දෙබරු ආවේ ගලේවෙලින්
රංජිත් මද්දුම බණ්‌ඩාර කියයි


නෝමන් පළිහවඩන

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පෙරේදා ආරම්භ කළ සත්‍යග්‍රහ ව්‍යාපාරයේදී සොයාගනු ලැබූ දෙබර කූඩු දෙක බස්‌ ව්‍යාපාරිකයකු විසින් ගලේවෙල සිට ගෙනවිත් ඇති බව දැනගැනීමට ලැබුණු බව මොණරාගල දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

මෙම බස්‌ ව්‍යාපාරිකයා සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව දෙබර කූඩු දෙකක්‌ ගෙන එන ලෙස ගලේවෙල පුද්ගලයකුට බැංකුවක්‌ මගින් මුදල් යවා ඇති බව තමාට දැනගැනීමට ලැබුණු බවද කී රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා මින් ඉදිරියට ඕනෑම සත්‍යග්‍රහයක්‌ හෝ උද්ඝෝෂණයක්‌ ඔහු විසින් දෙබරු ලවා විසුරුවා හැරීමට බොහෝදුරට ඉඩ තිබෙන බවද කීවේය.

දෙබරු ප්‍රවාහනය කිරීම පිළිබඳව පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන ලෙසද රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා සිටී. දෙබරු ඇවිස්‌සී සත්‍යග්‍රහයේ යෙදී සිටි අයට පහර දුන්නේනම් කීපදෙනකු මිය යැමට ඉඩ තිබූ බවද හෙතෙම කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.