2011 අගෝස්‌තු 06 සෙනසුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Circulation
    ADVERTISING
   RATES
    
    Submit Your Opinion
    contact webmaster

ලෝක සෞඛ්‍ය සංවිධාන යෙන් තහනම් කළ ඖෂධයක්‌ රජයේ රෝහල්වලට යවලා

සෞඛ්‍ය අමාත්‍යාංශ තාක්‍ෂණ ඇගැයීම් කමිටුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දී නොතිබියදී අදාළ බෙහෙත් වර්ගය රජයේ රෝහල් වලට නිකුත් කිරීමට ක්‍රියා කළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන බව කී ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන් කරන වැරැදි ක්‍රියාවන්ට තමන්ට දොස්‌ කීමෙන් ඵලක්‌ නොමැති බව කියා සිටියේය.

සාටකයේ සාපයට එරෙහිව ජනතාව නැගී සිටිය යුතු කාලය ඇවිත්
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
මෙවැනි අසාධාරණකම්වලට එරෙහිව ජනතාව පෙළගැස්‌වීමේ අරමුණින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ඉදිරියේදී අරඹන බවද විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මෙරට ප්‍රථම සූර්ය බල ශක්‌ති බලාගාරය 8 දා විවෘත කෙරේ
මෙම බලාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 412 ක්‌ වැය වී ඇති අතර මෙය පරිසර හිතකාමී විදුලි ව්‍යාපෘතියකි.

උසස්‌ පෙළ දරුවන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමට එක්‌ බස්‌ සංගමයක්‌ පියවර ගනී
ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටින්නේ විභාගයට යන දරුවන්ට නොමිලේ ගමන් පහසුකම් තම සංගමයට අයත් බස්‌ රථ වලින් සලසා නැති බවය.

කොටි ජාත්‍යන්තර ජාලයේ දෙවැනියා අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් මානිවන්තන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට මැලේ සියානු රජය තීරණය කර ඇත

ඉන්ධනවල ප්‍රමිතිය ගැන කිසිදු ප්‍රශ්නයක්‌ නෑ
ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සභාපති සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි සභාපති ඇතුළු ප්‍රධානී න්ගේ අධීක්‍ෂණයෙන් තෙල් ආනය නය හා බෙදාහැරීම සිදු කෙරේ.

අඩි 4 ක්‌ ගැඹුරු වළක පැය 3 ක්‌ මිහිදන්ව ලෝක වාර්තාවක්‌ තැබීමට තරුණයා සූදානම් වෙයි

මීට පෙරද රුචිර කුමාර මහතා පොළොව යට මිහිදන්ව මවිත කරන දස්‌කම් දැක්‌ වූවෙකි.

නව ප්‍රවණතාවන්ට ගැල පෙන පරිදි අපේ බැංකු ක්‍රමය වෙනස්‌ විය යුතුය
අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සහ සංඛ්‍යාලේඛන පිළිබඳව සමහරු දොස්‌ කියනවා. ඒවා පවතින තත්ත්වයට වඩා වෙනස්‌ ප්‍රතිරූප යක්‌ රටේ ආර්ථිකය පිළිබඳව මවා පෙන්වනවා කියලා. එහෙත් සැබෑ තත්ත්වය නම් මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන වලට සමහර වැදගත් තොරතුරු ඇතුල් නොවීමයි.

රජරට නියඟය උග්‍රවී වැව්වල ජලමට්‌ටම පතුලටම බසී
අක්‌කර අඩි 28000 ක ජල ධාරිතාවක්‌ උසුලන කණ්‌ඩලම ජලාශයේ ජල මට්‌ටම මේ වනවිට අක්‌කර අඩි 6000 දක්‌වා පහළ බැස තිබේ.

කොළඹ බත් පැකට්‌ සැපයුම්කරුවන් 320 ක්‌
ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කරයි
බත් පැකට්‌ සපයන්නන් මෙසේ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර ඇතත් ඊයේ වන විට ලියාපදිංචි කර තිබුණේ බත් පැකට්‌ අලෙවිකරුවන් දෙදෙනකු පමණි

පළාත්පාලන ආයතන 64 ක්‌ සඳහා තේරීපත්වූ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ මන්ත්‍රීවරු ඊයේ (05 දා) එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඡායාරූප - කමල් බෝගොඩ

කොටි සංවිධානය සතුව තිබී කෝටි 344 ක අවි සොයා ගත්තා
- ආරක්‌ෂක අමාත්‍යාංශය කියයි
සොයාගත් අවි අතර ගුවන් යානා නාශක මිසයිල 16 ක්‌ කාලතුවක්‌කු 9 ක්‌ ජාත්‍යන් තර තහනමට ලක්‌වූ තර්මෝ බැරික්‌ අවි 53 ක්‌ ද වේ.

