2011 අගෝස්‌තු 14 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

විදුලිබල මණ්‌ඩලයේ පාඩුව මාසයකට රු.කෝටි 350ක්‌!

තාප විදුලි බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කිරීම ඉතා විශාල ලෙස ඉහළ දමා ඇති නිසා ලංකා විදුලිබල මණ්‌ඩලය මසකට ලබන පාඩුව රුපියල් කෝටි තුන්සිය පනහක්‌ බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා zදිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය.

මහා මඩු
මංගල්‍යය හෙට

කතෝලික බැතිමතුන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ මඩු මහා මංගල්‍යය හෙට (15 වැනිදා) මහත් අත්‍යලංකාරයෙන් යුක්‌තව පැවැත්වේ.

කෝටි හත හමාරක පොලී රහිත ණය අනතුරේ!

ජාතික ආරක්‍ෂක අරමුදල විසින් ත්‍රිවිධ හමුදා සහ පොලිස්‌ නිලධාරීන්ට ලබාදුන් රුපියල් හත්කෝටි පනස්‌ ලක්‍ෂයක පොලී රහිත ණය මුදලක්‌ නැවත අයකර ගැනීම අවිනිශ්චිත තත්aත්වයක පවතින බව විගණකාධිපතිවරයා පවසයි.

ජවිපෙන් "දූෂණ විරෝධී හඬක්‌"

"දූෂණ විරෝධී හඬ" නමින් නව සංවිධානයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ විසින් පිහිටුවා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් මෙම සංවිධානය කටයුතු කරනු ලබයි.


මහනුවර ඓතිහාසික ඇසළ මහමංගල්‍යය නිමාවට පත්වන්නේ අවසන් මහා පෙරහැරිනි. පෙරේදා (12 වැනිදා) පැවැති රන්දොaලි පෙරහැරට සධාතුක කරඬුව රැගත් හස්‌තිරාජයා දළදා මාලිගයෙන් පිටතට පැමිණෙන අයුරු= ඡායාරූපයේ දැක්‌වේ. ඡායාරූපය - ශ්‍රීලාල් ගෝමස්‌

කැබිනට්‌ සංශෝධනයක්‌ දැන්ම නෑ!

කැබිනට්‌ සංශෝධනයක්‌ තුළින් ඇතැම් ඇමැතිවරු සිය අමාත්‍යාංශවල වෙනස්‌වීමක්‌ බලාපොරොත්තු වුවද එවැනි සංශෝධනයක්‌ දැන්ම සිදුකිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා නොකරන බව රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එජාප නායකත්ව අර්බුදය
ලබන සතියේ දැඩි තීන්දුවක්‌!
එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්ව අර්බුදය නොවිසඳුන හොත් ලබන සතියේදී පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුකූලව මෙතෙක්‌ අනුගමනය නොකළ දැඩි තීන්දු ගන්නා ලෙස පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත එ.ජා.ප. ක්‍රියාකාරීන් රැසක්‌ බලපෑම් කරන්නට පටන්ගෙන ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහි චෝදනාවක්‌ ජිනීවා සමුළුවට ගෙනාවොත්
කොටින්ට අවි දුන්
රටවල් හෙළිකරනවා
ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ පිහිටුවීමට බටහිර රටවල් උත්සාහ කළහොත් කොටි ත්‍රස්‌තවාදීන්ට අවි - ආයුධ, සන්නිවේදන උපකරණ සහ භාවිත කිරීමට තහනම් වූ අවි - ආයුධ සැපයූ රටවල් සහ ආයතන හෙළිදරව් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

බලපත් නැති මෘදුකාංගයකට තැපෑල ලෝස්‌ නැතුව ගෙවලා!

රජයේ - ඉ - රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් තැපැල් දෙපාර්තමේන්තුව බලපත්‍ර රහිත මෘදුකාංගයක්‌ සකස්‌ කිරීමට රුපියල් කෝටි නමයකට අධික මුදලක්‌ වැයකර ඇතැයි තැපැල් සේවා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

  • ආණ්‌ඩුව කියපු දේවල් කරලා නෑ!
    ආර්. සම්බන්ධන්

    දැනටත් කඳවුරුවල දහස්‌ ගණනක්‌ ජීවත් වෙනවා. මුලතිව්හි ගම්මාන 10 ක බිම්බෝම්බ ඉවත් කර නොමැති නිසා ජනතාව පදිංචි කළ නොහැකි බව රජය පවසනවා. දැන් තත්ත්වය මොකක්‌ද? දැන් පවසන්නේ එහි සිටි ජනතාව ඔවුන්ගේ මුල් ගම්වල පදිංචි කළ නොහැකි බවයි.

