ඉතිරි පළාත් පාලන 23 ඡන්ද විමසීම ගැන
අවසන් තීන්දුව ළඟදීම


රනිල් ධර්මසේන

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය හේතුවෙන් කල් දැමූ පළාත් පාලන ආයතන 23 ක ඡන්ද විමසීම සිදු කිරීම සම්බන්ධයෙන් අද හෙටම ආණ්‌ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයන් රැස්‌වී අවසන් තීරණයක්‌ ගැනීමට නියමිතය.

මහ නගර සභා 17 ක්‌ නගර සභාවක්‌ හා ප්‍රාදේශීය සභා 5 ක්‌ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේ ඡන්ද විමසීම සිදුනොකර පාලන කාල සීමාව දීර්ඝ කරන ලද අතර පසුව එය නැවතත් එහි අවසන් කාලය ජුනි මාසයේ සිට දෙසැම්බර් 31 දක්‌වා හදිසි නීතිය යටතේ කල් දමනු ලැබීය. සැප්තැම්බර් මාසයේදී ඡන්ද විමසීම සිදුවිය හැකි බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඡන්ද විමසීම සිදු නොකිරීම සම්බන්ධයෙන් කොළඹ හා තවත් මහ නගර සභා කිහිපයක්‌ මැතිවරණ කොමසාරිස්‌වරයාට එරෙහිව අධිකරණයේ නඩු 6 ක්‌ ගොනුකර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.