රජයේ ඉඩම් අක්‌කර 400 ක්‌ හොර
ඔප්පු හදා නොරටුන්ට විකුණලා


ප්‍රියදර්ශන ලියනගේ

රුපියල් කෝටි විස්‌සක්‌ පමණ වටිනා කල්පිටිය ආලන්කුඩා ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩම් අක්‌කර හාරසීයක්‌ සක්‌විතිලා දෙදෙනකු විසින් පෞද්ගලික ඉඩම් ලෙස හොර ඔප්පු සකස්‌ කොට විදේශිකයන්ට නීති විරෝධී ලෙස විකුණා ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයින" ට පැවැසීය.

පෞද්ගලික ඉඩමක්‌ ලෙස ව්‍යාජ ඔප්පු සකස්‌ කොට විකුණා ඇති ආලන්කුඩා ඉඩම රජයේ මිනින්දෝරු ජනරාල්වරයාගේ අංක 3296 දරන පිඹුරු පතෙහි කැබැලි අංක 16 සිට 49 දක්‌වා රජයේ ඉඩමක්‌ ලෙස නිශ්චිතව හඳුනාගෙන ඇත. ඒවගේම මෙම ඉඩම අංක 11670 දරන සහ 20/02/1959 දින දරන රජයේ ගැසට්‌ පත්‍රයෙන් හා 1972 දී පළවූ අංක 22 දරන සහ 25/08/1972 දින දරන රජයේ ගැසට්‌ පත්‍රයෙන් අක්‌කර 445 කින් සමන්විත රජයේ ඉඩමක්‌ ලෙසට ගැසට්‌ කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.