ද්‍රවිඩ සන්ධානයේ අන්තවාදී සංවිධානවල
නැගෙනහිර අබිරහස්‌ රංගනය


කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කළ පිරිස.....

"සෙබළෙක්‌ ද්‍රවිඩ කාන්තාවක්‌ පසුපස හඹාගෙන ආවා.
ඇය මඩකලපු දුම්රියට යටවී මියගියා.

තවත් සෙබළෙක්‌ ද්‍රවිඩ කාන්තාවක්‌ පසුපස එළෙව්වා.
ඇය ළිඳකට වැටුණා.

සිංහල පොලිස්‌ භටයෙක්‌ හෝ සිංහල සෙබළෙක්‌
මඩකලපුවේදී ද්‍රවිඩ කාන්තාවකට පහර දුන්නා."

පසුගිය සෙනසුරාදා සිට ඊයේ (18 දා) දහවල් වන තෙක්‌ම නැගෙනහිර සිටින කොටි වෙබ් අඩවිවල ඒජන්තවරු ඉහත කී සාවද්‍ය තොරතුරු ලොව පුරාම විකාශනය කර තිබේ. මෙයට සමගාමීව තවත් පුවතක්‌ වාර්තා විය. ඒ ගී්‍රස්‌ යකා කියන අයකු දිවගොස්‌ නතර වී ඇත්තේ දිගාමඩුල්ල ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පියසේනගේ නිවස අසලය.

එකී ගී්‍රස්‌ යකාව හඹා ගිය පිරිස්‌ ගල් ගසා ඇත්තේ මන්ත්‍රී පියසේනගේ රැකවළුන්ටය. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ද්‍රවිඩ සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. තිරුක්‌කෝවිල්හිදී පොලිසිය ඉදිරිපිට ටයර් දමා ගිනි තැබූ තිරක්‌කෝවිල් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වූ අමිතර්ලිංගම් සහ චන්ද්‍රකුමාර්ව ද පොලිස්‌ අත්අඩංගුවට ගැනුණි. මඩකලපුවේ ඇතිවූ කලහකාරී ක්‍රියාදාමයත් සමග මහමඟට පැමිණියේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් වූ යෝගේශ්වරන් හා පොල් සෙල්වරාසායි.

මේ පසුබිම යටතේ නැගෙනහිර සිදුවන අබිරහස්‌ ක්‍රිඩාව  පැහැදිලිය. කොටි නැගෙනහිර පාලනය කරද්දී ජනතාව උසිගන්වනු ලැබීය. දැන් හිටපු කොටි රූකඩ යළිත් ඊට සම්බන්ධ වී සිටී.

දිගාමඩුල්ල මන්ත්‍රී පියසේනව ද්‍රවිඩ සන්ධානයෙන් නෙරපීමට සැලසුම් කළේ සම්පන්දන් ඇතුළු ද්‍රවිඩ සන්ධාන කල්ලියයි.

අධිකරණයෙන් ඊට ඉඩක්‌ නොලැබිණි. දැන් "ගී්‍රස්‌ යකා" කෙලින්ම දිව්වේ මන්ත්‍රී පියසේනගේ නිවසටය. එම ගී්‍රස්‌ යකාව හඹා ආ පිරිස්‌ ගල් ගැසුවේ මන්ත්‍රී රැකවළුන්ටය.

මේ පිරිසට නායකත්වය දුන්නේ ද්‍රවිඩ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකි.

මෙම තත්ත්වය මත ද්‍රවිඩ සන්ධානය රඟදක්‌වන නාටකය සනාථ වේ.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉන්දීය හෙඩ්ලයින්ස්‌ ටුඩේ රූපවාහිනි සේවාවට දැනට තිබෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ප්‍රමාණවත්, බලය විමධ්‍යගත කිරීමක්‌ අවශ්‍ය නැත යෑයි පැවසීමත් සමගම ද්‍රවිඩ සන්ධානය කොටි ක්‍රමවේදය අනුගමනය කරන බව සනාථ වේ.

මෙයට සති කීපයකට පෙර ඉඩම් හා පොලිස්‌ බලතල දෙනු යෑයි පැවසුවේ ද්‍රවිඩ සන්ධානයේ සුරේශ් ප්‍රේමචන්ද්‍රය.

එසේම නෙදර්ලන්ත ගුවන්විදුලියේ මාධ්‍යවේදීන් දෙදෙනකු මඩකලපුවට අවුත් රාජ්‍ය නොවන සංවිධානයක කාර්යාලයකදී හිටපු කොටි ත්‍රස්‌තයන් කීප දෙනකු හමුවී සාකච්ඡා පවත්වා තිබිණි. එහිදී එකී කොටි ත්‍රස්‌තයන් පවසා ඇත්තේ නැවත අවි අතට ගන්නා බවයි.

මේ සම්බන්ධව නැගෙනහිර හමුදා ආඥපති කාර්යාලය විමර්ශනයක්‌ කළේද? එකී රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලය පිළිබඳ සෙව්වේද?

මෙම පසුබිම ආරක්‍ෂක බලධාරීහු තේරුම්ගත යුතුය. ටැමිල් නෙට්‌ සහ ස්‌විස්‌ කොටි වෙබ් අඩවියේ ඒජන්තවරු මඩකලපුවේ සිට අම්පාර දක්‌වා ස්‌ථානගතවී සිටී.

මොවුහු මාධ්‍ය නිදහසට මුවාවී ගිනි ඇවිලවීමට දායක වෙති.