  • රනිල් දෙසැම්බර් වනතුරු
    පක්‌ෂයෙන් කල් ඉල්ලයි

    කවුරුත් හොඳට මතක තියාගන්න ඕන මමයි තවමත් එක්‌සත් ජාතික පක්‍ෂ නායකයා. මට ප්‍රශංසා කරන අයගේත් මට බනින අයගේත් මාව එළවන්න කුමන්ත්‍රණය කරන අයගේත් මගේ පුටුවේ වාඩිවෙන්න බලාගෙන ඉන්න අයගේත් එකම නායකයා මමයි.

  • ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව "ප්‍රියම්වතා"

    ලන්ඩන් ඇතුළු නගර රැසක්‌ කලහකාරීන්ගේ ගිනි තැබීම්වලට ලක්‌වද්දී බ්‍රිතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියනම ශ්‍රී ලංකාවේ ද එවන් තත්ත්වයක්‌ ඇති කිරීමට ස්‌ටර්ලින් පවුම් මිලියන ගණනක්‌ වැය කර ඇත.

       

  • බටහිර සාම ගිවිසුමෙන් බැරි වූ දේ
    ටී.එන්.ඒ. හා ජයලලිතා හරහා ඉටුවේද?

    ඊශ්‍රායලය බඳු ජාතිවාදී ඩයස්‌පෝරාවේ සංචාරක රාජ්‍යයක්‌ ශ්‍රී ලංකාවේ උතුරේ බිහිකිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ දියත් වෙමින් ඇති බවට ලැබෙන සාධක වැඩිවෙමින් තිබේ. විදේශගත ද්‍රවිඩ පිරිස්‌වල නිල හා නිල නොවන බලපෑම් මත බටහිර රාජ්‍යයන් සිය දෙවැනි උත්සාහය තමිල්නාඩුව හා උතුර හරහා ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බව එම සාධක විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි.
     

  • දුප්පත්කමේ බැරියාව
    පිහිටට තියෙන්නේ කොරියාව!

    බම්බපිටියේ පොලිස්‌ ක්‍ෂෙත්‍ර බළකා මූලස්‌ථානයේ පසුගිය සතියේ උද්ගත වූ තරුණයන්ගේ කැළඹිල්ල පිළිබඳ පුවත මේ වන විට ටිකක්‌ පරණ විය හැකිය. එහෙත් ඒ කැළඹිල්ල පසුබිමේ තිබෙන දුක්‌බර කතාව හද කම්පාකරවන සුළුය. එදා එසේ කැළඹිල්ලට පත්වූ තරුණයෝ ඔල්මාදකාරයෝ හෝ මදාවිකාරයෝද නොවෙති.

 

 
  • සැමදා නියං එකදා වැහි වලාවේ!

    පල්ලෙකැලේ ක්‍රීඩාංගණය පිරිලා ඉතිරිලා ගියා. දස දහස්‌ ගණනින් ක්‍රීඩාංගණයට ආව ප්‍රේක්‍ෂකයන්ගෙන් තමයි ක්‍රීඩාංගණය ඒ විදිහට පිරිලා ඉතිරිලා ගියේ. ඔවුන් හැම දෙනාම වාගේ ආවේ එක අරමුණක්‌ වෙනුවෙන්. ඒ ශ්‍රී ලංකාව තරගය ජයගනු ඇතැයි යන අරමුණෙන් සහ බලාපොරොත්තුවෙන්.

  • ජයග්‍රහණ තුන්සීයක අභිමානය...?

    උගුර ලේ රහ වන තුරු හුරේ කියුපු ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන්ගේද දෙඅත් රිදෙන තුරු චියර් කරපු ක්‍රිකට්‌ රසිකයන්ගේද නොමඳ සහය සමග පිටියේ රඟ දැක්‌වූ ඒ අපූරු සිංහ රංගනය හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ පිටියේ 300 වැනි ජයග්‍රහණය අභියසට දැන් පැමිණ තිබේ.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.