ඕමන්තේදී ලොරියක්‌ දුම්රියේ ගැටී දෙදෙනෙක්‌ මියයති

දිනසේන රතුගමගේ

වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී 28දා දහවල් 1 ට පමණ ලොරියක්‌ දුම්රියක ගැටීම හේතුවෙන් දෙදෙනකු මරුමුවට පත් වී තවත් දෙදෙනකු බරපතළ ලෙස තුවාල ලබා තිබේ. යාල්දේවී සීග්‍ර්‍රගාමී දුම්රිය ඕමන්ත බලා ධාවනය වෙමින් තිබියදී දුම්රිය හරස්‌ මාර්ගයෙන් පැමිණි ලොරියක්‌ දුම්රියේ ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

අනතුරට පත්වීම නිසා ලොරියේ සිටි හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල කරුවන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. එහිදී දෙදෙනකු මරුමුවට පත් වී ඇති අතර බරපතළ ලෙස තුවාල ලැබූ ඉතිරි දෙදෙනා ප්‍රතිකාර ලබමින් සිටිති. වවුනියාව පොලිසිය හා ඕමන්ත පොලිසිය පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.