ඊට හොඳම නිදසුන ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය මගින් ප්‍රචාරය කළ සාවද්‍ය තොරතුරුයි.

නැගෙනහිර "සාමය" තිබීම, රාජ්‍ය නොවන සංවිධාන සහ හිටපු කොටි හිතවාදී ද්‍රවිඩ දේශපාලකයන් නුරුස්‌සන දෙයකි.ඒ අතරේ අන්තවාදී මූලධර්මවාදී සංවිධාන නැගෙනහිර තම බලය පතුරුවා ගැනීමට මාන බලයි.

මේ නිසා ඔවුහු නීතිය බිඳ දැමීමට ක්‍රියා කරති. මෙලෙස නීතිය බිඳ දැමීමට ඉඩදිය යුතුද? මේ අතරේ විදේශ මාධ්‍ය පුන පුනා බලා සිටින්නේ පොලිසිය සහ හමුදාව නැගෙනහිර සිවිල් ජනතාවට පහර දෙන්නේ කවදාද යනුවෙනි. කොටි හිතවාදී මාධ්‍යයන් ද කලහකාරී සිදුවීම් ආ සිදුවන ස්‌ථානවලට දිව යයි. ඔවුහුද ආරක්‍ෂක හමුදා ප්‍රහාර අපේක්‍ෂා කරති.

නැගෙනහිර දී ඇතිවූ සිදුවීම් දෙස විමර්ශනය කරන විට කලහකාරී සිද්ධීන් එක්‌තරා ක්‍රමවේදයක්‌ මත දියත්වී ඇතැයි සනාථ වේ. කාතන්කුඩි සිට පොතුවිල් වෙත හා ඉන්පසු තිරුක්‌කෝවිල් සහ කින්නියා දක්‌වා ද එතනින් මඩකලපුව තෙක්‌ ද කලහකාරී සිද්ධීන් ව්‍යාප්ත විය.

මේ සෑම ක්‍රියාදාමයකම ටයර් පිළිස්‌සීම් හා මාර්ග බාධක ඇති කිරීම් විය. කින්නියේදී එය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ප්‍රාණ ඇපයට ගැනීම දක්‌වා පැතිරිණි.

මේ තත්ත්වය මත ටියුනීසියාවේ, ඊජිප්තුවේ හා ලිබියාවේ කැරලිකරුවන් ක්‍රියා කළ ආකාරයට නැගෙනහිර දී කලහකාරීන්ට නිතීය බිඳ දැමීමට ඉඩදිය නොහැක.

රජය මේ "අනතුර" තේරුම්ගත යුතුයි. ඊජිප්තුවේ අන්තර්ජාල "ෙµaස්‌ බුක්‌" මගින් කැරලි ප්‍රචාරය කළ ආකාරයට ශ්‍රී ලංකාවේ සිදුවනු ඇතැයි කොටි වෙබ් අඩවි තුළ විශ්වාසයක්‌ පැවතිණි.

බ්‍රිතාන්‍යයේ නගර රැසක මාරක අවහිර ඇති කරමින් වෙළෙඳසල් කොල්ලකෑ පිරිස්‌ සම්බන්ධව අගමැති ඩේවිඩ් කැමරන් ගෙන ඇති තීරණ ජනතාවගේ අවධානය සඳහා අපි මෙලෙස දක්‌වන්නෙමු.

ෆ ජංගම දුරකථන මගින් කලහකාරී ක්‍රියා ප්‍රචාරය කළ සහ ඊට අනුබල දුන් පිරිසගේ ජංගම දුරකථන සබඳතා අත්හිටුවීය.

ෆ කලහකාරී සිද්ධීන්වලට සම්බන්ධ වූවන්ගේ සිවිල් නිදහස්‌ සීමිත කාලසීමාවකට නතර කිරීම

ෆ කලහකාරීන් පදිංචිව සිටි රජයේ නිවාසවලින් දොට්‌ට දැමීම

ෆ මානව හිමිකම් පනත සංශෝධනය කිරීම

නීතිය සියතට ගැනීමට අපි කිසිවකුට ඉඩ නොදෙන්නෙමු. කලහකාරීන්ට මා දෙන පණිවුඩය එයයි යෑයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා තවදුරටත් කියා සිටියේය.

එසේනම් නැගෙනහිර කලහකාරීන්ට "නීතිය" සියතට ගැනීමට ඉඩදිය යුතුද?

කින්නියා නාවික කඳවුරට ප්‍රහාර එල්ලවූයේ "ගී්‍රස්‌ යකා" යෑයි කියන පුද්ගලයකු එම කඳවුරට ඇතුළු වූ බවට ප්‍රචාරය වීමෙනි. මේ ගී්‍රස්‌ යකා කඳවුරට ඇතුළුවී ඇත්තේ මෝටර් රියකිනි. මෙය හාස්‍යජනක සිද්ධියක්‌ නොවේද?

දැන් ගී්‍රස්‌ යකා වැල්ලවත්ත ප්‍රදේශයට ද ගොස්‌ ඇත. ඉදිරි සතියේදී එය යාපනයට, ත්‍රිකුණාමලයට, මට්‌ටක්‌කුලියට, කොටහේනට හා හැඳළ ඇතුළු වෙනත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත වනු නියතය.

මෙලෙස දියත් වන ප්‍රචාරවලට දේශපාලන පසුබිමක්‌ ඇත. ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් ඊට සහභාගිවීමෙන්ඒ බව සනාථවේ.

කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.