ශ්‍රී ලංකා-ඔස්‌ටේ්‍රලියා ක්‍රිකට්‌
තරග විකාශන අයිතිය ජාතික රූපවාහිනියට


රනිල් ධර්මසේන

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා -ඔස්‌ටේ්‍රලියා ක්‍රිකට්‌ තරගාවලියේ විකාශන කටයුතු සාධාරණ මිල ගණන් යටතේ ජාතික රූපවාහිනියට ලබාදීමට රජය තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවසීය.

ක්‍රිකට්‌ තරගාවලියේ විකාශන කටයුතු පිළිබඳ පැනනැඟී ඇති කරුණු කිහිපයක්‌ ගැන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග තමන් සාකච්ඡා කළ බවත් එහිදී ජනාධිපතිවරයා මේ බව තමන්ට දැනුම් දුන් බවත් ඊයේ (28 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙතෙක්‌ කලක්‌ ක්‍රිකට්‌ තරග විකාශන කටයුතු සිදු කරනු ලැබුයේ ජාතික රූපවාහිනිය බැවින් වර්තමානයේදී පැවැත්වෙන මෙම තරගත් එම නාලිකාවට ලබා දෙන ලෙස ජනපතිවරයා ප්‍රකාශ කළ බව ද හෙතෙම කියා සිටියේය.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගවල විකාශන අයිතිය රාජ්‍ය මාධ්‍යවලට හා පිළිගත් ක්‍රීඩා විකාශන නාලිකාවලට ලබාදීමට ඇමැති මණ්‌ඩලය මීට පෙරදී තීරණය කළ බවත් මෙහිදී පිළිගත් ක්‍රීඩා විකාශන ආයතන යටතට වැටෙන්නේ ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ ආයතන පමණක්‌ බව ද ඒවා පිළිබඳව ද රජය සෑහීමකට පත්විය යුතු බවද ඇමැතිවරයා පැවසීය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.