උගතුන්, සාහිත්‍යධරයන් හිර කිරීම
රටේ මුළු ජනතාව හිරකර දැමීමක්‌
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

56 මේ රටේ ඇතිවුණ සංස්‌කෘතික විප්ලවයට
මුල් වුණේ ඥානසීහ හාමුදුරුවෝ
ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න

රත්නපුර - ධර්මප්‍රිය ලියනආරච්චි

ජනතාව පිළිගත් උගතුන්, සාහිත්‍යධරයන් අල්ලා හිර කිරීම හරියට ඒ රටේ මුළු ජනතාවම හිරකර දැමීමක්‌ වගෙයි. මෙහිදී මට මතක්‌ වෙන්නෙ වරක්‌ ප්‍රංශ ජනාධිපතිව සිටි ඩිගෝල් කළ ප්‍රකාශයක්‌. එදා එතුමාගෙ කැබිනට්‌ මණ්‌ඩලය එතුමාගෙන් ඉල්ලා සිටියා එවකට ප්‍රංශයේ හිටි ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයකු වූ සාතිව අල්ලා හිරකරන්න එතකොට ඩිගෝල් ඔවුන් ගෙන් ප්‍රශ්න කළේ ඔබ කියන්නේ මට මුළු ප්‍රංශ ජනතාවම හිරකරන්නද කියලයි.

අපේ හේන්පිටගෙදර ඥානසීහ පණ්‌ඩිත හාමුදුරුවන්ව හිරභාරයට අරගෙන එදා මේ රටේ හිටපු පාලකයො කළේත් ඒ දෙයමයි.

ඒත් ඥානසීහ හාමුදුරුවන්ට හිර ගෙදර හිර ගෙයක්‌ වුණේ නැහැ. උන්වහන්සේ පන්සලත් රජ ගෙයත් හිරගෙයත් එක සේ සලකල රටේ පෑගෙන පීඩිත ජනතාව වෙනුවෙන් වැඩ කළා යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවැසුවේ රත්නපුර සිරිසුමන පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිටි ශ්‍රී ලංකා රාමCඳ්Cඳ මහා නිකායේ අධිකරණ සංඝනායක රාජකීය පණ්‌ඩිත හේන්පිටගෙදර ඥානසීහ නාහිමිපාණන්ගේ තිස්‌වැනි ගුණ සමරුවට සහභාගි වෙමිනි.

එම ගුණ සමරු පිංකම පෙරේදා (18 වැනිදා) පස්‌වරුවේ රත්නපුර සිරිසුමන පිරිවෙන් විහාරයේදී පැවැත්විණි.

එයට සමගාමීව විහාර භූමියේ ඉදිවන සම්බුද්ධත්ව ජයන්ති මහා සෑයේ කොත නිරාවරණය සහ ඥානසීහ හිමි අනුස්‌මරණ කෞතුකාගාරයේ කොත නිරාවරණය ද ජනාධිපතිතුමන් අතින් සිදුවිණි.

පිරිස පන්සිල්හි පිහිටුවීම බලගල්ල සරස්‌වතී පිරිවෙනේ අධිපති අනුනායක හපුවලානේ සිරිනිවාස හිමිපාණන් විසින් සිදු කරනු ලැබූහ. පිළිගැනීම සිදු කළේ රත්නපුර පුරපති චJද්‍රදාස ජයසිංහ මහතාය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හේන්පිටගෙදර ඥානසීහ පණ්‌ඩිත හාමුදුරුවෝ සමාජවාදය පිළිබඳ හොඳ දැනුමක්‌ අවබෝධයක්‌ ලබා සිටි මහ තෙර නමක්‌. උන්වහන්සේ ඒ දැනුම දුප්පත් ජනතාවගේ සුවසෙත සඳහා යෙදවූවා. උන්වහන්සේගේ තිස්‌වැනි ගුණ සමරු පින්කමට සහභාගි වෙන්න ලැබුණ ආරාධනාව අවිවේකී අවස්‌ථාව වුණත් ඉතා සතුටින් මම භාර ගත්තා.

නායකත්වයට ගෙනවිත් රටේ නායිකාව පමණක්‌ නොවෙයි මුළු ලෝකෙම පළමු අගමැතිනිය බවට පත්කරන්න මූලිකව කටයුතු කළේ හේන්පිටගෙදර ඥානසීහ හමුදුරුවොයි.

එපමණක්‌ නොවෙයි. එක්‌සත් ජාතික පක්‍ෂය අර්බුදයකට පත්වුණ අවස්‌ථාවේ බණ්‌ඩාරනායක මහතා ඩී. ඒ. රාජපක්‍ෂ මහතා වැනි අය එකතු කරල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගොඩනගලා මේ රටේ නිර්ධන පංතිය ආරක්‍ෂා කරගන්න උන්වහන්සේගෙන් ලැබුණ අනුශාසනාව ඉතාමත් විශාලයි.

රටේ මිෂනාරි අධ්‍යාපනය බලවත්ව පැවැති අවධියක පිරිවෙන් සහ බෞද්ධ පාඨශාලා ගණනාවක්‌ ආරම්භ කරල ග්‍රන්ථ හතළිස්‌ පහකට වැඩි ප්‍රමාණයක්‌ ලියපු මහා තෙරනමකට උපහාර දක්‌වන්න ලැබීමත් මම ලබපු භාග්‍යයක්‌.

