බීමත් දුම්රිය සේවකයෝ මරදාන දුම්රියපළේ ජනෙල්-වීදුරු කඩති

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

බීමත්ව මරදාන දුම්රිය ස්‌ථානයේ කලහකාරී ලෙස හැසිරෙමින් එහි දේපලවලට පහරදෙමින් හානි සිදුකළ බව කියන සිද්ධියකට අදාළ එම දුම්රිය සේවකයන් පස්‌දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්‌ඨාස අපරාධ බුද්ධි ඒකකය (17 වැනිදා) රාත්‍රී සමත්විය.

අදාළ සේවකයන් එම දුම්රිය ස්‌ථානයේ ජනෙල් වීදුරුවලට පහරදෙමින් දේපළ හානි සිදුකළ බවට දුම්රිය ස්‌ථානාධිපතිවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකාර සේවකයන් අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.

බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් රජයේ දේපලවලට අලාභහානි කිරීම යන චෝදනාව යටතේ සැකකාර දුම්රිය සේවකයන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරගෙන යන බවද එම ඒකකය කියයි.

කොළඹ මධ්‍යම කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මැකාටි පෙරේරා මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ මධ්‍යම කොට්‌ඨාස අපරාධ බුද්ධි ඒකකය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.