ද්වි භාෂාවෙන් ත්‍රි භාෂාවෙන් වැඩකරන
ආයතනවලට ප්‍රමිති සහතිකයක්‌


අනුර බාලසූරිය

ද්වි භාෂාවෙන් (සිංහල, දෙමළ) හා ත්‍රිභාෂාවෙන් (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) සියලු කටයුතු කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා ප්‍රමිති සහතිකයක්‌ හා ලාංඡනයක්‌ හඳුන්වාදීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා තීරණය කර ඇත.

ඉදිරියේ දී හඳුන්වාදීමට සැලසුම් කර ඇති මෙම ප්‍රමිති ලාංඡනය හිමිවන ආයතනවලට ගුණාත්මක අතින් ඉහළ මහජන සේවාවන් සපයන ආයතන වශයෙන් විශේෂ පිළිගැනීමක්‌ හා කීර්තියක්‌ හිමිවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලු ජනවර්ගයන්ට එක හා සමාන සේවාවක්‌ ලබාදීම අරමුණු කරගෙන මෙම ක්‍රමය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

සියලුම ශ්‍රී ලාංකිකයන්ට තම මව් භාෂාවෙන් සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් තම අවශ්‍යතා හා සේවා ඉටුකර ගැනීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට අනුව මෙය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයිද හෙතෙම පැවැසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.