ඕමන්ත සිට යාපනේ පලෙයි දක්‌වා
දුම්රිය මාර්ගය ඉදිකිරීමට වසර 2 ක්‌


බිම්බෝම්බ ඉවත් කර ඇත්තේ කි. මී. 60 ක පමණයි

දිනසේන රතුගමගේ

වවුනියාවේ ඕමන්තේ සිට යාපනයේ පලෙයි දක්‌වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඉන්දීය සමාගම් දෙකක්‌ විසින් ආරම්භ කොට ඇතත් කි. මී. 160 කට ආසන්න එම මාර්ගයේ මෙතෙක්‌ බිම් බෝම්බ ඉවත් කොට ඇත්තේ කි. මී. 60 ක දුරක පමණක්‌ බව ඉන්දීය සමාගම් පෙන්වා දෙයි.

බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කොට ඇති බව ප්‍රකාශ කරන ඉන්දීය සමාගම වසර දෙකක්‌ මේ සඳහා ගතවන බවට ඇස්‌තමේන්තු කොට තිබේ.

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම් තොට දක්‌වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතුද තවත් ඉන්දීය සමාගම් දෙකක්‌ විසින් ආරම්භ කොට ඇති අතර එම ව්‍යාපෘතිය වසර 1 1/2 කින් පමණ කළ හැකි බව ඔවුහු පවසති.

ඉන්දීය සමාගම් විසින් උතුරේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී ශ්‍රී ලාංකිකයන් 4000 කට සෘජු රැකියා අවස්‌ථාද තවත් 9000 කට වක්‍ර රැකියා අවස්‌ථාවන් ද උදාවී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.