ඇඹිලිපිටියේ නගරාධිපති ධුරය
හිමිනමට නොලැබේ යෑයි විරෝධතාවක්‌


රත්නපුර - ධර්මප්‍රිය ලියනආරච්චි, ඕමල්පේ ප්‍රගීත් ජනක



ඉකුත්දා පැවැති පළාත් පාලන මැතිවරණයේදී ඇඹිලිපිටිය නගර සභාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කොට වැඩිම මනාප ලබාගත් වේවැල්දූවේ ඥානප්‍රභා හිමිපාණන්ට නගරාධිපති පදවිය නොලැබෙන බවට පළවන ආරංචියක්‌ නිසා එයට එරෙහිව පළකෙරෙන දැවැන්ත විරෝධතාවක්‌ 28 දා (ඊයේ) ඇඹිලිපිය නගරයේ පැවැත්විණි.

ඥානප්‍රභා හිමියෝ එම ඡන්ද විමසීමේදී මනාප ඡන්ද 5895 ලබා ගනිමින් මනාප ලැයිස්‌තුවේ පළමු තැන ලබා සිටියේය.

ඥානප්‍රභා හිමියන් පවසන්නේ වැඩිම මනාප ලබා ගත් අයට නගරාධිපති පදවිය ලැබෙන බවට තිබුණ එකඟතාව සහ ජනාධිපතිතුමන් පවා එම මතයේ සිටි නිසා ජනතාව තමන්ට වැඩි මනාපයක්‌ ලබා දෙමින් ජයග්‍රහණය කරවූයේ නගරාධිපති පදවිය ලැබෙතැයි යන විශ්වාසය මත බවය.

එහෙත් එම විශ්වාසයට හා එකඟතාවට විරුද්ධව යමින් මනාප ලැයිස්‌තුවේ පහළ තැනක සිටින කෙනකු පුරපති කරවීමට යමෙක්‌ කටයුතු කළහොත් එයට එරෙහිව මාරාන්තික උපවාසයක්‌ කිරීමට තම ආධාරකරුවන් සූදානමින් සිටින බවය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.