සංගක්‌කාර ඇමෙරිකානු තානාපතිනිය
හමු වූ බවට ආරංචි පැතිරේ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක කුමාර් සංගක්‌කාර ඊයේ (18 වැනිදා) ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි පැට්‍රීෂියා බූටේනස්‌ මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වූ බව ක්‍ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව අදහස්‌ දැනගැනීම සඳහා සංගක්‌කාර සම්බන්ධ කර ගැනීමට "දිවයින" කළ සියලු උත්සාහ ව්‍යර්ථ විය.

ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමේදී එහි නිලධාරියෙක්‌ පැවැසුවේ තානාපති කටයුතු සම්බන්ධව තමනට කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බවය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.