චැනල් - 4 + කොටි ඝාතක සමාගම සහ
ජේ.ඩී.එස්‌. කොන්ත්‍රාත්කාර සමාගම


චැනල් 4 සාවද්‍ය වීඩියෝ පටය ගැන හඬනඟන රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්‌ටෝරියා නූලන්ඩ්, වත්මන් ඇමරිකානු තානාපතිනි බුටේනිස්‌, හිටපු තානාපති ෂවුන් ඩොනලි, තෙරේසිටා ෂෙපර් සහ ඈෂ්ලි විල්ස්‌


මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති කොටක දෙනිය මහතා

චැනල් 4 පසුපස සිටින්නේ කවුද යෑයි දැන් හෙළිවී ඇත

රජිව් ගාන්ධිව රැවටූ කොටි ඒජන්ත කාසි ආනන්දන් චෙන්නායිහි මැරීනා වෙරළේ දී කොටි හිතවාදීන් සමග

* කොළඹ ලොඡ් වැටලීම් නවත්වා කොටි ප්‍රහාර එල්ල
කිරීමට මග සැලසූ පාර්ශ්ව හිටපු නියෝජ්‍ය පොලිස්‌පති
කොටකදෙනිය හෙළි කරයි

* චැනල් 4 රූපවාහිනී සේවාවට සිංහල අය විසින් සැපයූ
වීඩියෝ දර්ශන නිසා පිළිගත්තා - ඡේ.ඩී.එස්‌. ප්‍රධානියා පවසයි

* ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිව්යෝක්‌ ප්‍රකාශයට
මුවාවී හමුදා නිලධාරීන් කීප දෙනෙක්‌ ලකුණු දමාගැනීමට
උත්සාහ කරයි

* සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්යවරයාගේ වෙස්‌මුහුණ ගැලවේ.

* චැනල් 4 වීඩියෝපටය සම්බන්ධව බ්‍රිතානය
ඔප්කොම් ආයතනය පරීක්‍ෂණ අරඹයි.

* වන්නි හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් කරනු
නැත්නම් කරන දේ දන්නවා - ඇමරිකානු ප්‍රකාශිකා
වික්‌ටෝරියා නුලන්ඩ්

"වැඩේ හරියටම කළා - අපට අහිමි වූ අය අපේ රාජ්‍ය විසින් කිසි දිනෙක අමතක නොකරන බව මා ප්‍රතිඥවක්‌ දුන්නා. අවසානයේදී ඔසාමා බින් ලාඩන් වෙත යුක්‌තිය ලබාදීමට ක්‍රියා කළා." - ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා

(Job well done - I promise that our nation
will never forget those who were lost. Justice
finally being delivered to Osama Bin Laden -
Barak Obama)

ඇමරිකාවේ විශිෂ්ටතම ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් මුහුණපෑ බරපතළ ප්‍රශ්නයක්‌ වූයේ ෙද්‍රdaහීන් සහ ඔත්තුකරුවන්ය. අද මෙරට ජනාධිපතිවරයා පමණක්‌ නොව හමුදා නායකත්වය ද ඉතා බරපතල අයුරින් එවැනි තත්ත්වයකට මුහුණපා සිටී. පසුගිය ජුනි 22 වැනිදා සවස කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව තවමත් යුක්‌තිය සොයමින් සිටී යන මැයෙන් සම්මන්ත්‍රණයක්‌ පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවේ හමුදා නායකත්වය විදේශ බලවේග වෙත පාවාදීමට උත්සාහ කළ "ජුදාස්‌" කවුදැයි අනාවරණය විය. කැනඩා ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ප්‍රධානි ජෝන් ආර්ගුගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සම්මන්ත්‍රණය ජර්මනියේ බර්ලින් නගරයේ සිට ස්‌කයිප් දුරකථන සංවාද ඔස්‌සේ ඇමතූ ජුදාස්‌ මෙලෙස කියා සිටියේය. "ද්‍රවිඩ ජාතිකයන් චැනල් 4 වෙත යුද අපරාධ දර්ශන යෑව්වේ නම් එය පිළිගන්නේ නැහැ. නමුත් අපි සිංහලයන් නිසා චැනල් 4 සේවය අප විසින් යෑවූ එහි දර්ශන පිළිගත්තා."