උන්වහන්සේ ශරීරයෙන් සිරගත කළත් සිතුවිලි වලින් සිරගත වුණේ නැහැ. අපව දිරිමත් කරන්න අනුශාසනා කරපු ආකාරය අදත් මගේ මතකයේ තියෙනවා. උන්වහන්සේගේ ගුණ සමරු උත්සවයට සහභාගි වීමෙන් මම මගේ වගකීමත් ඉටු කළා. අරමුණු පැහැදිලි කරමින් අනුශාසනය සිදුකළ මුද්දුව සිරිසුමන පිරිවෙන් විහාරාධිපති රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය කොන්ගස්‌තැන්නේ ආනන්ද හිමිපාණෝ,

හේන්පිටගෙදර ඥානසීහ නායක හාමුදුරුවො රත්නපුරයට වැඩම කළේ 1934 දී. එදා මෙතන තිබුණේ අම්බලමක්‌. ඒ අම්බලම අද බෞද්ධ අධ්‍යාපන කේJද්‍රස්‌ථානයක්‌. 1944 දී පාතකඩ භික්‍ෂු අභ්‍යාස ආයතනය ආරම්භ කළේ භික්‍ෂු විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කිරීමේ අරමුණෙන්.

නමුත් හිතන තරමට සංවර්ධනයක්‌ වෙන බවක්‌ පෙනෙන්නට නැහැ. ඒකට රහසක්‌ තියෙනවා. අපේ ඥානසීහ නායක හාමුදුරුවො මෙයට අවුරුදු 30 කට උඩදී ඒ රහස දුටුවා. උන්වහන්සේ කිව්වේ මේ රටේ සංවර්ධනයට සමහර අය එන්නේ පස්‌සෙන් මල්ලක්‌ එල්ලගෙන කියලා.

අන්න ඒ විදියට පස්‌සෙන් මල්ලක්‌ එල්ලගෙන එන අයයි මේ රට සංවර්ධනයට බාධා කරන්නේ.

මේ රටේ සංවර්ධනයට ලැබෙන මුදල් වලින් සියයට පනහක්‌ පමණයි ප්‍රයෝජනයට ගන්නේ.

රාජකාරිය කරන සමහරු තමන්ගෙ වගකීම හරියට ඉටු කරන්නෙ නැහැ. ඒ නිසා ජාත්‍යන්තරය හමුවේ අපි අපකීර්තියට පත්වෙනවා. ඥානසීහ පණ්‌ඩිත හාමුදුරුවො මේ තත්ත්වය මතු දැක්‌මෙන් තේරුම් කරල දුන්නා. අනුශාසනා කළා. අද ප්‍රකාශයට පත්වන උන්වහන්සේගේ කෘති වලිනුත් කියෑවෙන්නෙ ඒ දර්ශනයයි. පාලකයන් ඒවාට එරෙහි වෙලා උන්වහන්සේව හිරේ විලංගුවේ දැමුවෙත් ඒ නිසයි.

ශ්‍රී ලංකා රාමCඳ්Cඳ මහ නිකායේ ආරක්‍ෂක සභාවේ උප සභාපති සහ රාජ්‍ය පරිපාලන ස්‌වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා,

ලොවෙන් එකෙක්‌ එක දෙයකට වෙයි සමත යන කියමන ඥානසීහ හාමුදුරුවො බොරු කළා. උන්වහන්සේ බොහෝ දේවලට දක්‍ෂයෙක්‌ වුණා.

ඒත් නායකකම් ගන්න කැමැති වුණේ නැහැ. අවුරුදු තුනහමාරක්‌ හිරේ හිටිය. හිරේ හිටපු කාලය නිකං හිටියෙ නැහැ. උන්වහන්සේගෙ දැනුමෙන් වැඩ ගත්තා. පොත් පත් විශාල ප්‍රමාණයක්‌ ලියවුණේ ඒ කාලය තුළදීයි.

පනස්‌ හයේ මේ රටේ ඇතිවුණ සංස්‌කෘතික විප්ලවයට මුල් වුණේ උන්වහන්සේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට, අපට අද මේ තත්ත්වයන්ට එන්න ලැබුණේ උන්වහන්සේගේ ඒ වැඩපිළිවෙළ නිසා

කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ ද අනුශාසනාවක්‌ කළහ.

සබරගමු මහ සමන් දේවාල අරමුදලින් 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට ගෙන රත්නපුර දිස්‌ත්‍රික්‌කය තුළ නිවාස දහසක්‌ ඉදිකිරීමට ආරම්භ කොට ඇති ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්‍ෂ දාහතක්‌ සබරගමු සමන් දේවාලයේ බස්‌නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා විසින් ජනාධිපතිවරයාට ප්‍රදානය කරන ලදී.

මෙම අවස්‌ථාවට සබරගමු පළාත් ආණ්‌ඩුකාර වි. ජ. මු. ලොකුබණ්‌ඩාර, පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, සභාපති රංජිත් බණ්‌ඩාර සහ රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්‌කුඹුර යන මහත්වරුන් සහ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ගිහි පැවිදි විශාල පිරිසක්‌ සහභාගි වූහ.

ඥානසීහ නාහිමිපාණන් විසින් ලියන ලදුව මෙතෙක්‌ ප්‍රකාශයට පත් නොවී තිබුණ ග්‍රන්ථ කීපයක්‌ දොරට වැඩීම ද මෙහිදී සිදුවිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.