ඇමෙරිකානු ආධාර නැවැත්වීමේ යෝජනාව
තවම සම්මත කර නෑ

සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට සපයන ඇමරිකානු ආධාර නතර කිරීම සඳහා වූ යෝජනාව මෙතෙක්‌ සම්මත වී නැතැයි සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ප්‍රකාශ කර ඇත.

මේ යෝජනාවට අදාළ නීති රීති සකසන බවත් එය සම්මත වනතෙක්‌ ඒ ගැන කරුණු දක්‌වන්නේ නැති බවත් හෙතෙම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතා තවදුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට ආධාර සැපයීම නතර කරන ලෙස කොටි හිතවාදී ඇමරිකානු මන්ත්‍රීවරයකු විසින් කොන්ග්‍රස්‌ මණ්‌ඩලය වෙත යෝජනාවක්‌ ගෙනවිත් තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.