වල්අලි ප්‍රහාරයෙන් තිදරු මව මරු දකී
දියණියට බරපතළ තුවාල


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ
නොච්චියාගම - එම්. එම්. ජී. පී. පෙරේරා


අනුරාධපුර - උළුක්‌කුලම ප්‍රදේශයේදී ඊයේ (06 වැනිදා) උදේ සිදුවූ වල්අලි ප්‍රහාරයකින් තිස්‌පස්‌ හැවිරිදි තිදරු මවක්‌ මරුමුවට පත්ව ඇගේ දහහත් හැවිරිදි දියණිය බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

මෙලෙස වල්අලි ප්‍රහාරයෙන් මියගොස්‌ ඇත්තේ ඉනෝකා දමයන්ති මහත්මියයි.

ඊයේ (06 වැනිදා) උදේ 5.40 ට පමණ ඇය සිය නිවස ඉදිරිපිට මිදුලේ සිටියදී වල්අලි ප්‍රහාරයට ලක්‌ව ඇති බව මේ පිළිබඳ පරීක්‌ෂණ පවත්වන අනුරාධපුර පොලිසිය පවසයි.

මේ අතර ඉකුත් 04 වැනිදා රාත්‍රි 8.00 ට පමණ අනුරාධපුර, ශ්‍රාවස්‌තිපුර, සියඹලාවැව ප්‍රදේශයේදී සිදුවූ වල්අලි ප්‍රහාරයකින් සුනිල් දයානන්ද නමැති ගොවි මහතකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.