මේ ජුදාස්‌ දැන් යුක්‌තිය ලබාදීමට ඉදිරිපත්වී සිටී. ජුදාස්‌ගේ මේ ප්‍රකාශය ඇසූ ඊළාම්වාදීහු අත්පොළසන් දුන්හ. මේ ජුදාස්‌ කවුරුන්ද? ඒ තුණ්‌ඩු කෑල්ලෙන් මරණ දඩුවම නියම කළ මෙරට සංවිධානයක ප්‍රසිද්ධ ආධාරකරුවකු වී පසුව එම දේශපාලන පක්‍ෂය ඉවත දමා කොටි ඝාතක සමාගමේ ප්‍රකට හිතවතකු බවට පත්වී සිටින තැනැත්තායි. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතකයන්ව විනාශ කරලීමට මෙරට ලාංකික ජනතාව ජාති, කුල, ආගම් භේදයකින් තොරව වීදි බැස ප්‍රීතිඝෝෂා කරද්දී මේ "ජුදාස්‌" ප්‍රමුඛ ජේ.ඩී.එස්‌. නමැති කොටි හිතවාදී මාධ්‍ය සංවිධානයට එය වර්ගවාදී, ජාතිවාදී උමතුවක්‌ විය. එහෙත් ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා අල්කයිදා නායක ඔසාමා බින් ලාඩන්ව ඝාතනය කිරීම ගැන ප්‍රකාශයට පත් කළ අවස්‌ථාවේ ප්‍රීති ඝෝෂා කළ ඇමරිකානුවන්ට වර්ගවාදීන් යෑයි හැඳින්වීමට ජුදාස්‌ලා සහ බටහිර මාධ්‍ය ක්‍රියා කළේ නැත.


බින්ලාඩන් ඝාතනය කිරීම ගැන ඇමරිකානු ජනතාව ප්‍රීතා ඝෝෂා කිරීම
ජාතිවාදයක්‌ නොවෙයි? එහෙත් කොටි ඝාතනය ගැන ප්‍රීති ඝෝෂා කිරීම
ජාතිවාදය යෑයි බටහිර මාධ්‍ය පවසයි.


එසේ වුවත් තිස්‌ වසරක්‌ තිස්‌සේ මෙරට ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක කළ ප්‍රභාකරන් ඝාතකයා සහ ඔහුගේ සගයන් වෙනුවෙන් "භාෂණ" නිදහසට මුවාවී ජර්මනියේ සිට හඬ නඟන්නේ මෙරටින් පැනගිය "මේ ජුදාස්‌" නමැති භීෂකයායි. "අපේ කණ්‌ඩායමේ විස්‌සකට අධික පිරිසක්‌ රටවල් කීපයක සිටිනවා. ඔවුන් චැනල් 4 යුද අපරාධ ප්‍රචාරක කටයුතු මෙහෙය වනවා"යෑයි එකී චැනල් 4 රූපවාහිනිsයට දර්ශන සැපයූ බව පිළිගත් "ජුදාස්‌" ටොරොන්ටෝ සමුළුව හමුවේ වහසි බස්‌ දෙඩීය.

මේ සමුළුවට අනුග්‍රහය දැක්‌වූයේ කැනඩා කොටි සංවිධාන පහක්‌ හා රුද්‍රකුමාරන්ගේ රටින් පිටත ආණ්‌ඩුව නමැති ව්‍යාජ සංවිධානයයි. එහෙත් ඡේ.ඩී.එස්‌. ජුදාස්‌ගේ විසි දෙනාගේ කණ්‌ඩායමේ ප්‍රචාරක මෙහෙයුම කඩාකප්පල් වූයේ ඊට සිව් දිනකට පසු මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ තක්‌කඩියකු යෑයි විදෙස්‌ තානාපතිවරුන් හමුවේ පෙන්නුම් කිරීමයි.

