නිල කාලය අවසන් වී මාස 4 ක්‌
ජාතික අධ්‍යාපන කොමිසම නිෂ්ක්‍රීය වෙයි

නිලන්ත මදුරාවල

නිල කාලය අවසන් වී මාස හතරකට අධික කාලයක්‌ ගත වී ඇති ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මෙතෙක්‌ පත්කර නැත. අධ්‍යාපන ක්‌ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගිනි. කොමිෂන් සභාව ගන්නා ප්‍රතිපත්තිමය තීරණ හෝ සමීක්‍ෂණ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර කොමිෂන් සභා සාමාජිකයන් විසින් අනුමත කරනු ලැබිය යුතුය.

පාසල් සිසුන් පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව සමීක්‌ෂණ වාර්තාවක්‌ සකස්‌ කර ඇතත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා එය අනුමත කිරීමට නොහැකි වී ඇත. මීට අමතරව පාසල් අධීක්‌ෂණයට අදාළව තවත් සමීක්‌ෂණ වාර්තාවක්‌ සකස්‌ කෙරෙමින් පවතින බවද දැනගන්නට තිබේ.

කොමිෂන් සභාව නිල වශයෙන් පත් කිරීම දිගින් දිගටම කල්ගතවීම නිසා අධ්‍යාපන ක්‌ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක්‌ ඇතිවිය හැකි යෑයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.