2011 අගෝස්‌තු 20 සෙනසුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Circulation
    ADVERTISING
   RATES
    
    Submit Your Opinion
    contact webmaster

වෛද්‍ය උපාධිය
මුදලට විකිණේ!

විදේශ වෛද්‍ය උපාධියක්‌ පිරිනමන බව සඳහන් කරමින් මීට දෙවසරකට පමණ පෙර මාලබේ පිහිටුවූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට දේශීය වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා අවසර දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

කොටි භාවිත කළ අත්බෝම්බයක්‌
පාර්ලිමේන්තුව අසල ළඳු කැලෑවකින් හමුවේ
එම ජීව අත්බෝම්බය හමුවූ ස්‌ථානය අසලදී ගිනි අවි ගනුදෙනුවක්‌ සිදුවන බවට නුගේගොඩ කොට්‌ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව එම අංශය කළ සෝදිසියකදී මෙම ජීව අත් බෝම්බය සොයාගෙන ඇත. එහෙත් එම ස්‌ථානයට යන විට අවි ගනුදෙනුව සිදුකළ බව කියන පුද්ගලයන් අතුරුදන්ව සිට ඇතැයි බුද්ධි අංශය කියයි.

දෙවැනි අදියරේ වැටුප් වැඩි කිරීමේ යෝජනා මහා භාණ්‌ ඩාගාරයට නොයෑව්වොත් යළි වෘත්තීය ක්‍රියා
- සරසවි ඇදුරු සමිති සම්මේලනය කියයි
එම යෝජනා 30 වැනිදාට පෙර නොයවන්නේ නම් අත්හිටුවූ වෘත්තීය ක්‍රියාමාර්ග යළි සලකා බැලීමට සිදුවන බව අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේය.

ජාතික අධ්‍යාපන
කොමිසම නිෂ්ක්‍රීය වෙයි
කොමිෂන් සභාව ගන්නා ප්‍රතිපත්තිමය තීරණ හෝ සමීක්‍ෂණ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර කොමිෂන් සභා සාමාජිකයන් විසින් අනුමත කරනු ලැබිය යුතුය.

ඇමෙරිකා-ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු වැඩසටහනක්‌
මෙවර අභ්‍යාසයේදී මානුෂීය ආධාර හා ආපදා සහන සේවා ගුවනින් ලබාදීම පිළිබඳව වැඩි අවධානය යොමු කෙරේ.

රජයේ ඉඩම් අක්‌කර
400 ක්‌ හොර ඔප්පු හදා නොරටුන්ට විකුණලා
රුපියල් කෝටි 20 ක්‌ පමණ වටිනා කල්පිටිය ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩම් අක්‌කර හාරසීයක්‌ සක්‌විතිලා දෙදෙනකු විසින් පෞද්ගලික ඉඩම් ලෙස හොර ඔප්පු සකස්‌ කොට විදේශිකයන්ට නීති විරෝධී ලෙස විකුණා ඇත.

ඖෂධ නීතිගත සංස්‌ථාව ආනයනය කළ කෝටි 13 ක බෙහෙත් භාවිතයෙන් ඉවතට
මෙසේ කල් ඉකුත් වූ ඇතැම් බෙහෙත් වර්ග වෛද්‍ය සැපයුම් අංශ හා ඖෂධ සංස්‌ථා ගබඩා තුළදීම භාවිතයට නොගැනීම නිසා කල් ඉකුත්ව ගොස්‌ ඇතැයි ඖෂධ සංස්‌ථා ආරංචි මාර්ග පවසයි.

මාලබේ පෞද්ගලික
වෛද්‍ය විද්‍යාලය

පහේ ශිෂ්‍යත්ව
විභාගය හෙට
සිසු සිසුවියෝ තුන්ලක්‌ෂ විසිඑක්‌දහසකට අධික පිරි සක්‌ මෙම විභාගයට පෙනී සිටිති.

ද්වි භාෂාවෙන් ත්‍රි භාෂාවෙන් වැඩකරන
ආයතනවලට ප්‍රමිති සහතිකයක්‌
ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලු ජනවර්ගයන්ට එක හා සමාන සේවාවක්‌ ලබාදීම අරමුණු කරගෙන මෙම ක්‍රමය දීප ව්‍යාප්තව ක්‍රියාත් මක කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

බීමත් දුම්රිය සේවකයෝ මරදාන
දුම්රියපළේ ජනෙල්-වීදුරු කඩති
සිද්ධියකට අදාළ එම දුම්රිය සේවකයන් පස්‌දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්‌ඨාස අපරාධ බුද්ධි ඒකකය (17) රාත්‍රී සමත්විය.

බටහිර බලවේග රජය පෙරළීමට සැඟවුණු
න්‍යාය පත්‍රයක්‌ සකස්‌ කරලා
- ආරක්‍ෂක ලේකම්
අවතැන් වූවන් 300,000 ක පිරිසක්‌ නැවත පදිංචි කිරීමටත් බිම් බෝම්බ ඉවත් කිරීමටත් හිටපු කොටි ත්‍රස්‌තවාදීන් පුනරුත්ථාපනය කිරීමටත් රජය ක්‍රියා කළත් අපි කුමන පියවර ගත්තත් මේ සාවද්‍ය චෝදනාවල අවසානයක්‌ නැතැයිද රාජපක්‍ෂ මහතා කීය.

ලොකු ලූනු, අල හා සුදු ලූනු සඳහා ආනයන බදු වැඩිවේ
ආනයනික ලොකු ලූනු කිලෝවක්‌ සඳහා ආනයන බද්ද රුපියල් දහයකින්ද, අල කිලෝවක්‌ සඳහා රුපියල් පහකින්ද, සුදුලූනු කිලෝවක්‌ සඳහා රුපියල් 15 කින්ද වැඩි කර තිබේ.

ග්‍රීස්‌ යකෙක්‌ ගැන බොරු ප්‍රචාර කර
අධිකරණයෙන් දැඩි අවවාද ලබයි
මෙලෙස අවවාද කර මුදා හරිනු ලැබුවේ ආදුරුප්පු වීදිය පදිංචි මොහොමඩ් පිරිදවුස්‌ මොහොමඩ් රිස්‌කාන් නමැති අයයි.

  • ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් දෙපිලම
    අද උණුසුම් තරගයක!

    "තෙවැනි තරගය ක්‍රීඩා කළ ආකාරයට අපිට මේ තරගය ජය ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා අපේ පන්දු රැකීම සහ පිතිකරුවන් හොඳින් මේ තරගයේදී තම යුතුකම් ඉටු කරයි කියල. කොහොමත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අපිට වැඩි වාසියක්‌ ලැබෙයි කියල විශ්වාස කරනවා." යනුවෙන් ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.


Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.