මේ නිසා අතිශයින්ම කෝපයට පත්වූ ඔවුහු සිංහල දීනයන් දෙදෙනකු මෙහෙය වන මඩ වෙබ් අඩවි මගින් චරිත ඝාතන ක්‍රමවේදය දියත් කළහ. මාත් සමග පැය 48 ක්‌ තුළ ප්‍රසිද්ධ සංවාදයකට එන්න. චැනල් 4 චිත්‍රපටය සාවද්‍ය බව සනාථ කිරීමට මා සූදානම් යෑයි මේජර් ජනරාල්වරයා කළ අභියෝගය මැක්‌රේ හෝ ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පිළිගත්තේ නැත. මෙයට ප්‍රධානතම හේතුව වූයේ කොටි ත්‍රස්‌තයන් යුද මුක්‌ත කලාපයේ සිට සිදු කළ සියලු ත්‍රස්‌ත ක්‍රියා සර්චර් නමැති නියමුවකු රහිත යානාව මගින් ශවේන්ද්‍ර සිල්වා කඳවුර වෙත එවීමත් එම දර්ශන වීඩියෝගත වීමත්ය. මේ හැර කොටි ජාත්‍යන්තර ජාලය මෙහෙය වූ කස්‌ත්‍රොaගේ බංකරයේ තිබී රහස්‌ තොරතුරු ලියවිලි රැසක්‌ හමුවුණා. මා සමග ප්‍රසිද්ධ සංවාදයකට එන්න යෑයි අභියෝග කළේ ඒ නිසයි. එවිට යුද අපරාධකරුවන් කවුද? ඊට සහාය වූයේ කවුද කියා ලෝක ප්‍රජාවට හෙළි වෙයි"යෑයි හෙතෙම කියා සිටියේය. එහෙත් චැනල් 4 ප්‍රධානියකු වූ බෙන් ඩී. පියර් අමතා එකී අභියෝගය ගැන විමසා ඇත්තේ මෙරට ගිනි ඇවිළීමේ යෙදී ඇති තවත් මාධ්‍ය පාර්ශ්වයකි. නිව්යෝර්ක්‌හිදී කිලිං µSල්ඩ් වීඩියෝ පටය සාවද්‍ය යෑයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කළ ප්‍රකාශය චැනල් 4 රූපවාහිනිය කිසිදු ලෙසකින් පළ කළේ හෝ විකාශනය කළේ නැත. එසේ වුවත් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන විසින් කළ ප්‍රකාශයක්‌ පළ කෙරිණි. මේ එම ප්‍රකාශයයි. වීඩියෝ පටයේ එන මියගිය අය කොතෙක්‌ දැයි ගණන් කළහොත් සියයක්‌ පමණ වන බව සිතිය නොහැක. (even if you counted all the people
who are dead on that vidio. I do not think you
could come up with a total of 100)

නිව්යෝර්ක්‌හිදී චැනල් 4 සැලසුම අසාර්ථකවීමෙන් පසු චැනල් 4 වීඩියෝ පටය ලන්ඩන් පාර්ලිමේන්තුවේදී තිරගත කිරීමට ක්‍රියා කර ඇත. මේ අවස්‌ථාවට චැනල් 4 විදේශ වාර්තාකරු ජොනතන් මිලර්, බ්‍රිතාන්‍ය ඇමැතිවරයකු වූ ඇලිස්‌ටයාර් බර්ටි, කොටි හිතවාදී මන්ත්‍රීවරුන් වූ ඈන් ක්‌ලවුඩ් ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ යෝලන්ඩා පෝස්‌ටර් චිත්‍රපට අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ, ස්‌ලෝබදාන් මැක්‌ඩොනා ඇන්ඩ් නව්, ජිම් ඩවුට්‌, ලී ස්‌කොට්‌, යස්‌මින් කුරෙෂි, මයික්‌ හේප්ස්‌ සුසාන් මිලර් සහ ජෝන් රේන් ද සහභාගි වී ඇත.

