා කතාකරයි

    පූල් එකකට ළමා සාරියක්‌ ඇඳගෙන බහින්න බෑනෙ.... තැනට සුදුසු ආකාරයට ඒ දේවල් කළ යුතුයි. ඒ දේවල් කරද්දි ඒගොල්ලන්ට ඒව මැජික්‌ වගේ තමයි පේන්නෙ... තැනට සුදුසු විදිහට ඇඳුම් පැළඳුම් භාවිතා කරන්න වගේම හැසිරෙන්නත් මට හොඳ දැනුමක්‌ තියෙනවා.

  • මම එයාගෙන් වෙන්වෙනවා
    නෙහාරා

    වීදුරු භාජනයක්‌ අරගෙන නිර්මාල් මගෙ තාත්තාට ගහලා කිව්වා ඩිවෝස්‌ එක ඕනමයි කියලා. පස්‌සේ තාත්තව රෝහල්ගත කරලා බෙහෙත් කළා. ඒ මොහොතේ තමයි තවදුරටත් මම තීරණය කළේ නිර්මාල්ට වචනයකින්වත් හිත රිදෙන්න කතා නොකරපු මගේ තාත්තාට එයා එහෙම දෙයක්‌ කළා නම් මට කොහොම දෙයක්‌ කරයිද කියලා.

  • හිනිපෙත්තේ සිට ප්‍රපාතයට ඇද වැටුණු
    ශ්‍රී ලංකා ක්‍රිකට්‌

    තමාව ක්‍රිකට්‌ පුටුවේ රජකරවූ දේශපාලනඥයන් සතුටු කරලීමේ අභිලාෂයෙන් ඩී. එස්‌. ප්‍රමුඛ ක්‍රිකට්‌ පාලනාධිකාරිය හිතුවක්‌කාර තීරණයක්‌ ගත්හ. ලෝක කුසලාන තරග සඳහා රංගිරි දඹුලු ක්‍රීඩාංගණය යොදා නොගෙන එය හම්බන්තොටදී පැවැත්වීමේ විශාල ඕනෑකමක්‌ ඩී. එස්‌. ගේ මෙන්ම එම සගයන්ගේ මනස තුළවිය.

  • නව ගමනක ඇරඹුම...

    ශ්‍රී ලංකා මැද පෙළ ශක්‌තිමත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ නව උපනායක තිළිණ කණ්‌ඩම්බිටය. ඔහු තරගාවලි කිහිපයකින් පසුව ශ්‍රී ලංකා කණ්‌ඩායමට පැමිණියේ උපනායක පට්‌ටමත් සමගය. වෙනදාට වඩා ඔහු සිය පිතිකරණයෙන් යමක්‌ කළ යුතුම තරගාවලියක්‌ ලෙසද මෙය හැදින්විය හැකිය.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.