කොටින්ට කෙළින්ම උදව් කළ රටවල්
රැසක තොරතුරු තියෙනවා
- මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

කීර්ති වර්ණකුලසූරිය

කොටි සංවිධානයට සෘජුව උපකාරවූ රටවල් දේශපාලකයන් සහ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන රැසක 'රහස්‌ තොරතුරු' තමා සතුව ඇති බව එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනාවරණය කර ඇත. මෙම තොරතුරු තමාට ලැබුණේ කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයකු ලෙස ක්‍රියා කළ කස්‌ත්‍රොaගේ මුල්ලිවයික්‌කාල්හි පිහිටි බංකරයෙන් යෑයිද හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා නගන පාර්ශ්වයන් වෙත තමා අනතුරු ඇඟවීම් කරන බවත් කස්‌ත්‍රොaගේ බංකරයෙන් එකී පාර්ශ්වයන්ගේ සැබෑ ස්‌වරූපය හෙළිවූ බවත් හෙතෙම කියා සිටියේය.

එසේම කොටි සංවිධානයට දණ්‌ඩ නීති සංග්‍රහයක්‌ සකස්‌ කිරීමට සහාය වූවන් සහ ඊට උපදෙස්‌ දුන් අය පිළිබඳ තොරතුරු ඇතුළත් රහස්‌ ලිපිගොනු පවා ආරක්‍ෂක හමුදා අතට පත්වූ බව ජෙනරාල්වරයා පළ කළේය.

දැනට හෙළිවී ඇති තොරතුරුවලට අනුව ඊළාම් ගුවන් හමුදාව සඳහා උපාංග සැපයූ යුරෝපා රටවල් තුනක්‌ ගැනද තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර ප්‍රභාකරන් භාවිත කළ ප්‍රහාරක අවි-ආයුධ අයත් රට පිළිබඳවද තොරතුරු හෙළිවී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.