රු. ලක්‍ෂ 11 ක මුද්දර හොර පාරෙන් පිටරටට
95% ක්‌ම පැරණි ඒවා


ප්‍රියදර්ශන ලියනගේ

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයට අයත් නාරාහේන්පිට ගබඩාවේ තිබූ රුපියල් ලක්‍ෂ 11 ක්‌ වටිනා මුද්දර තොගයක්‌ කිසිදු නීත්‍යනුකුල අවසරයකින් තොරව රජයේ ස්‌ථිර සේවකයකු නොවන පුද්ගලයකු විසින් විදේශ රටකදී අලෙවි කිරීම සඳහා රැගෙන ගොස්‌ ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස රැගෙන ගොස්‌ ඇති මුද්දර තොගයෙන් සියයට අනූපහක්‌ (95% ක්‌) පැරැණි මුද්දර වන අතර එම මුද්දර අතර 1982 වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය නිකුත් කළ ශ්‍රී ලංකාවේ මල් මුද්දරය 1994 වර්ෂයේදී නිකුත් කළ ශ්‍රී ලංකාවේ ඕකිඩ් මල් මුද්දරය සහ 1983 වර්ෂයේදී නිකුත් කළ ශ්‍රී ලංකාවේ ආවේනික කුරුල්ලන් මුද්දර ඇතුළු පැරැණි දුර්ලභ මුද්දර රැසක්‌ද වන බව තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු "දිවයින"ට පැවසීය.

පැරැණි දුර්ලභ මුද්දරවලට ලෝක මුද්දර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක්‌ පවතී. මේ අනුව නාරාහේන්පිට ගබඩාවෙන් නීති විරෝධී ලෙස රැගෙන ගොස්‌ ඇති මෙම මුද්දර තොගයේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්‍ෂ 50 කට අධික වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.