නව ඡන්ද ලේඛනය අනුව යාපනේ
දිසාවේ මන්ත්‍රී සංඛ්‍යාව 4 කින් අඩු වේ


රනිල් ධර්මසේන

නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව යාපනය දිස්‌ත්‍රික්‌කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව හතරකින් අඩු වී තිබේ.

ඒ අනුව ඉකුත් 2009 ඡන්ද හිමි නාමලේඛනය යටතේ එම දිස්‌ත්‍රික්‌කයට හිමිවී තිබූ මන්ත්‍රීs්‍ර ධුර 10 නව ලේඛනයෙන් 06 දක්‌වා අඩු වී ඇති බව මැතිවරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය.

නව ලේඛනයෙහි යාපනය දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද දායක සංඛ්‍යාව ලක්‍ෂ 03 කින් පමණ අඩුවීම මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩුවීමට හේතු වී තිබිණි.

ඉකුත් ඡන්ද නාම ලේඛනයේ යාපනයේ ඡන්ද දායකයන් ප්‍රමාණය 816005 ක්‌ විය. එය ගණන් කරනු ලැබුයේ කලින් පැවැති සංඛ්‍යාව සංශෝධනය කරමින්ය. එහෙත් නව ලේඛනයට අනුව යාපනයේ ස්‌ථිර පදිංචිකරුවන් පමණක්‌ ගෙන් ගෙට ගොස්‌ ගණනය කිරීම නිසා ඡන්ද දායක ප්‍රමාණය ලක්‍ෂ 03 කින් පමණ අඩු වූ බවද හෙතෙම කීය.

යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් අඩු වූ මන්ත්‍රි ධුර 04, මාතර, බදුල්ල, කුරුණෑගල හා රත්නපුර දිස්‌ත්‍රික්‌කවලට එක බැගින් එකතු කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.