2011 ජුලි  23 සෙනසුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Circulation
    ADVERTISING
   RATES
    
    Submit Your Opinion
    contact webmaster

පළාත් පාලන ආයතන
හැට පහක ඡන්දය අද

දේශපාලන පක්‍ෂ 20 කින් සහ ස්‌වාධීන කණ්‌ඩායම් 72 කින් තරග කළ අපේක්‍ෂකයන් 5688 කින් සභිකයන් 875 දෙනකු තෝරා ගැනීමට නියමිතය. මහනගර සභාවක්‌, නගර සභා 9 ක්‌ සහ ප්‍රාදේශීය සභා 55 ක්‌ සඳහා මෙම ඡන්ද විමසීම සිදුවන අතර එහිදී ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 2630985 දෙනකු සුදුසුකම් ලබා තිබේ.

ඇමරිකා කොන්ග්‍රස්‌ කමිටුව ශ්‍රී ලංකාවට ආධාර කපා දැමීමේ යෝජනාවක්‌ සම්මත කරයි

මාධ්‍ය නිදහස තහවුරු කිරීම, හදිසි නීතිය ඉවත් කිරීම, යුද ප්‍රදේශවල ජනතාව පිළිබඳ නිසි තොරතුරු ලබාදීම ආදිය ශ්‍රී ලංකාව විසින් සිදු කළ යුතු බව කොන්ග්‍රස්‌ සභිකයන් මෙහිදී පවසා ඇත.

නිකරුණේ අවට ගැවසෙ න්න එපා ඡන්දය දුන් පසු ගෙදර යන්න
- මැතිවරණ කොමසාරිස්‌

ඡන්ද මධ්‍යස්‌ථානයට යනවිට තම ජාතික හැඳුනුම්පත හෝ අනන්‍ය තාව තහවුරු කළ හැකි මැතිවරණ කාර්යාලය විසින් පිළිගත් හැඳුනුම් පතක්‌ අනිවාර්යයෙන් ම රැගෙන යා යුතු බවත් එවැනි ලේඛනයක්‌ නොමැති කිසිවකුට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්‌ථාව නොලැබෙන බවත් හෙතෙම කියා සිටී.


ඡන්ද මධ්‍යස්‌ථාන නිරීක්‍ෂණයට පැෆරල් නියෝජිතයෝ
උතුරේ යාපනය හා කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කවල ඡන්ද මධ්‍යස්‌ථාන සියල්ල තම සංවිධානයේ නිරීක්‍ෂණ යට ලක්‌වන බව එම සංවිධානය පවසයි.

"ටාසන් වගේ නේද වැඩ කරන්නේ ඔක්‌කොම පත්තරවල හෙඩ්ලයින්" කියා ජනපති කීවා
- නිශාන්ත මුතුහෙට්‌ටිගම කියයි

මහ ඇමැති මට ඕනෑම දෙයක්‌ කියපුවාදෙන්. මම ඒකට බය නැහැ. මම ඉන්නේ එකම ස්‌ථාවරයේ. ඒ ජනතාවගේ පැත්තේ.

ගාල්ල බස්‌ නැවතුම්පළේ ඉවත්කළ යකඩ වැට යළි සකස්‌ කරයි

මේ වන විට ගාලු බස්‌ නැවතුම්පළේ ආරක්‌ෂාව සඳහා වැඩි නිලධාරීන් පිරිසක්‌ යොදවා පොදු දේපළ ආරක්‌ෂා කිරීමට කටයුතු කිරීමට ආරක්‌ෂක අංශයට සිදුව ඇත.

නීති විරෝධී වාහන ලියාපදිංචි කිරීම නිසා රජයට රු. කෝටි 600 ක්‌ පමණ අහිමිවීම ගැන සොයා බලන්න රහස්‌ පොලිසියට පැවරුවා
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම

නීති විරෝධී වාහන 6 ක්‌ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම ගැන පරීක්‍ෂණ කරන්න රහස්‌ පොලිසියට දී තිබෙනවා.

ඇතැම් ක්‍රීඩකයෝ කොළඹ ඩීන්ස්‌ පාරේ මරිය කඩේටද ගොස්‌ වෛද්‍ය උපදෙස්‌ ප්‍රතිකාර ගන්නවා

වෛද්‍ය ඒලියන්ත වයිට්‌ලා විතරක්‌ නොවේ තවත් වයිට්‌ලා ඉන්නා බව කී දිනේෂ් ගුණවර්ධන මහතා ක්‍රිකට්‌ ක්‍රීඩකයකුගේ තරග තහනම පිළිබඳව පරීක්‍ෂණ අවසන් වූ පසු ඒ ගැන විමසන මන්ත්‍රීවරුන්ට පිළිතුරු ලබාදිය හැකි බවද කීය.

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සයවැනි සැසියට රනිල් ලන්ඩන් යයි

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ද දේශනයක්‌ පවත්වනු ලබන අතර එය හෙට (24 වැනිදා) පැවැත්වීමට නියමිතය.

