"ෆියුචර් මයින්ඩ්ස්‌ 2011" නිල මූල්‍ය සහකරු ලෙසින්
කොමර්ෂල් ක්‍රෙඩිට්‌ අත්වැල් බැඳගනී


කොළඹ නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය විසින් අඛණ්‌ඩව සයවන වරටත් සංවිධානය කරන ලද "ෆියුචර් මයින්ඩ්ස්‌ 2011" සඳහා zනිල මූල්‍ය සහකරු වශයෙන් අත්වැල් බැඳගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට්‌ පී. එල්. සී. පසුගියදා පියවර ගත්තේය. දිවයින පුරා විසිරී සිටින ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වය සැපයෙන "ෆියුචර් මයින්ඩ්ස්‌" ප්‍රදර්ශනය ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මඟපෙන්වන්නා ලෙස හැඳින්විය හැකිය.

"ෆියුචර් මයින්ඩ්ස්‌ 2011" පසුගිය ජුනි 17 වැනි දින සිට 19 වැනි දින දක්‌වා කොළඹ BMICH හිදී පැවැති අතර එහි තිබුණු ප්‍රදර්ශන කුටි සඳහා විශාල පිරිසකගේ සහභාගිත්වයක්‌ දක්‌නට ලැබීම සුවිශේෂී සිදුවීමකි. මේ අතර මේ ප්‍රදර්ශනය කන්ද උඩරට කේන්ද්‍ර කරගනිමින් ජුනි 25 සහ 26 දිනවල කැන්ඩි සිටි සෙන්ටර් හිදී සාර්ථකව පැවැත්විය.

"ෆියුචර් මයින්ඩ්ස්‌ 2011" වෙත මූල්‍ය අනුග්‍රාහකත්වය සැපයීම සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ කොමර්ෂල් ක්‍රෙඩිට්‌ හි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් එගොඩගේ මහතා මෙසේ සිය අදහස්‌ දැක්‌වීය. "මෙවැනි ජාතික අධ්‍යාපනික ඉසව්වක්‌ හා සම්බන්ධ වීම පිළිබඳව අප හදවතින්ම ඉතා සතුටට පත්වෙනවා. රටක අනාගතය යනු එම රටේ තරුණ පරපුරයි. පසුගිය වසර 6 පුරාවට ම අප රටේ තරුණ ප්‍රජාවට ඔවුන්ගේ වෘත්තීය අභිලාෂයන් වෙනුවෙන් මඟ පෙන්වීමට "ෆියුචර් මයින්ඩ්ස්‌" හට හැකිවී තිබෙනවා. එබැවින් කොමර්ෂල් ක්‍රෙඩිට්‌ සමාගම ලෙසින් අපි මෙවර "ෆියුචර් මයින්ඩ්ස්‌" ප්‍රදර්ශනය හා සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳව සතුටු වන්නේ ප්‍රශංසනීය මෙහෙවරක්‌ අප සිත්වල රඳවා ගනිමිනුයි."

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.