ළමයින්ගේ ආරක්‍ෂාවට ඇති සියලූ ආයතන ඒකාබද්ධ කෙරේ

තුෂාරී කළුබෝවිල

ළමයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සියලුම ආයතන ඒකාබද්ධ කරමින් ක්‍රියාකාරී මධ්‍යස්‌ථාන දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් පිහිටුවීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.

දරුවන් සම්බන්ධ ගැටලුවකදීá එම දරුවාගේ ආරක්‍ෂාව ක්‍ෂණිකව තහවුරු කළ යුතු අවස්‌ථාවන්වලදී ඊට වගකිවයුතු ක්‍රියාකාරී ආයතන එකිනෙකට සම්බන්ධීකරණය නොවීමෙන් එවැනි දරුවන්ට වැඩි කාලයක්‌ අනාරක්‍ෂිතව සිටීමට සිදුවන බැවින් මෙම පියවර ගෙන ඇත.

නිලධාරීන් හා ආයතනවල ක්‍රියාකාරිත්වය ප්‍රමාද වීම නිසා අවදානමට ගොදුරු වූ දරුවන් පිළිබඳව ද පුවත්පත් මගින් වාර්තාවී තිබිණි.

මෙම මධ්‍යස්‌ථාන ළමා කේන්ද්‍රීය මධ්‍යස්‌ථාන ලෙස නම් කර ඇති අතර දිස්‌ත්‍රික්‌ ළමා සංවර්ධන කමිටු විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරී ඒකක ලෙස ද එම මධ්‍යස්‌ථාන කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ පළමු ළමා කේන්ද්‍රීය මධ්‍යස්‌ථානය පසුගියදා කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථාපිත කළ අතර මන්නාරම හා මුලතිව් දිස්‌ත්‍රික්‌කවල ද එම මධ්‍යස්‌ථාන කඩිනමින් ආරම්භ කරන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති නන්දා ඉන්ද්‍රවංශ මහත්මිය zzදිවයිනZZ ට පැවසුවාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.