කොළඹ සරසවියේ BIT උපාධි පාඨමාලාවට OPENArc පාසල නවක සිසුන් බඳවා ගනී

OpenArc ව්‍යාපාර සහ තාක්‌ෂණ පාසල (OpenArc School of Business and Technology) කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‌ෂණ බාහිර උපාධි පාඨමාලාව BIT සඳහා මේ දිනවල නවක සිසුන් බඳවා ගනී. කොළඹ විශ්වවිද්‍යාලය BIT උපාධි පාඨමාලාව ආරම්භ කළ වසරේසිටම වසර 10 ක්‌ පමණ අඛණ්‌ඩව එම පාඨමාලාවට පන්ති පවත්වාගෙන යමින් ඉහළම ප්‍රතිඵල පෙන්වූ ආයතනයක්‌ වන OpenArc මෙවර බඳවා ගන්නා ශිෂ්‍ය කණ්‌ඩායමට විශේෂ වරප්‍රසාද රාශියක්‌ ලබාදීමට කටයුතු යොදා ඇත.

අ.පො.ස. උසස්‌ පෙළ (A/L) සමත් සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධි පාඨමාලාවට සෘජුවම ලියාදිංචි විය හැකිය. එම සිසුන්ට ස්‌වකීය කැමැත්ත සහ අවශ්‍යතාව අනුව OpenArc හි සති අන්ත දිනවල පැවැත්වෙන අර්ධකාලීන පාඨමාලාවට හෝ සතියේ දිනවල පංති පැවැත්වෙන පූර්ණ කාලීන පාඨමාලාවට සහභාගි විය හැකිය. ඔවුන්ට උපාධි පාඨමාලාවට අමතරව රැකියා අවස්‌ථා ඉලක්‌ක කරගත් විශේෂ ප්‍රායෝගික පුහුණුවක්‌ද ලබාදෙයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ O/L විභාගයෙන් සම්මාන තුනක්‌ සහිතව විෂයන් හයක්‌ සමත් සිසුන්ට තොරතුරු තාක්‌ෂණ පදනම් පාඨමාලාව (FIT) හදාරා BIT උපාධි පාඨමාලාවට ලියාපදිංචි විය හැකිය. OpenArc පාසල FIT පාඨමාලාවටද සතියේ දිනවල සහ සති අන්ත දිනවල වෙනම පංති පවත්වයි. FIT පාඨමාලාවට සහ ඊෂඔ උපාධි පාඨමාලාවට බඳවාගන්නේ සීමිත සිසුන් පිරිසකි. කලින් ලියාපදිංචි වන අයට විශේෂ වට්‌ටම් ලබාදෙයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‌ෂණ බාහිර උපාධියට (BIT) ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමක්‌ ඇත. අවම වියදමකින් කළ හැකි ඉහළම පිළිගැනීමක්‌ ඇති ගුණාත්මක වශයෙන් ඉහළ දැනට ලංකාවේ ඇති ප්‍රධානතම තොරතුරු තාක්‌ෂණ උපාධි පාඨමාලාව ලෙස මෙය සැලකිය හැකියි. මෙම පාඨමාලාව සහ ඊට අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණ කර උපාධිය ලබාගන්නා සිසුන්ට ඉතා ඉහළ වැටුප් ලැබිය හැකි රැකියා පහසුවෙන් ලබාගත හැකිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.