ඇමෙරිකා-ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු වැඩසටහනක්‌

ජනිත සෙනෙවිරත්න - ලසිත දුමින්ද

ඇමරිකානු හා ශ්‍රී ලංකා ගුවන් හමුදා එක්‌ව සංවිධානය කරන "පැසිµsක්‌ එයාර් ලිµaට්‌ 2011" ඒකාබද්ධ පුහුණු වැඩසටහන අගෝස්‌තු 22 දා සිට 26 දා දක්‌වා රත්මලාන ගුවන්තොටුපළේදී පැවැත්වේ.

මේ වැඩසටහන ඇමරිකා එක්‌සත් ජනපද ශාන්තිකර ගුවන් හමුදාව විසින් ආසියා ශාන්තිකර රටවල් සඳහා පවත්වනු ලබන්නකි. මෙවර අභ්‍යාසයේදී මානුෂීය ආධාර හා ආපදා සහන සේවා ගුවනින් ලබාදීම පිළිබඳව වැඩි අවධානය යොමු කෙරේ.

මේ සඳහා ඔස්‌ටේ්‍රලියාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලාඕසය, මාලදිවයින, මලයාසියාව, මොන්ගෝලියාව, නේපාලනය, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය, ටොන්ගාවා, ඇමරිකාව හා වියට්‌නාමය යන රටවල් සහභාගි වෙති.

ජපානයේ රඳවා ඇති ඇමරිකානු ගුවන්යානා තුනක්‌ මලයාසියානු ගුවන් හමුදා යානා, ඔස්‌ටේ්‍රලියානු ගුවන් හමුදා යානා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා යානා මෙහිදී ක්‌ෂේත්‍ර පුහුණුවේ යෙදේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.