2011 ජුලි 29  සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම අනුව
නායකත්වය ගන්න
කරු එකඟ වෙයි

මේ මොහොතේ පක්‍ෂ නායකත්වය අතට අරගෙන එ.ජා.ප. ය සවිමත් කරන්නැයි තමා විසින් කරන ලද ආරාධනාවට කරු ජයසූරිය මහතා ධනාත්මක පිළිතුරක්‌ ලබාදුන් බවද පක්‍ෂයට නායකත්වය දෙන්න ඒ මහතා සූදානම් බවද හෙතෙම කීවේය.

එජාප ව්‍යවස්‌ථාවට පිටින් කාටවත් නායකයා වෙන්න බෑ - තිස්‌ස අත්තනායක කියයි
එක්‌සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්‌ථාවට අනුව වත්මන් පක්‍ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පත්කරගෙන ඇති බවත් එය ඒ ආකාරයෙන්ම ඉදිරියට ක්‍රියාත්මක වන බවත් අත්තනායක මහතා පැවසීය.

පාසල් නිවාඩුව
අගෝස්‌තු 4 දා සිට
රජයේ සියලුම සිංහල හා දෙමළ පාසල්වල දෙවන වාරය අගෝස්‌තු 04 වැනි බ්‍රහස්‌පතින්දායින් අවසන් වන අතර තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ වන්නේ සැප්තැම්බර් 5 වැනිදා සඳුදා ය.

වසරයි මාස පහකට පෙර මරා වළ දැමූ එන්ජීඕ නියෝජිතගේ සිරුර
ගොඩ ගනී

දෙමළ චිත්‍රපට අධ්‍යක්‍ෂ
- ව්‍යාපාරික දෙදෙනා දැලේ

ඝාතනයට ලක්‌වූ පට්‌ටානි රාසික්‌ මහතා සිව් දරු පියෙකි. විශ්‍රා මක හමුදා නිලධාරියකු වන මොහු පුත්තලම ප්‍රජා භාරකාර අරමුදෙල් කළමනාකරු ලෙස කාලයක්‌ සේවය කර ඇත.


අංශ ප්‍රධානීන්ගේ අස්‌වීම පාලක සභා බාරගෙන නෑ
එනිසා අලුතින් ලිපි නිකුත් කරන්නත් අවශ්‍ය නෑ

උපකුලපති සම්මේලනය

ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හැර සතියක කාලයක්‌ ගත වුවද මෙම ගැටලුව මත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

චැනල් 4 දෙවැනි වීඩියෝ පටය මුළුමනින්ම අසත්‍යයක්‌ - යුද හමුදා ප්‍රකාශක

බොරු සාක්‌කිකරු චැනල් 4 රූපවාහිනිය අමතමින් සිවිල් වැසියන් 1500 ක්‌ මරණ බව මුලින් පවසා පසුව පවසා ඇත්තේ 50000 ක්‌ මරණ බව දුටු බවය.

ඇමෙරිකානු ආධාර නැවැත්වීමේ යෝජනාව තවම සම්මත කර නෑ
සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌

මේ යෝජනාවට අදාළ නීති රීති සකසන බවත් එය සම්මත වන තෙක්‌ ඒ ගැන කරුණු දක්‌වන්නේ නැති බවත් හෙතෙම  සඳහන් කර ඇත.

හෙජින් ඇපෑල විභාග කිරීමට පෙර තැන්පතු මුදලක්‌ බැඳීමට සිදු වේ!

හෙජින් ගිවිසුම් අනුව බැංකුවට ලැබිය යුතු මුදලට වඩා බොහෝ අඩු මුදලක්‌ ලබාගෙන ප්‍රශ්නය සමථයකට පත්කර ගැනීමට එම බැංකු කැමැත්ත පළ කර තිබුණද එම යෝජනාව ශ්‍රී ලංකා රජය පැත්තෙන් ප්‍රතික්‍ෂේප වී ඇත.

ඉතිරි පළාත් පාලන 23 ඡන්ද විමසීම ගැන
අවසන් තීන්දුව ළඟදීම
සැප්තැම්බර් මාසයේදී ඡන්ද විමසීම සිදුවිය හැකි බව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (28) කීය.

ගුරු හා විදුහල්පති ගැටලු
නොවිසඳුවොත් වෘත්තීය ක්‍රියා
ගුරු හා විදුහල්පතිවරුන්ගේ උසස්‌ වීම්, වැටුප් විෂමතා පිළිබඳ ගැටලු ගැන අවධානය යොමු නොකරන අමාත්‍යාංශය අධ්‍යාපන සංවර්ධනය ගැන බොරු මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී.......

රු. ලක්‍ෂ 11 ක මුද්දර හොර පාරෙන් පිටරටට
95% ක්‌ම පැරණි ඒවා
පැරැණි දුර්ලභ මුද්දරවලට ලෝක මුද්දර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක්‌ පවතී. මේ අනුව නාරාහේන්පිට ගබඩාවෙන් නීති විරෝධී ලෙස රැගෙන ගොස්‌ ඇති මෙම මුද්දර තොගයේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්‍ෂ 50 කට අධික වේ.

