ඩෙංගු මර්දනයට
බී.ටී.අයි. යොදා ගැනීම අසාර්ථක ක්‍රමයක්‌

- සෞඛ්‍ය වෘත්තීය සමිති

ඒමන්ති මාරඹේ

ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදන බී. ටී. අයි. බැක්‌ටීරියාව මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා යොදා ගත හැකි සාර්ථක මදුරු මර්දන උපක්‍රමයක්‌ නොවන බව අනාවරණය වී තිබියදීත් සෞඛ්‍ය බලධාරීන් එම බැක්‌ටීරියාව කෙරෙහිම විශ්වාසය තබා ක්‍රියා කිරීම පුදුමයට කරුණක්‌ බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. බී. ටී. අයි. බැක්‌ටීරියාව ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා කෙටි කාලීනව යොදාගත හැකි උපක්‍රමයක්‌ වුවද එය දිගුකාලීනව යොදාගැනීම විශාල මුදලක්‌ අපතේ යවන අසාර්ථක උපක්‍රමයක්‌ බව තහවුරු වී ඇතැයි එම වෘත්තීය සමිති පෙන්වා දෙයි. කියුබාව හා ඇමරිකා එක්‌සත් ජනපදය ඇතු=ළු බටහිර රටවල් විසින් නිපදවා ඇති බී. ටී. අයි. බැක්‌ටීරියාවන් එම රටවල පරිසරයට ගැලපෙන අයුරින් නිපදවා තිබීම නිසා ඒවා මෙරටට ගෙන්වීමේදී මෙරට පරිසරයට ගැලපෙන්නේ ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව පෙන්වා දෙන එම සෞඛ්‍ය වෘත්තීය සමිති පසුගියදා මෙරටට කියුබාවෙන් ගෙන ආ බී ටී අයි බැක්‌ටීරියාව මගින් ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමේදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට මෙතෙක්‌ නොහැකි වී ඇතැයි අවධාරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.