කොළඹ ඉඩම් රෙජිස්‌ට්‍රාර් හා නි. රෙජිස්‌ට්‍රාර්
අත්අඩංගුවට ගන්නැයි විනිසුරු නියෝගයක්‌

සිතාසි යවා තිබියදීත් අධිකරණයට පැමිණ නෑ


ඒ. ඡේ. ඒ. අබේනායක

සාක්‌ෂි ලබාදීම සඳහා පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබියදීත් අධිකරණය හමුවේ පෙනීනොසිටි කොළඹ ඉඩම් රෙජිස්‌ට්‍රාර්වරයා සහ නියෝජ්‍ය රෙජිස්‌ට්‍රාර්වරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා වරෙන්තු නිකුත් කළේය.

එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුයේ පද්ම බණ්‌ඩාර කිත්සිරි සහ රෙක්‌ස්‌ හිලරි ජෝශප් ප්‍රනාන්දු නමැත්තන්ටය.

ඉඩම් ඔප්පු පිටපතක්‌ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රයට වලංගු මුද්දර බව අඟවා පාවිච්චි කළ රුපියල් 17,079 මුද්දර අලවා වංචා කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් වි. කේ. කරුණාරත්න නමැත්තාට එරෙහිව පවරා තිබූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිදීම සඳහා එම නිලධාරීන් කැඳවා සිතාසි නිකුත් කොට තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.