මේ කොටි හිතවාදී මන්ත්‍රීවරුන් නැඟූ ප්‍රශ්නය වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා යොමු කරන්නේ නැත්තේ මන්ද යන්නයි. මෙයට ප්‍රතිචාර දැක්‌වූ ඇමැති ඇලිස්‌ටර් බර්ටි ශ්‍රී ලංකාව පත් කළ උගත් පාඩම් කොමිසමේ වාර්තාව නොවැම්බර් මස ප්‍රකාශයට පත්වන නිසා එතෙක්‌ බලාසිටිය යුතු බවත්ය. එසේම ශ්‍රී ලංකාව ස්‌වෛරී රාජ්‍යයක්‌ බවත් එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට නොහැකි බවද හෙතෙම කියා සිටියේය. මේ ප්‍රකාශයත් සමගම කොටි කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ කොටි හිතවාදී මන්ත්‍රීනි ස්‌ලෝබදාන් මැක්‌ඩොනා වෙත කොඳුරන අයුරු එම අවස්‌ථාවේ සිටි ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ට දැන ගැනීමට හැකි විය.

ස්‌කොට්‌ ජාතිකයකු වූ කැල්ලම් මැක්‌රේ සහ චැනල් 4 කණ්‌ඩායම සිය උත්සාහය අත්හැරියේ නැත. එය සනාථ වූයේ පසුගිය අඟහරුවාදා (28 දා) පස්‌වරු 3.56 ට වොෂින්ටන් නුවර සිට තේජින්දර් සිං නමැති සික්‌ වාර්තාකරු විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නව ප්‍රකාශිකා වික්‌ටෝරියා නූලන්ඩ් කළ ප්‍රකාශයක්‌ ඉන්දීය මාධ්‍ය වෙත එවීමෙනි.

ඇමරිකානු රජය බ්‍රැඩ්ලි මැනින් නමැති සෙබළාට වධහිංසා පැමිණවීම සුදුසු නැතැයි ප්‍රකාශ කළ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක පිල්ප් ක්‍රව්ලි ඉල්ලා අස්‌වීමත් සමග නව ප්‍රකාශිකාව ලෙස නුලන්ඩ් පත්විය. එහෙත් ඇය ශ්‍රී ලංකාව සම්බන්ධව ප්‍රකාශයක්‌ කර නොතිබිණි. මෙහිදී මාධ්‍යවේදීන් පිරිසක්‌ විසින් විද්යුත් ලිපි මගින් කරන ලද ප්‍රශ්න කිරීම් සම්බන්ධව ඇය ප්‍රතිචාර දක්‌වනු ලැබීය. (In e-mail answer to a question
from Journalists regarding accountability in Sri Lanka) මේ ඇය දැක්‌වූ ප්‍රතිචාරයයි. ශ්‍රී ලංකාවේ සහජීවනය අපේක්‍ෂා කරන්නේ නම් ශ්‍රී ලංකා රජය ක්‌ෂණයකින් ඉහත කී අරමුණු පිළිගත යුතුයි. ශ්‍රී ලංකාව එය ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. නමුත් එය ඉටු නොකළේ නම් වෙනත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් බලපෑම් වැඩි වෙනවා. ඇමරිකානු නිලධාරීන් චැනල් 4 චිත්‍රපටය නැරඹූ බව මා ඔබලා වෙත කියන්න කැමැතියි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට නැඟෙන චෝදනා ගැන අපි සාතිශය ලෙස කනගාටුවට පත් වන්නෙමි. සහකාර රාජ්‍ය ලේකම් බ්ලේක්‌ සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු නිරතුරුවම මේ ගැන දක්‌වා තිබුණා.

(We hope the Sri Lankans themselves do
this but if they do not there will be growing
pressure other options)

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නව ප්‍රකාශිකාව මේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා රජය වෙත අනතුරු අඟවමින් පෙන්නුම් කර ඇත්තේ වන්නි මෙහෙයුම දියත් කළ ශ්‍රී ලංකා යුද හමුදා අණදෙන නිලධාරීන් වාහම යුද අපරාධකරුවන් කළ යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්‌වී එකී පියවර ගන්නා බවයි.

