බටහිර බලවේග රජය පෙරළීමට සැඟවුණු
න්‍යාය පත්‍රයක්‌ සකස්‌ කරලා

- ආරක්‍ෂක ලේකම්


කීර්ති වර්ණකුලසූරිය සහ ප්‍රභාත් විතාන

යුධ අපරාධ චෝදනා එල්ලකරමින් බටහිර බලවේග රජය පෙරළා දැමීම සඳහා සැඟවුණ න්‍යාය පත්‍රයක්‌ සකස්‌ කර ඇතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (18 දා) සවස පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ජාතික සංවිධාන එකමුතුව විසින් zzසාවද්‍ය යුද අපරාධ චෝදනා කුමන්ත්‍රණය පරාජය කරමුZZ මැයෙන් කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවැති සමුළුව අමතමිනි.

බටහිර බලවේගවල අරමුණු ජනාධිපති සහ රජය ඉටු කළේ නැහැ. ඒ නිසා ඔවුන්ට රජයත් ජනාධිපතිත් වෙනස්‌ කිරීමේ අවශ්‍යතාවය මතුවී තිබෙනවා යෑයි ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

අවතැන් වූවන් 300,000 ක පිරිසක්‌ නැවත පදිංචි කිරීමටත් බිම් බෝම්බ ඉවත් කිරීමටත් හිටපු කොටි ත්‍රස්‌තවාදීන් පුනරුත්ථාපනය කිරීමටත් පැවැති යුද කලාපයේ මැතිවරණ පැවැත්වීමටත් රජය ක්‍රියා කළ බව කීවේය.

එහෙත් අපි කුමන පියවර ගත්තත් මේ සාවද්‍ය චෝදනාවල අවසානයක්‌ නැතැයිද රාජපක්‍ෂ මහතා කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.