අනුන්ගේ සිර දඬුව මක්‌ විඳින්න වූ සැක කරු ගැනපරීක්‍ෂණයක්‌ කරන්නැයි නියෝග
අවුරුදු පහක සිරදඬුවමක්‌ ලබාදුන් සැකකරු වෙනුවට වෙනත් සැකකරුවකු එම දඬුවම විඳිමින් සිටින බව කියන සිද්ධිය සම්බන්ධ යෙන් වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස උපදෙස්‌ දී ඇත.

මලේ දීල බලමුද....
අපි කරුට බලේ...


ඡායා - ධර්මසේන වැලිපිටිය

නායකත්වය කරුට දීමේ අරමුණ කඩා වැටෙන එජාපය යළි නංවාලීමටයි
එජාප නියෝජ්‍ය නායක
සජිත් ප්‍රේමදාස
අප මේ පියවර ගත්තේ එජාපය දිනන පක්‍ෂයක්‌ බවට පත්කිරීමටයි. ගරා වැටෙන දේශය ගොඩනගන්න අප පක්‍ෂයක්‌ විදියට අලුත් ඉදිරි පියවරක්‌ තබා තිබෙනවා. මේ ආණ්‌ඩුවට එරෙහි නායකත්වය දෙන්න අපි ලෑස්‌තියි.

දරුවන් යහමග යෑවීමේ යුතුකම
පැවරෙන්නේ ගුරු වරුන් වන ඔබටයි
සෞන්දර්ය ගුරුවරුන් 3174 දෙනකුට එක්‌වර පත්වීම් ලබාදුන් ප්‍රථම අවස්‌ථාව මෙය වනු ඇත.

නව ඡන්ද ලේඛනය අනුව යාපනේ  දිසාවේ මන්ත්‍රී සංඛ්‍යාව 4 කින් අඩු වේ
නව ලේඛනයෙහි යාපනය දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද දායක සංඛ්‍යාව ලක්‍ෂ 03 කින් පමණ අඩුවීම මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩුවීමට හේතු වී තිබිණි.

වසර කීපයක්‌ සැඟවී සිටි කුලියාපිටියේ "සක්‌විති" කොට්‌ටා වේදී අත්අඩංගුවට
මොහු විවිධ පුද්ගලයන් රවටා ඉහළ පොලියක්‌ ලබා දෙන බව කියමින් රුපියල් කෝටි 2 කට අධික මුදල් වංචනික ලෙස ලබා ගත් පුද්ගලයෙකි.

ඕමන්තේදී ලොරියක්‌ දුම්රියේ ගැටී දෙදෙ නෙක්‌ මියයති
යාල්දේවී ශීඝ්‍රගාමී දුම්රිය ඕමන්ත බලා ධාවනය වෙමින් තිබියදී දුම්රිය හරස්‌ මාර්ගයෙන් පැමිණි ලොරියක්‌ දුම්රියේ ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

ලක්‌සල සේවකයෝ 10 ක්‌ ස්‌වෙච්ඡාවෙන් විශ්‍රාම යති
රුපියල් කෝටියකට ආසන්න වන්දි මුදල් ලබා ගනිමින් ලක්‌සල ආයතනයේ සේවකයෝ දස දෙනෙක්‌ ඊයේ (25) ස්‌වෙච්ඡාවෙන් විශ්‍රාම ගත්හ.

එජාපයට එරෙහි මුස්‌ලිම් කොංග්‍රස්‌ වාරණය අගෝස්‌තු 25 දා දක්‌වා දික්‌වේ
ඇමැති රවුෆ් හකීම් මහතා ඇතුළු මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හත්දෙනකු 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පක්‍ෂව ඡන්දය දීම සහ ආණ්‌ඩුවට එක්‌වීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය මගින් පරීක්‍ෂණයක්‌ පැවැත්වීම වළකාලමින් නිකුත් කොට තිබූ වාරණ නියෝගය දීර්ඝ වී ඇත.

ඇඹිලිපිටියේ නගරාධිපති ධුරය හිමිනමට නොලැබේ යෑයි විරෝධතාවක්‌

වැඩිම මනාප ලබාගත් වේවැල්දූවේ ඥානප්‍රභා හිමිපාණන්ට නගරාධිපති පදවිය නොලැබෙන බවට පළවන ආරංචියක්‌ නිසා එයට එරෙහිව පළකෙරෙන දැවැන්ත විරෝධතාවක්‌ 28 දා (ඊයේ) ඇඹිලිපිය නගරයේ පැවැත්විණි.

  • අද රසවින්දනය නන්නත්තාර වෙලා
    රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා

    එකම බීමක්‌ දුන්නොත් හැමදාම එකම රසය. දැන් තියෙන්නේ එකම රසය. ඉතිහාසයේ අපිට ඉතා හොඳ ටෙලි නාට්‍ය කලාවක්‌ තිබුණා. රස වින්දනය හොඳින් ගොඩනැඟීගෙන ආවා. ඒත් අද ඒ රසවින්දනය නැහැ.

  • ද්‍රවිඩ සන්ධානයේ අරමුණ හඳුනා ගැනීම!

    රාජ්‍ය නොවන සංවිධානයක කාර්යාලයක්‌ වෙත ගියපු කොටි ත්‍රස්‌තයන් නවදෙනකු ගෙන්වා රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ. මෙහිදී 'මධු' නමින් හඳුන්වන කොටි කාන්තාව පවසා ඇත්තේ අපේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ක්‍රියා නොකළහොත් යළි සටන් කරන බවය.

 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.