ඇය මේ තර්ජනය කිරීමට සතියකට පෙර වොෂින්ටනයේදී රාජ්‍ය නොවන සංවිධාන සමුළුවක්‌ පැවැත්විණි. මේ සමුළුවට මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌, හිටපු තානාපති ඈෂ්ලි විල්ස්‌ සහ හිටපු තානාපතිනි තෙරේසා ෂෙපර් ද සහභාගි වී ඇත. එහිදී චැනල් 4 චිත්‍රපටය ප්‍රදර්ශනය කර තිබේ. එම වීඩියෝ පටය ඇමරිකානු තානාපති නිලධාරීන් නැරඹූ බව වික්‌ටෝරියා නුලන්ඩ් පැවසුවේ එබැවිනි. එහෙත් මේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව වූ නුලන්ඩ්ගේ පසුබිම කුමක්‌ද? 2005 සහ 2008 සමයේ නේටෝ බළකායේ ඇමරිකානු තානාපතිනිය ඇයයි. එසේම 2003 සහ 2005 අතර ඇමරිකානු උප ජනාධිපති ඩික්‌ චෙනිගේ ජාතික ආරක්‍ෂක උපදේශිකාව ලෙස ද ඇය ක්‍රියා කළාය. 1991 සහ 1993 අතර සමයේ මොස්‌කව් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ ස්‌ථානගතව සිටි ඇය ජනාධිපති බෝරිස්‌ යෙල්ට්‌සින්ගේ රජය ගැන ඔත්තු බලා ඇත. මේ හැර නේටෝ බළකාය කොසවෝ, සර්බියාව, ඉරාකය සහ ඇµaගනිස්‌තානයේ යුද අපරාධ කළ බවට දැන් චෝදනා එල්ලවී තිබේ. එසේ නම් වික්‌ටෝරියා නුලන්ඩ් ද යුද අපරාධකාරියක්‌ වේ. එහෙත් නේටෝ බළකාය සමග එක්‌වී සර්බියාවේ යුද අපරාධ සිදු කළ බොස්‌නියානු හිටපු නායක ඊජස්‌ ගැනික්‌ සර්බියාවට පිටුවහල් කිරීම බ්‍රිතාන්‍ය අධිකරණයක්‌ විසින් නතර කර ඇත. මේ අතර ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට නිව්යෝර්ක්‌හිදී විදෙස්‌ තානාපතිවරුන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ චැනල් 4 කල්ලිය සහ ජර්මනියේ සිටින ෙ-.ඩී.එස්‌. නමැති කොටි හිතවාදී සංවිධානය දැඩි කලබලයට පත්වී ඇත. යුද හමුදාවේම එක්‌තරා පිරිසක්‌ ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිව්යෝර්ක්‌ ප්‍රකාශයෙන් ලකුණු දමා ගැනීමට උත්සාහ කරද්දී ලන්ඩනයේ සිටින මඩ වෙළෙන්දෙක්‌ ජනරාල්වරායට එරෙහිව අවමන් සහගත මෙහෙයුමක්‌ දියත් කර තිබේ. මේ මඩ වෙළෙන්දා මෙහෙය වන මඩ වෙබ් අඩවිය නිරතුරුවම ගෙතූ ප්‍රබන්ධ විකාශනය කළත් ඔහු ෙද්‍රdaහියකු බවට මෙරට ජනතාව පිළිගෙන අවසානය. මේ මඩ වෙබ් අඩවිය මෙහෙය වන්නා සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්යවරයාට ද චරිත සහතිකයක්‌ ලබාදී තිබේ. එහෙත් මෙයට වසර ගණනකට පෙර පැවැති "සන් සහ වීක්‌එන්ඩ්" පුවත්පත්වල සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් කීප දෙනෙක්‌ ජීවතුන් අතර සිටී. ඔවුහු මේ ව්‍යාජ යුද මහාචාර්යවරයා කවුද යෑයි හොදාකාර දනී.

