වවුනියා සුඩවේන්දපිලව් ගම්වැසියෝ
සිවිල් ආරක්‍ෂක පිරිසකට පහර දෙති


දිනසේන රතුගමගේ

තමන් බියපත් කිරීමට හා කොල්ලකෑමට පිරිසක්‌ තම ගමට පැමිණියේ යෑයි කියමින් වවුනියාවේ සුඩවේන්දපිලව් මුස්‌ලිම් ගම්මානයේ වැසියන් 18 දා රාත්‍රි සිවිල් ආරක්‍ෂක නිලධාරීන් පිරිසකට පහරදී තිබේ.

මේ පහරදීමෙන් සිවිල් ආරක්‍ෂක භටයන් තිදෙනකු තුවාල ලබා ඇති අතර ආරවුල සමථයකට පත්කිරීමට ගිය පොලිස්‌ සැරයන්වරයකුද තුවාල ලබා තිබේ. තුවාලකරුවන් හතර දෙනාම මේ වන විට වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

වවුනියාව පෙරියඋලුක්‌කුලම ප්‍රදේශයේ සිවිල් ආරක්‍ෂක භටයන් පිරිසක්‌ මසුන් මැරීම සඳහා සුඩවේන්දපිලව් මුස්‌ලිම් ගම්මානයේ වැවට ගොස්‌ මසුන් අල්ලා ගැනීමට නොහැකිව ආපසු එමින් සිටියදී මේ ප්‍රහාරයට ලක්‌ව තිබේ. මුස්‌ලිම් වැසියන් 400 ක්‌ පමණ එක්‌ව සිදුකළ මෙම පහරදීම මැඩපැවැත්වීමට පොලිසියට අමතරව යුදහමුදාව කැඳවීමටද සිදුව තිබේ.

වවුනියාව පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.