සිරිකොත පාර කාපට්‌ කරන්න තිබූ හදිසිය කුමක්‌ද

රනිල් ධර්මසේන

එක්‌සත් ජාතික පක්‍ෂ මූලස්‌ථානය වන "සිරිකොත" ඉදිරිපිට මාර්ගය හදිසියේම කාපට්‌ කිරීමට තිබූ හේතුව කුමක්‌දැයි කරුණු දක්‌වන්න යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ එක්‌ කණ්‌ඩායමක්‌ පසුගිය 17 වැනිදා සිරිකොත ඉදිරිපිට සත්‍යග්‍රහයක්‌ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එදිනම මාර්ගය කාපට්‌ කිරීම සඳහා මාර්ගය දෙපස වසා දමන ලදී. මේ හේතුවෙන් එම මාර්ගයේ පදිංචිකරුවන්ට හැර සෙසු පිරිස්‌වලට මාර්ගයට ඇතුල්වීමට අවසර නොලැබුණි. මාර්ගය අලුත්වැඩියා කිරීමට හදිසියක්‌ තිබුණේ ද තිබුණේ නම් ඒ කුමටදැයි කරුණු දක්‌වන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දී ඇතැයි රඹුක්‌වැල්ල මහතා (18 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ නායකත්වයේ රඳවා ගැනීමට රජයට කිසිදු අවශ්‍යතාවක්‌ නැතැයි කී ඒ මහතා ජාතිකමය වැදගත් යම් යම් කරුණුවලදී රජයත්, වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එජාපයත් අතර එකඟතාවක්‌ ඇතිව කටයුතු කළ අවස්‌ථා පැවැති බව ද කියා සිටියේය. ලියම් ෙµdක්‌ස්‌ අවබෝධතාව මත හා සුනාමි ව්‍යසනය, චැනල් 4 සිද්ධිය ඊට උදාහරණ ලෙස දැක්‌විය හැකි යෑයි ද හෙතෙම කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.