මේ අතර යුද හමුදාවේ එක්‌ බුද්ධි ක්‍රියාකාරියෙක්‌ ජනරාල් ශවේන්ද්‍රගේ නිව්යෝර්ක්‌ ප්‍රකාශය සම්බන්ධයෙන් නොසතුට පළ කරමින් එම ක්‍රියාදාමය බුද්ධි නිලධාරීන්ගේ වැඩක්‌ යෑයි පවසා තිබේ. එසේ වුවත් චැනල් 4 සේවාවට සාවද්‍ය වීඩියෝ දර්ශන යෑවූ ෙ-.ඩී.එස්‌. ප්‍රධානියා කටුනායකින් ජර්මනියට යනතුරු මේ බුද්ධි ක්‍රියාකාරියා කුමක්‌ කළේද? මේ අතර කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ වී. කිරුබාහරන් ද්‍රවිඩ ඩයස්‌පෝරාව කැබලි කීපයකට වෙන්වී කටයුතු කිරීම ගැන හඬා වැලපේ. "චීනය, රුසියාව, කියුබාව, පකිස්‌තානය, මැලේසියාව, ඉරානය, මාලදිවයින, වැනිසියුලාව සහ තවත් රටවල් කීපයක්‌ ශ්‍රී ලංකාවට සහාය දක්‌වනවා. එහෙත් ඇමරිකාව, යුරෝපා සංගමය සහ ඉන්දියාව එක්‌වී කටයුතු කළ හොත් ශ්‍රී ලංකාවට සහාය වන රටවල් ගැන තැකීමක්‌ නැහැ"යෑයි කිරුබාහරන් තවදුරටත් පවසා ඇත. කැනඩා රහස්‌ පොලිස්‌ වාර්තාව අනුව කිරුබාහරන් ද යුද අපරාධකරුවකු බවට සනාථ වේ. 2009 මැයි මාසයේ මුල් සතියේදී කැනඩාවේ ටොරොන්ටෝ අධිවේගී මාර්ගය ඊළාම්වාදීන් ලවා අවහිර කරමින් වන්නි මෙහෙයුම නතර කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලීමේ ක්‍රියාදාමය මෙහෙය වූ සත්ගුණවනම් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා විය. මේ කොටි ඒජන්තගේ බිරිය වූ ඇන්ජලිනා ද කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට ඒමට පිටත් වී ඇත.

මොවුන්ගේ මේ ශ්‍රී ලංකා සංචාරයේ පසුබිම කුමක්‌ද? මෙරට බුද්ධි අංශවලට මොවුන් ගැන වාර්තා වූයේද? මේ කොටි ඒජන්ත යුවළ විසින් තමිල්නාඩු කොටි හිතවාදී අධ්‍යක්‍ෂ සිමන් ටොරොන්ටෝ වෙත පැමිණි අවස්‌ථාවේ ඔහු පිළිගැනීමට ගුවන්තොටුපළට පැමිණ සිටි බවද අනාවරණය වී තිබේ.

මෙලෙස කොටි ඒජන්තවරු බැටළුවන් වේශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්‌ථාවේ යුද අපරාධ සම්බන්ධයෙන් හඬ නඟන විවිධ පාර්ශ්වයන්ගේ සැබෑ ස්‌වරූපය හෙළිවී ඇත. ජාත්‍යන්තර ජුරි සභිකයන්ගේ කොමිසමේ ඔස්‌ටේ්‍රලියානු සභාපති ජෝන් ඩොව්ඩ් එවැන්නෙකි. මෙයට වසර කීපයකට පෙර මොහු ඔස්‌ටේ්‍රලියාවේ පැවැති කොටි සමුළුවක්‌ අමතනු ලැබීය. මොහු දැන් ශ්‍රී ලංකාව යුද අධිකරණයකට ගෙන යායුතු බව පවසයි.

මේ අතර ඇමරිකානු කොටි ජාලය වෙනුවෙන් පෙනී සිටින බෘස්‌ පෙන් ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක්‌ ගොනුකර ඇත.

