අනුන්ගේ සිර දඬුවමක්‌ විඳින්න වූ
සැකකරු ගැන පරීක්‍ෂණයක්‌ කරන්නැයි නියෝග


චමින්ද සිල්වා

කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් අවුරුදු පහක සිරදඬුවමක්‌ ලබාදුන් සැකකරු වෙනුවට වෙනත් සැකකරුවකු එම දඬුවම විඳිමින් සිටින බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඊයේ (28 වැනිදා) පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

ඒ අනුව මෙම අසාධාරණයට ලක්‌වූ තිලක්‌ හේමචන්ද්‍ර නමැති සැකකරු ඊයේ (28 වැනිදා) කැඳවා ප්‍රකාශයක්‌ සටහන් කරගත් බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම් ඒ. දිසානායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ලබාගැනීම සඳහා කළුතර බන්ධනාගාරයට සහ කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත නිලධාරියෙක්‌ ඊයේ (28 වැනිදා) ගිය බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සැකකරු වැලිකඩ බන්ධනාගාරයේ ඕ/34159 අංකය යටතේ රඳවා සිටින අතර මේ වන විට දඬුවමෙන් වසර එකහමාරක්‌ පමණ ගෙවා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.