මුතුහෙට්‌ටිගම කැපූ මගී ආවරණ යකඩ වැටේ කොටස යළි හදයි

මේ පිළිබඳ ගාල්ල වැඩබලන නාගරික කොමසාරිස්‌වරිය විසින් රුපියල් දහඅට දහසක අලාභයක්‌ කොට ඇති බව පවසමින් ගාල්ල පොලිසියට පැමිණිල්ලක්‌ ඊයේ (22) උදැසන ඉදිරිපත් කළාය.

හදිසි අනතුරකින් මියගිය ඡන්ද අපේක්‍ෂ කයාගේ මරණ පරීක්‌ෂණය

"බල්ලෙක්‌ බුරන ශබ්දයක්‌ ඇසුණා. ඒ සමග මම යතුරුපැදියෙන් බැස බලන විට පස්‌සෙන් පස්‌සට පැමිණි කමල් හිස පහතට සිටින ලෙස කන්දෙන් පහළට වැටුණා"

කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ සිට ඊයේ (22) දහවල් ඡන්ද පෙට්‌ටි හා මැතිවරණ ලේඛන රැගෙන මැතිවරණ නිලධාරීන් හා ආරක්‍ෂක නිලධාරීන් ඡන්ද පොළ වෙත ගමන් කළ අයුරු.
පිංතූරය - දිනසේන රතුගමගේ

දුම්රිය මැදිරි ගිනි ගැනීමෙන් රුපියල් මිලියන 25 ක පමණ අලාභයක්‌

එම ගින්න හේතුවෙන් දුම්රිය මැදිරි දෙකක්‌ සම්පූර්ණ යෙන්ම විනාශ වී ඇති අතර තවත් එක්‌ මැදිරියකටද අලාභහානි වී තිබේ.

නෝර්වේ අගමැති කාර්යාලය අසල බෝම්බයක්‌ පුපුරයි

මෙම පිපිරුමෙන් පුද්ගල යෙකු මියගොස්‌ අටදෙනකු පමණ තුවාල ලබා ඇත.

ආරක්‍ෂාවට පොලිසි යෙන් 25,000 ක්‌

ඊයේ දිනය වනවිට මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳ ලැබුණු පැමිණිලිවලට අනුව සැකපිට පුද්ගලයන් 132 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව නවරත්න මහතා කීය.

දූෂිත හෙජින් ගනුදෙනු වේ නීතිඥ ගාස්‌තු පමණක්‌ ඩොලර් මිලියන 2 කට වැඩියි

ඩොයිෂ් බැංකුවේ හා සිටි බැංකුවේ නඩු තීන්දු ලැබී මෙන් පසු තවත් රුපියල් කෝටි 5000 කට අධික මුදලක්‌ ගෙවීමට සිදුවනු ඇති බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.


හමුදා කඳවුරේ සාදයක ගැටුමෙන් සෙබළෙක්‌ පහර කා මියයයි

සාදයේ ආහාරයට තිබූ කොත්තු රොටි සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක්‌ මෙම මිනීමැරුමට හේතුවී ඇත.

ශ්‍රී ලංකා මහ කොම සාරිස්‌ හා ජයලලිතා අතර හමුවක්‌
මෙහිදී ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ද්‍රවිඩ අවතැන්වූවන් පදිංචි කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇය වෙත පැහැදිලි කර ඇත.

බරෙන් අඩු පාන් නිෂ්පාදනය දිගටම

පාන් සඳහා මිල පාලනයක්‌ ක්‍රියාත්මක නොවන අතර එම නිසා සාමාන්‍ය පාන් ගෙඩියක්‌ රුපියල් 45 සිට 60 දක්‌වා විවිධ මිල ගණන්වලට අලෙවි කෙරේ.

නිරුවත පෙන්වූ "එස්‌ටීඑෆ් භටයා අධිකරණයට"

අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානයක තම ලිංගික අඟ පසඟ අසැබි ලෙස ප්‍රදර්ශනය කිරීමේ චෝදනාවක්‌ මත පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සේවයේ නියුතු උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ අනුරාධපුර පොලිසිය විසින් පෙරේදා (21 දා) අත්අඩං ගූවට ගෙන ඇත.

අක්‌මීමන අපේක්‍ෂක යෙක්‌ මියයයි
මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් ගෙයින් ගෙට යමින් සිටියදී බල්ලකු එළවාගෙන ඒම නිසා දුවන්නට ගොස්‌ බිම ඇදවැටීමෙන් තුවාල ලැබූ මොහු ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස්‌ ඇත.

  • ශ්‍රී ලංකා 'ඒ' ක්‍රීඩකයෝ අසාර්ථක වෙති

    ලෙස්‌ටර්ෂියර් කණ්‌ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 341 ක්‌ ලබා ගත් අතර ශ්‍රී ලංකා 'ඒ' පිතිකරුවන්ට පන්දුවාර 49.1 කදී සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 176 ක්‌ පමණි.


Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.