මේ නඩුවේ සිංහල පිටපත සකස්‌ කර කෘස්‌ පෙන්ට යවා ඇත්තේ මෙරට රාජ්‍ය නොවන සංවිධානයකි. මෙකී නඩුවේ පැමිණිලිකරු වූ වෛද්‍ය මනෝහරන්ගේ පදිංචිය ලන්ඩනයේයි. එහෙත් නඩුව ගොනුකර ඇත්තේ ඇමරිකාවේයි. මෙකී නඩුව සම්බන්ධයෙන් දින 60 ක්‌ තුළ ප්‍රතිචාර දැක්‌විය යුතු යෑයි ඇමරිකානු දිස්‌ත්‍රික්‌ අධිකරණයේ ලිපිකරුවා විසින් දක්‌වා ඇත. මේ අන්දමට ස්‌පාඤ්ඤ විනිසුරුවකු විසින් හිටපු ජනාධිපති ජෝර්- බුෂ්ට එරෙහිව සිතාසියක්‌ ප්‍රකාශයට පත් කළ අවස්‌ථාවේ එවකට සිටි නීතිපති ඇල්බර්ටෝ ගොන්සාල්වේස්‌ පැවසුවේ ඇමරිකාවට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ඇති බවත් ස්‌පාඤ්ඤ අධිකරණය පිළිගත්තේ නැති බවත්ය. මේ තත්ත්වය මැද සාවද්‍ය චැනල් 4 වීඩියෝ පටයට ජීවය දීමට මෙරටින් කැනඩාවට පැනගිය මානව හිමිකම් ක්‍රියාකාරිනියක්‌ යෑයි හඳුන්වා ගන්නා තැනැත්තියක්‌ ද ඉදිරිපත් විය. ඇය මෙරටින් කැනඩාවට පැන ගියේ පවුල් අර්බුදයක්‌ නිසාය. දැන් ඇය පිටුවහල් වී ඇති මාධ්‍ය ජාලය නමින් අටවා ගත් සංවිධානයකට සම්බන්ධ වී සිටී. පසුගිය 29 වැනිදා ඇය කැනඩාවේ වෙබ් අඩවියක්‌ වෙත ලිපියක්‌ යවමින් කොටි ඝාතකයන් වෙනුවෙන් එක්‌සත් ජාතීන්ගෙන් යුක්‌තිය ඉල්ලා සිටී. (Sri Lankas Killing fields shame exposed
in major documentry)) කැනඩාවට පැන යැමෙන් පසු මෙරටට අඩියක්‌වත් නොතැබූ ඇය යුද්ධය නිසා පීඩාවට පත් ද්‍රවිඩ සිවිල් වැසියන්ව එක්‌සත් ජාතීන්ගේ නිලධාරියකු වූ බෙන්ජමින් ඩික්‌සි විසින් ඡායාරූප ගත කළ බව පවසයි. ඔහු නෝවීජියානු පීපල්ස්‌ ඒඩ් සංවිධානය වෙනුවෙන් කොටින්ට සහාය වූවෙකි. මොහුගේ ක්‍රියාදාමය අපි මෙයට කලකට පෙර හෙළි කළෙමු.

මේ අතර කොළඹින් කොටි ත්‍රස්‌තවාදය අතුගා දැමීම සඳහා පස්‌ මසක්‌ තිස්‌සේ කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වූ කොටකදෙනිය මහතා කොළඹ ද්‍රවිඩ ලැගුම්හල් හා ද්‍රවිඩ පාතාල ලෝකය මර්දනය කිරීම සඳහා තමා ගත් ක්‍රියාමාර්ග ව්‍යර්ථ කිරීමට ක්‍රියා කළ පුද්ගලයන් කවුදැයි අනාවරණය කළේය. කොළඹ ද්‍රවිඩ පාතාල ලෝකය මෙහෙය වූයේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ දේශපාලනඥයෙක්‌. මාව කොළඹ ත්‍රස්‌ත මර්දන කටයුතු සඳහා පත් කළේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියයි. කොළඹ මහ බැංකු මූලස්‌ථානයට සහ ලංකා බැංකු මූලස්‌ථානයට ප්‍රහාර එල්ල කිරීමේ තොරතුරු අපි සොයා ගත්තා. ඇතැම් ද්‍රවිඩ නිලධාරීන් පැට්‍රල් පිරවූ බෝතල් මෙන්ම බෝම්බ ද ලංකා බැංකු මූලස්‌ථානයේ ඉහළ මාලයට ගෙන යද්දී අපට අසුවුණා. එසේම බැංකු මූලස්‌ථානයට ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්‌මක්‌ ද සොයා ගත්තා. විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කොළඹ ලො- වටලද්දී ලංකා කම්කරු කොන්ග්‍රසයේ දේශපාලකයාට පහර වැදුනා. ඔහු එම වැටලීම් නවත්වන්නැයි පැවසුවා. ඒ සඳහා ලිබරල් පක්‍ෂයේ දේශපාලනඥයෙක්‌ ද සහය වුණා. මේ අතීතය වසන් කළ නොහැකියි. කම්කරු කොන්ග්‍රසයේ දේශපාලකයා සහ ලිබරල් පක්‍ෂයේ තැනැත්තා එවකට සිටි ජනාධිපතිනිය වෙත බලපෑම් කරනු ලැබුවා. මේ නිසා වහාම ලොජ් වැටලීම් නවත්වන්නැයි ඇය නියෝග කළා. මට කොළඹ නියෝජ්‍ය පොලිස්‌පති ධුරයේ කටයුතු කිරීමට ඉඩ ලැබුණේ මාස පහයි. ඇය ඔවුන්ගේ ඉල්ලීමට මාව ධුරයෙන් ඉවත් කළා. ලොජ් වැටලීමට හා ත්‍රස්‌ත මර්දන කටයුතු වැළැක්‌වීමට උත්සාහ කළ සියලු දෙනා කොටි හිතවාදීන් යෑයි කොටකදෙනිය මහතා කියා සිටියේය.

