නුවරඑළිය මහ නගර සභා ඡන්දය සඳහා
ජාතික කම්කරු සංගමය සන්ධානය හා එක්‌වෙයි


හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය මහා නගර සභාව සඳහා ජාතික කම්කරු සංගමය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමග එක්‌ව තරග කිරීමට තීරණය කළ බව ජාතික කම්කරු සංගමයේ නායක නුවරඑළිය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පැවසීය.

මේ පිළිබඳව කළ විමසීමකදී වැඩිදුරටත් කරුණු දැක්‌වූ පලනි දිගම්බරන් මහතා නුවරඑළිය මහනගර සභාව සඳහා තම සංගමයේ එක්‌ අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවත් ඔහු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කරන බවත් පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.