තැපැල්පතිට එල්ල වූ චෝදනා විභාග කළ
කමිටුවේ අවසන් වාර්තාව අමාත්‍යාංශ ලේකම්ට


ප්‍රියදර්ශන ලියනගේ

තැපැල්පතිවරයාට එල්ලවී ඇති වංචා දූෂණ චෝදනා විභාග කිරීම සඳහා රජය විසින් පත් කළ මහාධිකරණයේ හිටපු විනිශ්චයකාර නිහාල් සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව ලබන සතියේදී තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදීමට නියමිතව ඇතැයි වාර්තා වේ. මෙම කමිටු වාර්තාව නිල වශයෙන් තැපැල් සේවා අමාත්‍යාංශය වෙත ලැබුණු පසු තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුට නියත වශයෙන්ම තම තනතුර අහිමි වනු ඇතැයි තැපැල් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

නිහාල් සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව මාස තුනකට අධික කාලයක්‌ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් වාචිකව සහ ලිතව සාක්‍ෂි විමසීම සිදුකරන ලදී. අවසානයේදී තැපැල්පතිවරයාවද කමිටුව හමුවට කැඳවනු ලැබූ අතර ඔහුගෙන් ද දීර්ඝ වශයෙන් කරුණු විමසනු ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.