"එහෙත් මේ පාර්ශ්වයන් රජයට සමීප වී තනතුරු ලබාගැනීම කනගාටුදායක තත්ත්වයක්‌. මාව කොළඹ ත්‍රස්‌ත මර්දන කටයුතුවලින් ඉවත් කිරීමෙන් මාසයකට පසු කොටි මහ බැංකුවට ප්‍රහාර එල්ල කළා යෑයි හෙතෙම තවදුරටත් පළ කළේය. හිටපු නියෝජ්‍ය පොලිස්‌පති කොටදෙනිය මහතාගේ මේ හෙළිදරව්වෙන් අනාවරණය වන යථාර්ථය නම් බැටළු හම පොරවාගත් වෘකයන්ගෙන් ප්‍රවේසම් විය යුතු බවයි. (Beware
of wolves in sheeps clothing))

මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී චැනල් 4 රූපවාහිනියට සාවද්‍ය වීඩියෝ දර්ශන යෑවූ ජේ.ඩී.එස්‌. නම්වූ කොටි හිතවාදී මාධ්‍ය කණ්‌ඩායමේ ප්‍රධානියා වූ "ජුදාස්‌" මෙරටින් ජර්මනියට පැන ගියේ මරණීය තර්ජන නිසා නොව හෙන්රිච් බෝල් පවුන්ඩේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ශිෂ්‍යත්වයකට යෑයි හෙළිවී ඇත.

චැනල් 4 වීඩියෝ පටය නිසා ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු වන්නි හමුදා නායකයන් යුද අපරාධකරුවන් බවට ප්‍රකාශ වනු ඇතැයි ඔහු තරයේ අදහස්‌ කරයි. එවන් දිනයක්‌ පැමිණි පසු තමාගේ කොටස රඟ දැක්‌වීමට ද ඔහු අපේක්‍ෂා කරයි. (We hope to play our part when such a day arrives in Sri Lanka)

හොලිවුඩ් නළු ක්‌ලින්ට්‌ ඊස්‌ට්‌වුඩ් රඟපාන ගොපලු චිත්‍රපටයකින් කියා සිටියේ මගේ දිනය එළිදක්‌වන්න (Make my day) යන්නයි. ප්‍රභාකරන් ද පැවසුවේ එයයි. එහෙත් ඝාතක ප්‍රභාකරන්ට ඊළාම් සිහින දිනය එළඹුණේ නැත. මේ අතර මෙරට ආරක්‍ෂක බලධාරීන්ව රැවටීමේ යෙදී සිටි සිංගප්පුර් ව්‍යාජ යුද මහාචාර්වරයාගේ වෙස්‌මුහුණ ගැලවී බිමට වැටිණි. ඔහු පසුගිය කාලය තුළ කළේ කුමක්‌ද යන්න දැන් ආරක්‍ෂක බලධාරීන්ට හෙලිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.