ඇමැති මර්වින්ගේ අණින් අනවසර තාප්ප කඩාදමයි
දේශපාලන භේදයෙන් තොරව මාර්ග දෙපස ඉදිකළ තාප්ප ඉවත් කරනු ලබන් නේ මහාමාර්ගය පුළුල් කිරී මේ අදහසින් බවද එවැනි පොදු ක්‍රියාමාර්ගවලදී ඊට කාගේත් සහාය ලබාදෙන ලෙසද ඇමැතිවරයා එම තාප්ප ඉදිකළ උදවියගෙන් ඉල්ලා සිටියේය.

උපාධිධාරීන් 49 ක්‌ එස්‌.අයි. තනතුරුවලට
මෙම තනතුර සඳහා බඳවා ගත් උප පොලිස්‌ පරීක්‌ෂක වරුන් අතර උසස්‌ පෙළ විභාගයේ සියලුම විෂයන් සඳහා "ඒ" සාමාර්ථ ලබාගත් විසිදෙදෙනෙකු (22) සිටින බව ආරංචි මාර්ග කියා සිටියි.

සෑම පෙර පාසලකටම සෙල්ලම් මිදුල අනිවාර්යයි
ශ්‍රී ලංකාවේ බහුතරයක්‌ පෙර පාසල්වල දරුවන්ගේ ශාරී රික හා මානසික ක්‍රියාකාර කම් වර්ධනය කිරීම වෙනුවට අකුරු ලිවීමට හුරු කරවීම කෙරෙහි මූලිකත්වය දෙන බවත්, එය නුසුදුසු තත්ත්ව යක්‌ බවත් ඇමැතිවරයා පැවැසීය.

අධිකරණයට ගෙන එමින් සිටියදී
ජීප්රියෙන් පැන සැකකරු නසී
කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක්‌ සම් බන්ධව අත්අඩංගුවට ගත් මේ සැකකරු 64 හැවිරිදි දෙදරු පියෙකි.

කටකතාවලට රැවටෙන්න එපා! ග්‍රීස්‌ යකුන් පිළිබඳ කතා සම්පූර්ණ බොරු
- පොලිස්‌පති
පුද්ගලික ප්‍රශ්න මත විවිධ පුද්ගලයන් කරන කටකතා නිසා මෙවැනි අනියත බියක්‌ රටේ විවිධ ප්‍රදේශවල පැතිර යමින් තිබෙන බව පොලිස්‌පතිවරයා කියා සිටියි.

සියඹලාණ්‌ඩුවේ නොදුටු භූතයා!
සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි සෑම ගම් ප්‍රදේශයකම මෙතෙක්‌ නොදුටු ග්‍රීස්‌ යකෙක්‌ හෙවත් භූතයෙක්‌ සිටින බවට කටකතා විදුලි වේගයෙන් පැතිරයමින් පවතී.

  • නිත්‍යානුකුල විවාහයේ
    සම්මත වයස වෙනස්‌ කළ යුතුද?

    මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වයස අවුරුදු 15 යනු තනිව තීරණ ගත හැකි වයසක්‌ නොවන බවයි. ඔවුන් ළමයින් ලෙස සැලකෙන්නේ එබැවිනි. එම වයස්‌වල තරුණ තරුණියන්ගේ ශරීරය පවා දරු ප්‍රසූතියක්‌ සඳහා පූර්ණ තත්ත්වයට පත්ව නැති බව වෛද්‍යවරුන්ගේ ද අදහසයි.

  • ශ්‍රී ලංකා - ඔස්‌ටේ්‍රලියා 20-20
    ක්‍රිකට්‌ සටන අද ඇරඹේ

    අද සටනට පිවිසෙන ශ්‍රී ලංකා කණ්‌ඩායම ද නවක ක්‍රීඩකයන්ගෙන් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් පරිපූර්ණ කණ්‌ඩායමක්‌ වන අතර ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම මෙම 20/20 තරගාවලිය සඳහා නවක නායකයකු මෙන්ම නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමගින් සහභාගිවීම විශේෂත්වයකි.


Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.