බරක්‌ ඔබාමාගේ උප්පැන්න ගැන සැකකළ
ගුවන් හමුදා සැරයන්වරයා සේවයෙන් නෙරපයි


ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාගේ උපන් රට පිළිබඳ සැක පහළ කළ ගුවන් හමුදා සැරයන්වරයෙක්‌ ඇමරිකානු ගුවන් හමුදාව විසින් සේවයෙන් ඉවත් කර ඇත.

ජර්මනියේ ඇමරිකානු කඳවුරක සේවය කළ සැරයන් ඩායන් ටෝරන් මෙසේ ඉවත් කර තිබේ.

නව වසරක්‌ තිස්‌සේ ගුවන් හමුදාවේ සේවය කළ ඩායන් පවසන්නේ ඔබාමා ඇමරිකාවේ පුරවැසියකු නොවන බවත්, ඒ නිසාම ඇමරිකානු ජනාධිපති ධුරය සහ සේනාධිනායක ධුරය දැරීමට ඔහු නුසුදුසු බවයි.

මේ වසරේදී ඒ අයුරින්ම ඔබාමාගේ උප්පැන්න ලියවිලි ගැන සැකකළ හමුදා වෛද්‍යවරයකු ඇµaගනිස්‌තානයට යැම ප්‍රතික්‌ෂේප කිරීම නිසා මාස හයක සිරදඬුවමක්‌ නියම විය.

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.